2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

චරිත අවුල් හින්දා මම බෑ කිව්වා

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

ඇය කලා ක්ෂේත්‍රයට පිවිසුෙන් නර්තන ශිල්පිනියක ලෙසිනි. රඟපෑමට තිබුණු ආශාව ඇයව රංගන ශිල්පිනියක කරනු ලැබුවාය. ඇය අංජු දිල්ශානිය.

රඟපෑමට සම්බන්ධ වුෙණ් කොහොමද? 
පාසල් යන කාලේ ඉඳන්ම මම මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමැත්තෙන් හිටියෙ. පාසල් නාට්‍ය නර්තන තරග රාශියකින් මම ජයග්‍රහණය කළා. නර්තන ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයට ආවට පස්සෙ මට මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ අතරතුර තමා රංගනයට අවස්ථාවක් ලැබුණේ.

පළමු මියුසික් වීඩියෝවට මුහුණ දෙද්දී මොකක්ද හිතුණේ? 
පොඩි චකිතයක් තිබුණා. ඒ වීඩියෝව රදීශ් වැන්දබෝනාගෙ. ඉදිරියේදි ප්‍රචාරය වෙයි.

ටෙලිනාට්‍ය කීයක රඟපාලා තියෙනවාද?
හතරයි. ඒ අතරින් මුතුකුඩ ටෙලිනාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. 

ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නෙ කාවද?
මුතුකුඩ ටෙලිනාට්‍යයෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන තිලිණි පෙරේරා අක්කව තමා ළඟින් ඇසුරු කරන්නෙ. කුමාරි මුණසිංහ, චරිත් සේනානායක යන ප්‍රවීණ රංගන ශිල්පීනුත් ඇසුරු කරනවා. එයාලගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. 

චිත්‍රපට රංගනයට අවස්ථාවක් ලැබුණේ නැද්ද? 
අවස්ථා කිහිපයක් ලැබුණා. ඒත් චරිත එක්ක බලනකොට මට ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණා. ඉදිරියේදී හොඳ චරිතයක් ලැබුණොත් බාරගන්නවා.

කවුද ගොඩක් උදව් කරන්නෙ?
අම්මයි අප්පච්චියි. ඒ වගේම මගෙ ගුරුවරයෙක් වන චන්දන වරාවිටගේ සර්

අනාගත බලාපොරොත්තු මොනවද? 
දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක වෙන එකයි මගේ නර්තන කණ්ඩායම ඉහළ තැනකට අරන් යන එකයි.