2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

නරේන්ද්‍ර මෝදි හිමාලයේ ගල් ගුහාවක

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

ඉන්දියා ටීවී ආයතනය මගින් විකාශනය කරන ආප්කී අදාලත් (ඔබේ උසාවිය) වැඩසටහන් ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දෙනක් ආශාවෙන් නරඹන වැඩසටහනක්. මේ වැඩසටහනට ඉන්දියාවේ ඉන්න ජනප‍්‍රිය නළුනිළියන් විතරක් නෙවෙයි දේශපාලකයින් පවා සහභාගී වෙනවා. ඉන්දියා ටීවී ආයතනය වෙනුවෙන් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ රජත් ශර්මා. උසාවියක් වගේම මේ වැඩසටහනේ පෙනුම පවා හදලා තියෙනවා. නඩුකාරතුමා වගේම මෙම වැඩසටහන නැරඹීම සඳහා සහභාගීවන සම්පත්දායකයාට ආදරේ කරන පිරිසක් පවා සහභාගී කරවාගෙන ඔවුන්ටත් ප‍්‍රශ්න අහන්නට අවස්ථාව ලබාදෙනවා.

මේ පිටුවෙන් අපි හැමදාම ඔබ දන්නා ඔබ ආදරේ කරන හින්දි සිනමාවේ ජනප‍්‍රිය නළු නිළියන්ගේ ඔබ නොදන්නා බොහො දේ කියන්න උත්සාහ කරනවා. අද ඔබට අපි කියන්න හදන්නේ ඉන්දියාවේ අගමැති නරෙන්ද්‍ර මෝදි අගමැති වෙන්න කලින් ඔබේ උසාවියට ඇවිල්ලා කියන දේවල්. ඔහු කියන දේ ඔබම කියවලා බලන්න ඔබේ ජීවිතේටත් වැදගත් වන දෙයක් එතුමා කියනවද කියලා. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි කියලා අපේ අසල්වැසි රට නිසා අපි හැමෝම දන්නවා. ඒත් එතුමා ගැන බොහෝ දේ තියෙනවා අපි දැන ගතයුතු එහෙත් කවදාවත් දැනගන්න නොලැබුණු. මේ වගේ පාලකයින් අපේ රටටත් හිටියනම් අපි කෙතරම් වාසනාවන්තද කියලා ඔබටත් හිතේවී. ඉන්දියාවේ වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක යෙදී අප දේශයටද සම්ප‍්‍රාප්ත වුණා. ඉන්දියාව ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයයි. නරේන්ද්‍ර මෝදි 2014 වසරේ මැයි මාසයේ 16 වැනිදා විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබ ඉන්දියාවේ අගමැති පදවියට පත් වුණා. මුලින්ම මේ ඡන්ද විමසීමේ විස්තරයක් දෙසට සිත් යොමු කරමු. ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන්දියාවේ උභය මන්ත‍්‍රණ සභාවේ ලෝක් සභාවේ ආසන 543ක් උදෙසා. ඒ ආසන සංඛ්‍යාවෙන් ආසන 282ක් ජයගත්, නරේන්ද්‍ර මෝදි මහතා ලෝක් සභාවේ පාලන බලය ලැබුණා. ඒ ආසන සංඛ්‍යාව සභාග රාජ්‍යයක් පිහිටුවන්නේ නැතිව සම පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් පමණක් පාලනයක් කරගෙන යන්නට නරේන්ද්‍ර මෝදිට බලය ලබා දුන්නා. 1984 වසරෙන් පසුව තනි පක්ෂයකට පූර්ණ පාලන බලය ලැබුණු ප‍්‍රථම වාරය මෙයයි.
ඉන්දියාවේ කෝටි 122ක් වන ජනගහනය පාලනය කරන්නට මෙසේ අවුරැදු 30න් පසු ප‍්‍රථම වරට තනි පාලන බලය ලද්දේ නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් පවත්නා භාරතීය ජනතා පක්ෂයයි. මේ ඡන්ද විමසීම 2014 අෙප්‍ර්ල් 07දා පටන් 2014 වසරේ මැයි 12 වැනිදා දක්වා සති 05ක් මුළුල්ලේ පැවතුණා. සුදුසුකම් ලැබ සිටි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අසූතුන් කෝටියක්. පනස් පන් කෝටි හතළිස් ලක්ෂයක් දෙනා ඡන්දය දුන්නා. මෝදිගේ පක්ෂය ජයග‍්‍රහණය කළේ මුළු ඡන්ද දායකයන් අතුරෙන් සීයයට තිස් එකකගේ ඡන්දයෙන්. මෙහිදී දේශපාලන පක්ෂ 464ක් තරග කළා. මෙතෙක් ඉන්දියාව පාලනය කළ අගමැතිවරුන් අතුරෙන් ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසුව උපන් ප‍්‍රථම අගමැතිවරයා නරේන්ද්‍ර මෝදි. මේ සා විශිෂ්ඨ ඡන්ද ජයග‍්‍රහණයක් ලද නරේන්ද්‍ර මෝදි නම් පාලනවේදියා කොයි වගේ කෙනෙක්ද?

