අලුත් වැඩක් ගැන තමා Youtube Hit වලින් අද අපි කතා කරන්නේ. අහම්බෙන් වගේ දැකපු, Sinhales Speaking Challenge in Paris කියලා නම් කරලා තිබුණු Video එකක් ගැන.
ලාංකික තරුණයෙක් වන ට්‍රිශාන් පීරිස් තමයි මේ වැඩේ කරලා තිබුණේ. ප්‍රංශයේ පැරිස් නුවර ඉන්න ඔහු SL TRISH නමින් Youtube Channel එකක් හදලා එහි පළවන වීඩියෝ විදිහට මේක Youtube දාලා තිබ්බා. මේ Channel එකෙන් තාම වීඩියෝ දෙකක් විතරක් තියෙන්නේ. මේ වීඩියෝ දෙවෙනි කොටසත් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම Channel එක අලුත් වුණාට සැලකිය යුතු ප්‍රතිචාරක් ලබාගන්නත් ඔහුට හැකිවෙලා තියෙනවා. වැඩේ වෙනසක් වගේම නිර්මාණාත්මක බවක් ප්‍රමිතියක් තියෙනවා කියලා හිතුණ නිසයි අපි අද මේ ගැන කතා කරන්න හිතුවේ.
ඉතින් අපි මුලින්ම අවධානය යොමු කරමු වීඩියෝවේ අන්තර්ගත දිහාවට. Prank video වීඩියෝවක ස්වරෑපය ගත්තත් මේක ඊට වඩා වෙනස් වැඩක්. ප්‍රංශය පැරිස් නගරේ ඉන්න විදේශීන් ළඟට යන සිංහල තරුණයෙක් ඔවුන්ට පොඩි අභියෝගයක් දෙනවා. ඒ ඔහු අතේ තියන පෙට්ටියකින් කොළ කෑල්ලක් අරගෙන කියවන්න. මේ කොළේ ලියලා තියෙන්නේ සිංහල වාක්‍ය. ඔවුන් මේවා උච්චාරණය කරන විදිහට අපිට හිනායනවා. මුළු වීඩියෝවෙම සටහන් වෙන්නේ තැන තැන ඇවිදිමින් ඔහු මේ කරන වැඩේ.
හරිම සරල වැඩක් වගේ තමා පේන්නේ. ඒත් මේ තුළ අන්තර්ගත වටිනාකම් ටිකක් තියෙනවා. දැන් අපි ඒ ගැන කතා කරමු. පළවෙනි දේ මේ කොළ කෑලිවල ලියලා තියෙන දේවල්. ගොඩක් වෙලාවට අපේ රට ගැන අභිමානය වටිනාකම් දැනෙන දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට පොඩි අමුතු හැඟීමක් එනවා ප්‍රංශයේ ඉඳන් කරන වැඩේ ගැන. ඒ වගේම ට්‍රිශාන් විදේශිකයන් ඔවුන්ගේ භාෂාවෙන් කොළ කෑල්ලේ තියන දේ මොකක්ද කියලා කියනවා. ඒක නිකන් ලංකාව ගැන ප්‍රවර්ධන වැඩසටහන් වගේ කියලා හිතන්නේ අන්න එතකොට. ඔහු ඔහුගේ Youtube Channel එකේ අරමුණ විදිහට සටහන් කරලා තියෙන්නේ ලෝකය තුළ ලංකාවේ නාමය ප්‍රවර්ධනය. ඒ වගේම යුරෝපා සංස්කෘතිය තියෙන නිදහස්කාමී ගති විවෘත බව වගේ දේවල් මේ කතා බහ ඇතුළේ මතු වෙනවා.
විශේෂයෙන් කියන්න ඕනා වැඩේ Like Views බලාගෙනම මේක අපි Youtube එකෙන් කළා නම් කොහොමද? එහෙනම් පැරීසියේ සුද්දන් ලවා කියවන්නේ කුණුහරුප. ඒත් මේ වැඩේ පුරාවටම තියෙන්නේ අහිංසක ආතල් එකක්. වැඩේ සමබර කරන්න අපූරු ආතල් කෑලි දෙක දෙක තුනක්ම දාලත් තියෙනවා. වීඩියෝකරණයේ සංස්කරණයෙත් කියන්න තරම් ලොකු අඩුපාඩුවක් නෑ. කොලිටි එක තියාගන්න උත්සාහ දරපු බවක් පේනවා. බටහිර Youtube Channel අනුගමනය කරන්න පොඩි උත්සහයක් දරලා වගේ.
අවසානයේ දී කියන්න ඕනා Sinhales Speaking Challenge in Paris කියලා කියන්නේ හොඳ වැඩක් අලුත් වැඩක් නිර්මාණය වැඩක්. ඒත් ඉතින් තාම පටන් ගත්තා විතරයිනේ. Views එක්ක Hit වෙනකොට ඔක්කොම හබක් වෙයිද දන්නේ නෑ. පරිස්සමට. අපි දැකලා තියෙනවා ඒවගේ දේවල් Youtube Fans ලා විදිහට ඕනතරම්.
එහෙනම් අලුත් වැඩක් ගැන තොරතුරු අරගෙන අපි එනවා තවත් දවසක. ජයවේවා...
► Text - Nisal / Pic – Internet