සුදම් ඔයට ධනංජි තාරුකාව මුලින්ම මුණගැහුණේ කොහේදිද?
මට ධනංජිව මුලින්ම මුණගැහුණේ එයා රඟපාපු අවසන් ඉනිම ටෙලිනාට්‍යය රූගත කරන්න ඇවිත් ඉඳ්දි. ඊට කලින මම ධනංජිව රූපවාහිනියෙන් එහෙම දැකලා තිබුණා. හැබැයි එයා රඟපාපු ටෙලිනාට්‍ය එහෙම මම ඒ වෙනකොට වැඩිය බලලා තිබුණේ නැහැ. හැබැයි එයා හිටපු අබාන්ස් ඇඩ් එක මට හොඳට මතකයි. ඒ හැර වෙන විශේෂයක් තිබුණේ නැහැ.
දැකපු මුල්ම දවසේම ධනංජි එක්ක කතා කළාද?
ඔව්.. අපි නිකන් සාමාන්‍ය විදිහට කතා කළා. ඊට පස්සේ ඉතින් ෂූටිං කරන්න ආවම අපි නිතර නිතර මුණගැසුණා. කතාබහ කළා. ඊටපස්සේ ධනංජි මට හොඳ යාළුවෙක් වුණා.
(ඔන්න ඔහොමයි සුදම් එයාලගේ මුල්ම මුණගැසීම ගැන කිව්වේ. දැන් බලමුකෝ ධනංජි ඒ කතාවට මොකද කියන්නේ කියලා.)
සුදම්ව යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න සුදම්ගේ තිබුණ විශේෂත්වය මොකද්ද?
අවසන් ඉනිම ටෙලි නාට්‍යයේ ෂූටිං කරන්න ඇවිත් තමයි අපි මුලින්ම මුණගැසුණේ. ඒ රෑගතකිරීම් කරපු ගෙදරට එහා පැත්තේ ගෙදර තමයි සුදම්ගේ ගෙදර තිබුණේ. ඉතින් මුලින්ම හම්බවුණු පළවෙනි දවසෙම අපි ගුඩ් මෝනිං, හායි කියලා තමයි කතා කළේ. ඊටපස්සේ ටික දවසක් ගියාට පස්සේ යාළුවො විදිහට අපි නිතරම හම්බවුණා. අපේ කට්ටියත් එක්ක කතා කරන්න සුදම් අපි ඉන්න ගෙදරට එනවා. සුදම් හරි ප්‍රියමනාපයි. ඒ වගේම එයා හරි හොඳයි. ඉක්මනටම කට්ටිය එක්ක කතාබහ කරනවා. ඉතින් ඒ ගතිගුණවලට මම ආස කළා. සුදම්ගේ සීයලාගේ පැත්තේ අය ඉන්දියානු පරම්පරාවකින් එන අයයි. ඒ නිසා එයාගේ පෙනුම වුණත් ටිකක් වෙනස්.
සුදම්ට ආදරය කරන්න තරම් තිබුණ විශේෂත්වය මොකද්ද?
අපි හැමෝම එකට තමයි හිටියේ. හැබැයි ටික කාලයක් ගතවෙනකොට අපි නිතර නිතර කතා කරන්න පටන්ගත්තා. ෆෝන් එකෙන් නිතර කතා කළා. රූගත කිරීම් කරන තැනදී අපි කතාබහ කළා. අපි දෙන්නා වට්ස්ඇප් එකෙන් නිතර මැසේජ් කරගත්තා. හිනා යන දේවල් කිව්වා. අපේ යාළුවෝ කට්ටියට වට්ස්ඇප් group එකක් තිබුණා. අපි යාළුවෝ කට්ටිය එකතු වෙලා ට්‍රිප් ගියා. ඔය වගේ දේවල් එක්ක යාළුවන්ට අපි දෙන්නගේ විශේෂත්වයක් තේරුණා. ඒ අයට අපිට විහිළු කළා. සමහර රූගත කිරීම් කරද්දි මම ඉන්න නිසාම සුදම් නිවාඩු දාලා ඔෆිස් යන්නෙ නැතිව හිටියා. ඒ කාලෙත් සුදම්ගේ හිතේ මම ගැන විශේෂත්වයක් තියෙන්න ඇති. හැබැයි මෙයා මගෙන් යාළුවෙන්න ඇහුවෙනම් නැහැ.
එතකොට කවදද දෙන්නට දෙන්නා කැමතියි කිව්වේ?
