මහනුවර උපන් අරුණි රාජපක්ෂ මුලින්ම උඩරට මැණිකේ කිරුළ හිමිකර ගත්තේ 2004 දීය. 2005දී Capri Queen ලෙස කිරුළ පලන් අරුණි 2007දී මිස් ශ්‍රී ලංකා ලෙස තේරීපත් වූවාය.
ඇය සුපර් සික්ස්, මහරජ ගැමුණු, පත්තිනි, ආදරණීය කතාවක් වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂක සිත් පැහැර ගත්තාය.
2007දී මුල්ම සිරස කුමරිය තරගයෙන් මුල් තැන දිනාගත් ශලනි තාරකා මුලින්ම රඟපෑවෙ පූජාසනය ටෙලි නාට්‍යයේය.
ඉන් අනතුරුව ඇය සෙල්වම්, ස්පන්දන ඇතුළු චිත්‍රපටවල රංගන කුසලතාවන් ප්‍රකට කළාය.
2006දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ගයේෂා, 2009දී Miss Tourism Queen වූවාය. ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායක වූ ගයේෂා ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේද රඟන්නීය.
පායා එන්න හිරුසේ, සිහිනය දිගේ එන්න, ආදරීණය කතාවක් වැනි සිනමා පටවල රංගනයෙන් දායක වූ උදාරි 2007 වසරේ මිස් ශ්‍රී ලංකා තරගයේ අවසන් කීප දෙනා අතරට තේරී පත්වූවාය.
2015දී Mrs Sri Lanka for Mrs. Globe කිරුළ උදාරිට හිමිවිය.
ප්‍රවේගය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමා ලොවට අවතීර්ණ වූ උදාරි පෙරේරා, කලක් ශ්‍රීලන්කන් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කළාය.
2016 වසරේදී ඇය Mrs. Universe Sri Lanka තරගයෙන් ජය අත්පත් කරගත්තාය.
Text — Ramesh Uvais / Pic- Internet