පේනතෙක් මානයේ ගහක් කොළක් නැහැ. වැලි කඳු විතරයි. මෙතන ගල්වලින් මහා තාප්පයක් සහ පරණ ගරා වැටුණු ගලින් නිම කළ ගොඩනැගිල්ලක් තියෙනවා. මේ භූමි භාගයේ වළවල් හාරලා බංකර් හදලා තියෙනවා. මෙතන රැවුල දිගට ගාණට වවාගත්ත හිසට තලප්පා බැඳගත්ත යුදහමුදා නිල ඇඳුම් සහ ආයිත්තම්වලින් සැරසුණු පිරිසක් ඉන්නවා. ඔවුන් ඉස්සරහා ඔවුන්ට අණදෙණ නිලධාරියා ඉන්නවා. ඔහු ඉෂාර් සිං. මේ හැමෝම සික් ජාතිකයන්. ඉෂාර් තමන්ගේ බල ඇණිය දිහා බලාගෙන ඉඳලා කතා කරන්න පටන් ගන්නවා.
ඉෂාර් සිං - මේ සුද්දෝ නම් අපිට අපි නිදහස් කියලා කිව්වා. අද උන්ට උත්තර දෙන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. සටන් කරන්න කාලය වෙලාව ආවම අපි සටන් කරන්න ඕන.
එළියේ අඩුම ගානෙ දහදාහක් විතර ඉන්නවා. අපි විසි එක්දෙනයි. කේසරීවල ඒ කියන්නේ කුංකුම පාටේ තේරැම දන්නවනේ? කහ පාටනේ. ඒක නිර්භීතකමේ වර්ණය. ෆයර්....
ඔවුන් පරණ ගොඩනැගිල්ලක බිත්තිවලට මුවාවෙලා එළියේ ඉන්න දසදහස් ගාණක් විරුද්ධවාදීන්ට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් ද ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. හමතැනකම ගිනි ජාලා. ඒ අතරේ වෙඩිහඬ. තවත් තැනක කඩුවලින් කපාකොටා මරනවා. ඉෂාර් කේන්තියෙන් රණභූමිය මැදට වෙලා.
අද මගේ තලප්පාවත් කහ පාටයි. මගේ කඩුවත් කහ පාටයි. මගේ නිල ඇඳුමත් කහ පාටයි. මගේ භූමියත් ඒ පාටමයි. අද මම තොපිව අතුගාලම දානවා.
2019 මාර්තු 21 වැනිදා තිරගතවන කේසරී හින්දි සිනමාපටයේ කතාවෙන් කොටසක් තමයි ඔබට ඒ කිව්වේ. අනුරාග් සිං අධ්‍යක්ෂණය කරලා තියෙන කේසරී හින්දි සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ කරන් ජෝහර්, අරුන් භාටියා, හිරූ යාශ් ජොහාර්, අපූර්ව මෙහ්තා සහ සුනිර් ඛේටර්පාල්. කුංකුමවල වර්ණය කියන එකයි කේසරී කියන එකේ තේරුම වෙන්නේ. බැට්ල් ඔෆ් සර්ගර්හි කියන කතාව පදනම් කරගෙන මේ සිනමාපටයේ කතාව ලියලා තියෙන්නේ ගිරිෂ් කොහ්ලි සහ අනුරාග් සිං විසිනුයි. 1897 අවුරුද්දේ සික් ජාතිකයන් 21 දෙනෙක් ඇෆ්ගන් ජාතිකයන් 10,000ක් එක්ක කළ සටන තමයි මේ සිනමා පටයෙන් කියැවෙන්නේ. මේ සිනමාපටයේ හවිල්දාර් ඉෂාර් සිංගේ චරිතයට පණ පොවන්නේ අපි දන්න අපි ආදරය කරන කෙනෙක්. ඔහු ගැන මීට කලිනුත් බොහෝ විස්තර කියලා තියෙනවා. මෙන්න මේ සිනමාපට හැඩ කරන්න දායක වුණු ඔහු ඔබට මතකද කියලා බලන්නකෝ.
Rustom, Airlift (2016), Ajnabee (2001), Garam Masala (2005), Raakhee, Saugandh (1991), Khiladi 1992, Deedar, Sabse Bada Khiladi, Dil To Pagal Hai (1997), Mr. and Mrs. Khiladi 2000, Hera Pheri, Dhadkan, Khiladi 420, 2001 Ek Rishtaa: Ajnabee 2002, Haan Maine Bhi Pyaar Kiya, Aankhen, Hera Pheri, Ek Rishtaa Andaaz 2004, Khakee, Mujhse Shaadi Karogi, Aitraaz, Bewafaa, Waqt:, Garam Masala, Dosti:,Phir Hera Pheri, Bhagam Bhag, Namastey London, Welcome (2007), Heyy Babyy, Om Shanti Om 2008, Tashan 2009 Chandni Chowk to China, Blue 2009, 2010 Houseful, Khatta Meetha, 2010 Tees Maar Khan, 2011 Patiala House, Thank You, Desi Boyz (2011), 2012 Houseful 2, Oh My God, 2013 Special Chabbis, Once Upon a Time in Mumbai, Holiday 2012, 2016 Houseful 3,2017 Toilet: Ek Prem Katha.
