අහම්බයක් වගේ ඇවිත්
නොකියම නුඹ යන්න ගිහින්
නෑවිදින්ම හිටියානම්
කඳුළු නෑ ඇහේ
තරුව නොවේ ඉකිබින්දේ
අහස මිසක්
ගංදෑලේ දෙපසක හිඳ
හඬනා ලිහිණියකගෙ දුක
ඇසුනාදැයි මට කියන්
ජීවිතයේ හිස් අහසේ
නුඹේ අතින් කුරුටු ගෑව
ඉරණම් කවියේ
ගිලිහුණු එළිවැට අතරෙයි
කඳුළු හැංඟුනේ
හීන් සීරුවේ
පොළොව තෙමාලු
වැස්ස
නම් නොවේ
අහසින් වැටුණේ