2019 මාර්තු 16 වන සෙනසුරාදා

ටැටූ ගහන ලංකාවේ බස්

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 5334

ඔන්න Bro අද ටිකක් වෙනස් පැත්තකට බරවුණු Trend එකක් ගැන කතා කරන්න හිතුවා. Bus Trend... බස් ලඩිවල, ලදරන් කොටවල ගමන් ගියපු අතීතයක් අපි කාටත් තියනවානේ. ඒ කාලේ වගේ නෙවෙයි දැන්... බස් නම් බස්. නිකන් තොරණ් වගේ. මොකද එහෙම වුණේ. පොඩ්ඩක් හොයලා බලමුකෝ සීන් එක.

මේ Trend එක ඇවිල්ලා දැන් වැඩි කාලයක් නෑ. අවුරුදු 3ක් 4ක් වගේ වෙන්නේ. Bus වලට මෙහෙම වෙන්න හේතුව වුණේ බස් රස්සාවට අලුත් පරම්පරාව Set වුණ එක. තරුණ බස් අයිතිකාරයෝ, තරැණ ඩ්‍රයිවර්ලා, ලාබාලා කොන්දොස්තරලා. ඔන්න ඔය වගේ සෙට් එකක් මේ ෆීල්ඩ් ඇතුළට සෙට්වීම මේ පරිවර්තනයට හේතු වුණා. අවසානයේදී ලංකාවේ ප්‍රයිවට් බස් ෆීල්ඩ් එකේ අමුතුම වෙනසක් වුණා. Sri Lankan Only Bus Trend.

මේ එක්කම අපේ තාරුණ්‍යය අරගත් Bus Lovers ලා බිහිවුණා. මේ වෙද්දී Social Media වල පවා Bus Trend එක ගැන අවධානයක් ආවා. බස්වල වීඩියෝ බලන එක You tube එකේ පිස්සුවක් වුණා. බස්වලින් වැඩදාන සංදර්ශන, තරග Organize වෙන්න පටන්ගත්තා. ඉතින් මේක අද වෙනකොට Y Trend එකක්. Youth එකේ Hit සීන් එකක්. ඒ නිසා Bus Story මෙහෙම ගලපන්නේ බ්‍රෝ. හරි සුදා... මේ ට්‍රෙන්ඩ් එකේ මුලටම ගිහින් අද අපේ Storyය පටන් ගමුකො.  මුල්කාලේ බස්වලට Trend වුණේ Sounds System එක. ලෙසට පපුවට වදින්න පට්ට බේස් තියන බෆල් ටිකක් සබ් එකක් ගහන්න තමා බස් ලයින් එකේ පොරවල් ට්‍රයි කළේ. කොහොම හරි 
ප්‍රයිවට් බස්වල යන එක එපා වෙන්නම කාලයක් මේ සිංදු සීන් එක දරුණු වුණා. සිරිලංකාවේ බස් එකටම හරියන්න සිංදු කියන ගායකයෝත් බිහිවුණා. 
හැබැයි බස් ෆීල්ඩ් එකේ අයට මේ සීන්එක ට්‍රෙන්ඩ් එකක් වුණත් මගීන් ගොඩක් දෙනෙක්ට වැඩේ දිරෙව්වේ නෑ. 

චුරු චුරු බර බර ගොඩ ගොඩ වැටුණා. ඒත් සීන් එක ඉස්සරහට ගියා. ඒත් මේ සීන් එකට සෙට් වුණ පිරිසකුත් රටේ හිටියා. ඔන්න දේවල්... බස් එකේ ඉස්සරහා අනම් මනම් ගැජට් කෑලි එල්ලන සීන් එකකුත් මේ කාලේම ආවා. ඒ තමා Lights පත්තුවෙන දේවරූප සෙට් මතකද? ඔන්න ඔය කාලේම තමා බස්වලට නම් දාන සීන් එකත් ගොඩක් පළාත්වල පටන් ගත්තේ.

පස්සේ ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ නැගලා ගියා මචෝ සීන් එක. ඔන්න අශෝක් ලේලන්ඩ් බස්වල පෙනුම වෙනස් කරන්න අමුතු අමුතු ස්ටිකර් පාරවල් වදින්න පටන් ගත්තා. රටම කතාකරන බස් ඇති වුණා. අද වෙනකොට Bus Trend එක කොච්චර නැගලා ගිහිල්ලා තියෙනවද බලන්න නම් බස්වල අද තියෙන අලුත් Option ටික ගැන අපි බලන්නම ඕනා.