1967 සැප්තැම්බර් 09 වැනිදා ඉන්දියාවේ පංජාබයේ අම්රිත්සර්වලදී රාජීව් හරී ඕම් භාටියා කියන නමින් තමයි ඔහු ඉපදුණේ. දැනට ඔහු ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ මුම්බායි නගරයේ ජීවත් වුණත් ඔහු කැනේඩියන් ජාතිකයෙක්. 1991 සිට ඉන්දියානු සිනමාව ඔහු නියෝජනය කරන්නේ නළුවෙක් නිෂ්පාදකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියටයි. පද්ම ශ්‍රී සම්මානයට පවා පාත්‍රවෙලා තියෙන ඔහු 2001 දී ජනප්‍රිය නිළියක් වන ට්වින්කල් ඛන්නත් එක්ක විවාහවෙලා දැනට දරුවන් දෙදෙනෙක්ද ඉන්නවා. ඔබ හරි ආක්ෂය කුමාර් ගැන තමයි කිව්වේ. ආක්ෂය කුමාර් තමයි මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. මේ සිනමාපටයේ ආක්ෂයගේ ප්‍රේමවන්තියගේ චරිතයට පණ පොවන්නේ ඔබ අපි ආදරය කරන දඟකාර හැඩකාර යුවතියක්. මෙන්න මේ සිනමාපට කිව්ව ගමන් ඔබට ඇය මතක් නොවී තියෙන එකක් නම් නැහැ.
2011 Ladies vs Ricky Bahl, Ishaqzaade (2012), Shuddh Desi Romance (2013), Hasee Toh Phasee (2014), Golmaal Again (2017)
1988 ඔක්තෝම්බර් 22 වැනිදා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ අම්බාලාවල ඉපදුණු ඇය 2011 පටන් නිළියක් වගේම ගායිකාවක් විදියටත් හින්දි සිනමාවේ ප්‍රචලිත කෙල්ලෙක්. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරලා තියෙන ඇය ප්‍රියංකා චොප්රාගේ ඥාති සහෝදරිය පරිනීති චොප්රා. ඇය තමයි ආක්ෂය කුමාර්ගේ ප්‍රේමවන්තියගේ චරිතයට පණ පොවන්නේ.
මීර් සර්වාර්, වන්ෂ් භර්ද්වාජ්, ජස්ප්‍රීත් සිං, විවේක් සයිනි කියන කට්ටියත් මේ සිනමාපටයේ විවිධ චරිත හැඩ කරන්න මේ සිනමාපටයට එකමුතුවෙලා ඉන්නවා. මේ සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ තනිෂ් බාග්චී, ආර්කෝ ප්‍රාවෝ මුඛර්ජී, චිරන්තන් භාත්, ජස්බීර් ජස්සී, ගුර්මෝහ් සහ ජස්ලීන් රෝයල්. මේ සිනමාපටයේ තියෙන මන බඳින ගේය පදයන්හි වචන අමුණලා තියෙන්නේ කුමාර්, කුන්වර් ජුනේජා, මනෝජ් මුන්ටශ්‍රී විසින් වන අතර ඒවාට පණදෙන්න තමන්ගේ මන බඳින කන්කළු රසයෙන් හඬ දීලා තියෙන්නේ රුමී, බ්‍රිජේෂ් ශන්දිල්යා, ජැසී සහ අර්ජිත් සිං. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරලා තියෙන මේ සිනමාපටය නරඹන්න ඔබට තව වැඩි කාලයක් නැහැ. මොකද මම එහෙම කියන්නේ මේක මුලින්ම තිරගතවෙනවා කියලා තිබුණේ 2019 ජනවාරි මාසයේ ඉන්දියානු ජනරජ දිනය දවසේ. ඊට පස්සේ පෙබරවාරි කියලා තිබුණත් ඔන්න දැන් තමයි හරියටම තිරගත වෙන්නේ 2019 මාර්තු 21 කියලා ධර්මා ප්‍රඩක්ෂන් ආයතනය කියලා තියෙන්නේ.
► Translation — Chandana Waravitage