2019 මාර්තු 16 වන සෙනසුරාදා

දෙමාසයට නව ලයක් බලපු පට්ට නැටිල්ල

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

You tube Hit වලින් අද අපි කතා කරන්නේ ලංකාවේ නිර්මාණයක් ගැන. මේ Video ව රූප මාධ්‍යයේ නිර්මාණ භාවිතය මොනවට විද්‍යාමාන වන නිර්මාණයක්. FTT කියන You tube Channel එක ගැන You tube හරහා වෙනස් විදිහේ වැඩකරන්න උත්සාහ කරන පිරිසක්. ලංකාවේ එදා මෙදාතුර බිහිවුණ ජනප්‍රිය රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයක් ප්‍රතිනිර්මාණය කරලා තමයි මේ Video එක හැදෙන්නේ.

මේ වීඩියෝ ඔවුන් නම් කරලා Tribute to Sri Lankan Ads | A Capella Mashup නමින්. 2018 ජනවාරි මාසේ තමයි මේ රිලීස් වුණේ. Entertainment කියන Category එක යටතේ. මේ වෙද්දී ලක්ෂ නවයකට අධික පිරිසක් මේ අපූරු වීඩියෝ නරඹලා තියනවා. කවුරුත් දන්න FTT එකේ අධ්‍යක්ෂ අදීශ තමයි මේක Director කරේ. මේක ටිකක් High Budget වැඩක්. ලංකාවේ You tube Channel එකක් තමන්ගේ ප්‍රේක්ෂකාගාරයක් අරමුණ කරගෙන කරපු දැවැන්තම වැඩක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම Sri Lanka You tube නිර්මාණකරණයේ හැරවුම් ලක්ෂයක් ලෙස මේක අපි හඳුන්වනවා. ඒ නිසාම මේ වීඩියෝ එකේ තාක්ෂණික පැත්ත මුලින් මතු කරනවා.

සම්පූර්ණයෙන්ම නිර්මාණය එක එක කැමරාවක් භාවිතා කරලා සිදුකරලා තියෙන්නේ. ඒ වගේම විනාඩි 10 කට ආසන්න වෙච්ච සම්පූර්ණ ධාවන කාලය පුරාවට එක තැනකදීවත් වීඩියෝ එක Cut වෙන්නේ නෑ. ඒ කියන්නේ එක දිගට Video එක Shoot කරනවා... ඒක වෙහෙසකර දැවැන්ත වැඩක්. DOP විදිහට වැඩේ කරලා තියෙන්නේ කෝසල හසිත සුභසිංහ. ඔහුට මේ වැඩේ වැඩි ගෞරවයක් හිමිවෙන්න ඕනා. මොකද කියනවා නම් කිසිම වෙලාවක ඒ හරහා ඒකාකාරී බවක් නොදැනෙන්න ඔහු ඇතුළු වැඩේ හිටපු තාක්ෂණික ශිල්පීන් වගබලාගෙන තියෙනවා. එක එක කැමරා කෝණය භාවිත කිරීම ඒ වගේම, අත්‍යවශ්‍ය රූප රාමු පමණක් ග්‍රහණය කර ගැනීම අති විශිෂ්ඨයි. ඒ වගේම කලා අධ්‍යක්ෂණය කියන කාරණා මේ විඩියෝ එක ගැන කතා කරන කොට අවධානය යොමු කරන්නම ඕනා දෙයක්. පසුතල නිර්මාණය විශාල වෙහෙසක් දරලා තියෙනවා. ලොකේෂන් එක හැසිරවීම පට්ට. සම්පූර්ණයෙන්ම නළු නිළි සංඛ්‍යාවත් අති විශාලයි. ඔවුන් නවකයන්. ඒත් තම තමන්ගේ උපරිමය වැඩේට දීලා තියනවා. ඇඳුම්වලට වගේම වේශ නිරෑපණයත් හොඳටම වෙලා තියෙනවා. ටයිමින්වලට වැඩකරන එක නිෂ්පාදනයේදී නිසැක අභියෝගයක් වෙන්න ඇති. ඒ නිසා මේ වීඩියෝ එක සාර්ථකවීම සාර්ථක අභියෝගයක් ජයගැනීමක්. Audio පැත්ත ගැන කතා කරන්න ඕනා ඒක. Singing, Effect Mixing එහෙම හොඳටම කරලා තියෙනවා.

ඊළඟට මෙහි නිර්මාණාත්මක පැත්තට පොඩ්ඩක් අවධානය යොමුකරන්න ඕනා. මුල ඉඳන්ම අවසානය වෙනකම් එක දිගට මතුවෙන වෙනස්ම රසයක්. කොටින්ම බලන් ඉන්නකොට කාලය ගැන දැනෙන්නේ නෑ. මූලිකවම මතුවන්නේ හාස්‍ය රසය වුණත් සියුම්ව සමාජ ප්‍රහසනයක් ඒ තුළ ගොඩනගනවා. සමහර තැන්වල ශෘංගාරාත්මක ගතියක් නැත්තෙමත් නෑ. ඒත්  සමහර සමාජ කාරණාවලට  රිදෙන්නම ගහලා තියෙනවා. කොහොම වුණත් මුළු විඩියෝ එකේම එක රිද්මයක් තියනවා.

ලංකාවේ අපි දන්න විදිහට ගොඩක් You tubers ලා ඉන්නවා. Hit වෙච්ච පොර වෙච්ච අය. ඒ වුනත් Creativity එක ගොඩක් වෙලාවට අඩුයි. Views පස්සේ තමා ගොඩක් අය දුවන නිසා ලාබෙට මොනවා හරි දෙවල් කරන්න තමා උත්සාහ කරන්නේ. එහෙම Trend එකක් තියෙන You tube එකේම මේ වගේ නිර්මාණය බිහිවීම you tube Fans විදිහට අලුත් අත්දැකීමක් අපිට ළඟා කරනවා. අන්න ඒ නිසා තමයි අද අපි මේ නිර්මාණය You tube Hit වලින් කතා කරන්න තීරණය කළේ. මේ නිර්මාණයට සමාන නිර්මාණය ආකෘතීන් ලෝකේ භාවිතා වෙනවා. හැබැයි ලංකාවේදී මේ ආකෘතියේ නිර්මාණයක් බිහිවුණ පළවෙනි වතාව මේක කිව්වොත් හරි. ඉතින් අවසානෙදී අපි සුපුරුදු විදිහට ආරාධනා කරනවා නොබලපු අයට බලන්න.

 

► Text - Nisal   /   Pic – Internet