අපි ගොඩවුණා කියමුකෝ බස් එක්කට. ඔන්න ඇතුළේ වහළ දිහා බලන්නකෝ. ලෙසටම ස්ටිකර් පාරක් ගහලා තියෙන්නේ. සිවිලිමක් වගේ. නිකන් ලෙන් විහාරෙක බිතුසිතුවම් වගේ. විචිත්‍ර සුන්දරයි. මේ ස්ටිකර් පාර වදින්නේ අයිතිකාරයාගේ Choice එක අනුව. ඒකේ නාරී රූප, Cartoon වගේ දේවල් එක Theem එකට තමා තියනවා. ඒ වගේම සමහර බස්වල ගහලා තියනවා Wi Fi Free කියලා. ඒකෙන් ඒ බස් එකේ අන්තර්ජාල පහසුකම් තියනවා. තව පෝන් චාජ් කරන්න ෆ්ලග් තියනවා තැන තැන. සුපිරි Sounds System එක වගේම TV ඒත් අද ඕනම බස් එකක අනිවාර්ය අංගයක්. සමහර ඒවල TV දෙකක් තියෙනවා. ඒ වගේම පොඩි Fans එහෙමත් හයිකරලා තියෙන්නේ. හොඳ කර්ටන් සෙට් එකක් සුපිරි ෂීට් කවර සෙට් එකක් ඉතින් නෝමලි තියෙන්න ඕනෑ අද බස් එකක.

බස් එකේ එළිය බැලුවොත් ඒක පට්ට ස්ටිකර් සෙට් එකල් ගහලා තියෙන්නෙ අනිවා. Special Color එකක් තියෙනවා. රෑට කොරවෙන්න දිලිසෙන්න ගහන සුප්පා ලයිට් සෙට් එක්ක තියනවා. හෝන් එකක් දානවා නිකන් ඇසූවන්ගේ සවන් බිහිරිවෙන්න ගහන්න පුළුවන්.

ඔන්න ඒක තමා බස් Trend කියන්නේ මා මචෝ. මේකත් එක්ක ඇතිවෙලා තියෙන නව සංස්කෘතිය ගැන තමා ඊළඟට බලන්න ඕනා. දම් රැජන, මොණර පැටික්කි වගේ නම් අහලා ඇතිනේ. ලංකාවේ හිට් බස් සෙට් එකේ නාමාවලිය ඉහළින් කියවෙන නම් තමා ඔය. වාහනවලට Lovers ලා ඉන්නවා ඉස්සර ඉඳලාම. අපි දන්නවානේ ඒත් බස්වලට එහෙම් සීන් එකක් හැදෙයි කියලා අපි කවුද හිතුවේ. බස් සංදර්ශන පෙරඩ් එහෙමත් දැන් තියෙනවානේ. මේවා ඕගනයිස් කරන්නේ Bus Lovers ලා. ඒ වගේම ට්‍රිප් එකක් යනකොට සුපිරි බස් එකක් අරගෙන අයන එකත් අද වෙන කොට Trend එකක්.

ලෝකේ සුපිරි බස් තියෙනවා. නමුත් අපේ වෙන්නේ ලෝකේ තියන චාටර් බස් සුපිරි කිරීමක් සුදෝ. ඉන්දියාවෙන් බස් එකක් ගෙන්නුවාම සාමාන්‍යයෙන් අපේ අය ඒක එකපාරටම මහ පාරේ රූට් එකේ දුවන්න දාන්නේ නෑ. කොහොමත් වැඩ ටිකක් කරලා හදලා තමා රස්සාවට දාන්නේ. ඉන්දියාවේත් ලංකාවේ වගේ Bus Trend එකක්, සංස්කෘතියක් නෑ. මේක අපිටම අනන්‍ය වෙච්ච එකක් කිව්වොත් හරියටම හරි පිස්සු නේ...

දැන් අපි බලමු මොකක්ද මේ බස් ට්‍රෙන්ඩ් එකේ හොඳ නරක පොඩ්ඩක්. මෙහෙමයි මේ සීන් එකට පොලීසියෙන් නම් පට්ට බර බර දානවා. ලංකාවේ නීතිය අනුව වාහනයක පෙණුම මේ විදිහට වෙනස් කිරීම වරදක්. ඒ නිසා පොලීසියෙනුත් ස්ටිකර් ගලවනවා දඩ ගහනවා. හැබැයි බස් Lovers ලා මේකට විරුද්ධයි. Social Media වල එයාලා මේ ගැන දුක්වෙනවා විරුද්ධ ප්‍රකාශ කරනවා. තව දෙයක් ඔය අමතර ගහන සුදු යකඩ බාර් වගේ දේවල් නිසා අනතුරු වී අවදානමක් එහෙම තියනවා. ශබ්ද දූෂණය, වගේ ප්‍රශ්නත් තියෙනවා. ඔන්න ඕකයි මේ කතාවේ අනික් පැත්ත.

අවසානයේ කියන්න ඕනෑ බස් සීන් එක අමුතු දෙයක්. ඒකේ පොඩි Art එකක් ආතල් එකක් තියනවා එකෙන්ම. ඒ වුණත් අවුලක් නැත්තේම නෑ. කාටවත් කරදරයක් නැති විදිහට මේ Trend එක ඉස්සරහාට යනවා නම් හොඳයි කියලා තමා අපේ නම් අදහස.

 

► Text - Nisal   /   Pic – Internet