රජත් - ආයුබෝවන් අදත් ඔබේ උසාවියෙන් අලුත්ම චූදිතයෙක්ගෙන් ප‍්‍රශ්න කිරීමටයි මේ සූදානම. අද චූදිතයා විදියට සහභාගී වෙන්නේ ගුජරාත්වල මහ ඇමැති නරෙන්ද්‍ර මෝදී. ඔහු මේ මැතිවරණයෙන් පසුව තමන්ගේ ඇජෙණ්ඩා එක මාරු කරන්න හදනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ නිසා ඒ සඳහා පිළිතුරු ලබාගැනීමට විත්ති කූඩුවට නංවන්නේ ගුජරාත්යේ මහ ඇමැති නරේන්ද්‍ර මෝදිව.
ප‍්‍රශ්න කිරීම ආරම්භ කිරීම සඳහා ගරු විනිසුරුතුමාගේ අවසරය ලැබිය යුතුයි.
මිටියෙන් මේසයට ගසමින් විනිසුරුතුමා උසවියේ කටයුතු අරඹන ලෙස දැනුම් දෙයි.

නරෙන්ද්‍ර මෝදිගෙන් ප‍්‍රශ්න කිරීම ආරම්භ කිරීමට පෙරාතුව ඔහු ගැන අපි ඔහුගේ ක‍්‍රියාවන් ගැන දැනුම්වත් වීමක් කරගෙන සිටිය යුතුයි. මුලින්ම අපි ඒ කාර්යය සඳහා යොමුවෙමු.
බීජේපී හී නායකයින් ප‍්‍රචාරයන් සඳහා සියල්ලටම වඩා ඉල්ලුම තියෙන්නේ නරෙන්ද්‍ර මෝදිටයි. ගුජ‍්‍රාත්වල මහ ඇමැති නරෙන්ද්‍ර මෝදි තමන්ගේම න්‍යායක් හරහා විධායක සභාවේ බලය පාවිච්චිකොට මැතිවරණය ජයග‍්‍රහණය කළා. බීජේපී පක්ෂය මෝදිගේ එම න්‍යාය ලෝකසභා මැතිවරණය සඳහාත් භාවිත කරන්න හදනවා. පහුගිය වසර පහ පුරාම නරෙන්ද්‍ර මෝදි තමන්ගේ ප‍්‍රතිරෑපය වෙනස් කර ගත්තා. යම් ආකාරයකට ඔහු ගුජරාත්වල රාජ්‍ය පාලනය කළාද, ඔහුගේ එදිරිවාදින් පවා නරෙන්ද්‍ර මෝදිගේ ගුණ වයන්නට වුණා. රතන් ටාටා, සුනිල් මිත්තල් වගේ ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයින් පවා නරේන්ද්‍ර මෝදිට දේශයේ පාලනය භාර ගැනීමට උදවු කරන බව පැවසුවා.
1950 සැප්තැම්බර් 17 ගුජරාත් ප‍්‍රාන්තයේ වාද් නගර් කියන ප‍්‍රදේශයේ ඉපදුණු නරෙන්ද්‍ර මෝදිට නැගෙන පළමුවැනි චෝදනාව. මම මට මම ගැන ඒ කියන්නේ තනිවෙලා ජීවත් වෙන කෙනෙක් කියන එක ඔබට හැමෝම කියනවා. ඒත් ඔබ සහෝදරයන් හතර දෙනෙක් සහෝදරියක් සහ අම්මා තාත්තා එක්ක ලොකු පවුලක් ඔබට තිබුණා ඔබේ කුඩා අවධියේදී. එහෙත් ඔබතුමා අවුරුදු 17දී ඒ හැමදෙයක්ම අතහැරලා හිමාලයෙ ගල්ගුහාවකට යනවා.

නරේන්ද්‍ර මෝදි - ඔබ සොයාගත් දේ හරි. ඒත් යමක් ලබා ගන්න යමක් නැති කර ගන්න වෙනවනේ නේද?
රජත් - ඔබට හිතෙන්නේ නැද්ද අවුරුදු හතරක් හිමාලයේ ගල්ගුහාවල ඉඳලා කාලය නාස්ති කළා කියලා.
මෝදී - මම හිතන්නේ මම හැමදේටම වඩා ලොකුම වැඩ කළේ එහේදි කියලයි. හැමදේටම වඩා අපගේ මනසට සතුටක් ලබා ගැනීම පහසු දෙයක් නෙවෙයිනේ.

රජත් - ආපහු අවස්ථාවක් ආව ගමන් ඔබ එහේට යන එකක් නැහැ නේද?
මෝදි - මම නැවතත් අවස්ථාවක් එනතුරැ බලා සිටිනවා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00