ළඟින් හිඳින්නම්
අසුරු සැණක් මම
මගේ නොවන සඳ
මේ නිල් අහසම
මෝදු වෙලා නුඹ
කවියක් වෙද්දී
සැඟවෙන්නම් මම
වලාකුළක් අග
වැහි කැට මෙතරම්
සීතල මන්දැයි
අසමිද කාගෙන්
කවුරුත් නැති සඳ
නුඹ හිනැහෙද්දී
ළඟින්ම ඉන්නට
හත්දින්නක් තරු
හිටියත් මඟ තොට
අමාවකක් වී
ඉකිබිඳිනා කල
කවුරුද සිටියේ
තුන් සිත පාමුල