මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘තාල’ චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. එම්. එන්ටර්ටේන්මන්ට් ආයතනය ඉදිරිපත් කෙරෙන මෙය ප්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂ පාලිත පෙරේරාගේ පළමු සිනමා අධ්‍යක්‍ෂණයයි.
නිලාන් වීරසිංහ විසින් නිෂ්පාදනය කර ඇති ‘තාල’ සඳහා හේමාල් රණසිංහ, ජයලත් මනෝරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, කලණි දොඩන්තැන්න, චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස් ඇතුළු ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායක වී ඇත. හෙළ සිනමාවේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් ‘තාල’ මංගල දර්ශනය පැවැත්වුණු අතර අද අපේ event of the week වෙන්වන්නේ ඒ සඳහාය...
I Romesh Dhanushka Silva