ඒකනේ පුදුමෙ කියන්නේ. අපි ඒක කවදාවත් කියලා නැහැනේ. කට්ටිය හැමෝම විහිළු කළාට මගේ හිතෙත් සුදම්ට විශේෂත්වයක්, ආදරයක් තිබුණා. ඔය අතරේ අපේ අම්මටයි, සුදම්ගේ අම්මටයි මේක තේරැණා. ඒ වෙනකොට අපේ ගෙවල් දෙකේ අය වුණත් එකතුයි. අම්මලා දෙන්නා වුණත් අපි දෙන්නා අතරේ මොකද්දෝ විශේෂත්වයක් තියෙනවා කියලා දැනගත්තා. ඒ අයගේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. ඒ වෙනකොට එයාවත් මමවත් අහලා තිබුණේ නැහැ. හැබැයි දෙන්නටම කැමැත්තක් තිබුණා. ඒක අපි දෙන්නම දැනගෙන හිටියා. මැසේජ්වලින් ඒක හොඳටම තේරුණා. ඊටපස්සේ ඉතින් කොහොම කොහොමහරි දෙන්නම යාළු වෙලා ගෙවල්වලින් කැමති වුණා. ඊට පස්සේ ඒක සැබෑ ආදරයකට පෙරලුණා.
ධනංජි.. සුදම් මුලින්ම දීපු තෑග්ග මතකද?
ඔව්.... හොඳට මතකයි. එයා මට මුලින්ම බොඩි ස්ප්‍රේ එකක් දුන්නා. ඒකත් අවසන් ඉනිම රූගත කරද්දි තමයි දුන්නේ. කට්ටිය ඉස්සරහා දෙන්න බැරි නිසා එයා ඒක හොරෙන් හංඟගෙන මම මේකප් කරනකන් බලාගෙන ඉඳලා ටග් ගාලා මගේ බෑග් එක ඇරලා ඒකට දැම්මා. ඊට පස්සේ මම ළඟට ඇවිත් මම ඔයාට බඩුවක් ගෙනාවා. ඔයාගේ බෑග් එකේ ඇති බලන්න කියලා හෙමීට කිව්වා. කොහොමටත් මගේ මේක්අප් බෑග් එක හරි ප්‍රසිද්ධයි. යන යන තැන මම ඒක එල්ලගෙන තමයි යන්නේ. ඊටපස්සේ එයා යාළුවන් එක්ක නුවරඑළිය ට්‍රිප් එකක් ගියා. ඒ ගිහින් එද්දි මට ගණ දෙවියන්ගේ පිළිරුවක් ගෙනත් දුන්නා.
සුදම්.... මතකද ධනංජි ඔයාට මුලින්ම දීපු තෑග්ග?
ඔව්...... මතකයි. එයා මට ජිම් යනකොට බොන Supplement එකක් තෑගි කළා. ඒ වගේම මගේ බර්ත් ඩේ එකට ධනංජි අපි දෙන්නගේ ෆොටෝස් වගයක් ලස්සනට හදලා රාමු කරලා තෑගි කළා. මම බයික්වලට හරි ආසයි. මම බයික් පදිනවනේ. ඒ නිසා බයික් එකක රූපයක් තියෙන කේක් එකකුත් ධනංජි මට දුන්නා.
ධනංජි සුදම්ව සප්‍රයිස් කළත් සුදම්ට ධනංජිව සප්‍රයිස් කරන්න බැරි වෙන්නේ ඇයි?
ඒකනෙ වැඩේ. එයා කරන සප්‍රයිස් හැම එකක්ම මට කොහොමහරි මාට්ටු වෙනවා. එයාට වඩා මට ඒවා අල්ලා ගැනීමේ මොළේ තියෙනවා. අපි කොහොමහරි සප්‍රයිස් කරන්න හිතාගෙන කොහොමහරි ගේමක් දෙනවනේ. එයාට ඒක තේරෙන්නෙ නෑ. හොරෙන් කිසිදෙයක් කරන්න සුදම්ට තේරෙන්නෙ නැහැ. මාව සප්‍රයිස් කරන්න කියලා හිතලා මෙයා මෙයාගේ යාළුවන්ටයි මගේ යාළුවන්ටයි කියලා තිබුණා. ඉතින් මාව Watersage එකට එක්කගෙන යන අතරතුරේදීම මෙයා සප්‍රයිස් කරන්න හදනවා කියලා තේරුණා. මඟ දිගට මෙයාට එක දිගට කෝල්ස්. ඉතින් මාත් සප්‍රයිස් වුණ විදිහට සද්ද නැතිව හිටියා.
හැබැයි ඉතින් සුදම්ව සප්‍රයිස් කරන්න කියලා හිතාගෙන ධනංජි පාටියක් සූදානම් කළා. ඒකත් අහුවුණා කියලයි ආරංචි?
ඔව්.. ඔව්.... මෙයාටත් හොරයක් කරන්න බෑ. (සුදම් එහෙම කිව්වට ධනංජි කිව්වෙනම් වෙන කතාවක්)
ඒකත් ඉතින් අන්තිම මොහොතෙන අහුවුණේ. මම එයාගේ බර්ත් ඩේ එකට සප්‍රයිස් කරන්න හිතාගෙන එයාලගේ ගෙදර පාටියක් ඕගනයිස් කළා. එයාගේ යාළුවන්ටයි මගේ යාළුවන්ටයි මම හොරෙන් එන්න කිව්වා. එදා මම ෂූටිං කරලා රෑ වෙලා එන දවසක්. ඔන්න ඉතින් දැන් මෙයා මාව ලොකේෂන් එකෙන් අරගෙන කාර් එකේ අපි එයාලගේ ගෙදර ගියා. හැමෝම මෙයාව පුදුම කරවන්න ගේ ඇතුළේ සද්ද නැතිව බලාගෙන හිටියා. මාත් හෙමීට මගේ ෆෝන් එකෙන් අපි ගේට්ටුව ළඟ කියලා මැසේජ් එකක් යාළුවෙක්ට යවද්දිම මේ මොකද මේ කියලා සුදම් පුදුම වෙලා මගෙන් ඇහුවා. බලද්දි කට්ටිය ගේ ඇතුළේ හැංඟිලා. යාළුවෙකුගේ කාර් එකක් ගේට්ටුව ඉස්සරහා. මම ටග්ගාලා අපේ කාර් එකේ ලයිට් ඕෆ් කරලා වෙන කවුරුහරි වෙන්න ඇති කියලා කිව්වට අන්තිම මොහොතේ ඒ සප්‍රයිස් එකත් සුදම් දැනගත්තා. හැබැයි මම ගේට්ටුව ළඟට වෙනකම්ම මෙයාව සප්‍රයිස් කළා. මෙයාටනම් එහෙම බැහැ.
සුදම් කියන්නේ මොනවගේ කෙනෙක්ද?
එයා හරි හොඳයි. හරිම සාමකාමී චරිතයක්. මට තහංචි දාන්නෙ නෑ. අපි දෙන්නම සම වයසෙ දෙන්නෙක්නේ. ඒ නිසා සුදම්ටත් මම වගේම විනෝදයෙන් කාලය ගෙවන්න ආසයි. ඒ නිසා දැනට ලොකු බරක්පතලක් නැහැ. දෙන්නම නිදහසේ, සතුටින් ඉන්නවා.
සුදම්.. ධනංජි කියන්නෙ මොන වගේ චරිතයක්ද?
ධනංජි හරි හොඳයි. දඟයි. හිටපුගමන් මෝඩ වැඩත් කරනවා. එයාට හැමවෙලේම කේන්ති යන්නේ නැහැ. හැබැයි කේන්ති ගියාමනම් යාළු කරගන්න හරි අමාරුයි.
සුදම් අලුත් ජීවිතේ මොනවද තියෙන බලාපොරොත්තු?
මැරෙනකල් ධනංජි එක්ක සතුටින්, ආදරෙන් ජීවත් වෙන්න තමයි මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව.
(ඔන්න ඒ බලාපොරොත්තුවට ධනංජිත් එකතු වුණා)
සමහරු මම බැන්දට පස්සේ අපේ ෆොටෝස් එහෙම දැකලා ලස්සන බෝයි කෙනෙක් බැඳලා ඉන්නවා.. කී දවසක් ඔය කසාදෙ තියේවිද දන්නෙ නෑ කියලා එක එක කමෙන්ට්ස් වෙබ් සයිට්වල එහෙම දාලා තිබුණා. හැබැයි ගොඩක් දෙනා මට හොඳ කියලා විෂ් කරලා තිබුණා. දෙපැත්තක හිටපු අපි දෙන්නා එකතු වුණා. අද අපි එක ගමනක් යනවා. ජීවිතේ ප්‍රශ්න අපි දෙන්නටත් එන්න පුළුවන්. හැබැයි ඒ හැම ප්‍රශ්නයකටම අපි දෙන්නම එකතු වෙලා මුහුණ දෙන්න ලෑස්තියි. අපේ කසාදය කොලයකට සීමා වෙච්ච දෙයකටත් වඩා බැඳීමක් විදිහට තමයි අපි දෙන්නම හිතන්නේ. අපි දෙන්නම ලොකු සල්ලිකාරයො නෙමේ. මගේ ෂූටිං වැඩවලට එයා හරියට සහයෝගය දෙනවා. අපි සතුටින් ජීවත් වෙනවා. අපි ණය වෙලා වෙඩින් ගත්තෙ නැහැ. ඒ නිසා අපේ හිතට බරක් නැහැ.
► Text - Dishani / Pic – Internet