අද අපි අපේ බ්‍රෝල සිස්ලා වෙනුවෙන් දෙන්න යන්නේ Telegram, Films ගැන Y Trend එකක්. හරිය. මේක සිරාවට Youth එකේ Hit එකක්. World Calls Trend එකක්.
High School Telegrams. High School Films.
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි ඈ තාම නෑ.... ඈ තාම නෑ.....
හෝව්... හෝව්... ඔය මානසිකත්වයෙන් මේ සීන් එකට යන්න බෑ. පෙළින් පෙළට ගියේ ඉස්සර... දැන් යනේ කපල් කපල්... අනේ සොරි වේවා! මේ කතාවට එනකොට වෙන එව්වා හිතෙනවානේ පැට්ටො... සොරී ආ.... ලයින් වෙමු අද storyයට.
High School Story^s තියන Tele^s, Films පට්ට Trend එකක් කියලා... අමුතුවෙන් ලියන්න ඕනේ නෑනි මගේ සුදා. දන්නවානේ America, Korea, Turkey, Japan, Thailand, Chain වගේ රටවල තමා මේ Trend පටන්ගත්තේ. ලෝකේ තියෙනවා උසස් පාසල් උප සංස්කෘතිය කියලා එකක්. අන්න ඒක තමා මේ Trend එකේ බේස් එක. හරි තවත් තේරෙන විදිහට කිව්වොත් මෙහෙමයි. අපේ කැම්පස්වල තියන උප සංස්කෘතිය වගේ එකක් ඔය. හැබැයි පුතෝ කඳුළු ගෑස්, ජල ප්‍රහාර මේ සීන් එකේ නෑ. මේක නිකන් පට්ට රොමෑන්ස්, මොඩන්, ආතල් සංස්කෘතියක්. ඉතින් ලෝකේ මේ Culture එක පාදක කරගෙන Films, Tele^s හැදෙනවා.
යූහූ ආ... ඔන්න දැන් පැංචෝ පැංචියොන්ට තම තමන් බලපු ඔය ජාතියේ ටෙලි ෆිල්ම් මතක් වෙනවා. හලී හලී... ආන් එව්වා තමා. ලෝකේ තියන ඔය Trend එක සිරිලකේ අපට කරන බලපෑම මොකක්ද? උන් හදනවා අපි බලනවා හරි සරලයිනේ මහතයෝ.
මතකද කොරියන් පිස්සුව ගැන දවසක් Y Trend එකක් දුන්නා පැංචියෝන්ට. ඒක අද කතාවට පොඩ්ඩක් Line වෙනවා. අපේ රටේ ඉන්නවා TV Series බලන එක ඇබ්බැහියක් වුණ අය. Meanly Hollywood TV Series. ඒ අස්සේ අළුත්ම ප්‍රවණතාව තමයි Korean, Japanese TV Series බලන සීන් එක. මේ හැබයි මේ කතා මාලා ගොඩක Line වෙන්නේ High School එකක් වඩේ කෙල්ලෝ කොල්ලෝ අතර වෙන සිදුවීම්.
කොරියාව පිස්සුව තමා ලංකාවේ මේ Trend එකට මුල. මේවල Love Story තමා වැඩි. පට්ට රොමෑන්ස් සීන් තියෙනවා. ඒ වගේ Joke එහෙම පට්ට. සංවේදී කතා තේමාවන් තියෙනවා හදවතට තදට දැනෙණ. සමහර ඒවා ෆැන්ටසි. අපි මේ කියන්නේ කොරියන් ජපන් High School ටෙලි ගැන. දුප්පත්කම, විරහව, සංගීතය, පොහොසත් පවුල් ප්‍රශ්න, වගේ දේවල් මේ කතා ඇතුළේ ගාගෙන යන තේමාවන්. තායිලන්තය චීන වගේ රටවල් මේ ගණයට අයිති ටෙලි ෆිල්ම් නිර්මාණය වෙනවා. ඒත් ගොඩක් වෙලාවට කොරියාව කොපි කරලා. ජපානේ නම් ගොඩක් වෙලාවට කොමික් පොත් වලින් තමයි මේ වගේ කතා දන්නේ. අනික කොරින් කතාවල Japanese Version එකක් ගොඩක් වෙලාවට කරනවා. මේවා ඇබ්බැහි වන සුළු ටෙලි. ලංකාවෙ නම් කෙල්ලෝ තමා මේවා බහුතරයක් බලන්නේ. එයිනුත් Teenagers ලා තමා සීන් එකට පට්ට Interest.
Hollywood වලත් High School Story තියෙනවා. ඒක වෙනම ආතල් එකක් මචෝ. Love story තමා මේවලත් තියෙන්නේ. ඒ වුණාට අමුතු ආතල් Life එකක් පෙන්වන්නේ. බටහිර Sex life එක පැත්තේ දේවලුත් මේවයේ තියෙනවා. cheerleaders, House Party, Basketball වගේ දේවල් වැටේ තමා කතා ගලාගෙන යන්නේ. කොරියන් කතාවල තරම් පවුල් පසුබිම Hollywood කතාව නෑ. වැඩිපුර භාවිතා වන තේමා තමයි ජීවිතේ තරුණ කාලේ පිස්සු කෙලින සෙට් එකක්, නැත්නම් උන් අතර ඉන්න නෝමල් නෝජල් පොරක්. කොහොම වුණත් ආතල් ලෝකේ මැවෙන විදියට තමා මේ ටෙලි Films හැම එකක්ම නිෂ්පාදනය කරන්නේ. තේරෙනවානේ කොරියන් ජපන් සීන් එකට වඩා අෙමරිකානු Line එක වෙනස්. ඒ වුණාට කොරියාවට ජපානෙට ඇමරිකන් ආභාෂය එක්ක තමයි ආවේ. ඒත් එයාලගේ Culture එකට ගැලපෙන්න වෙනස් කර ගත්තා’
අමෙරිකානු High School Life එකට වඩා ලංකාවේ Fans ලා අතර ජනප්‍රිය කොරියන් ජැපනීස් High School Life එක. ඒකට හේතුව සමහරවිට පෙරදිග සංස්කෘතිය සමානකම් වෙන්නත් පුළුවන්. මේ Trend එක කොච්චර ජනප්‍රියද කියනවා නම් ලංකාවේ නව යෞවන කොල්ලෝ බහුතරය මේකට ඇබ්බැහි වෙලා. ඒත් මේවා ගෙදර පේන්න බලන්නේ නෑ. මොකද සුදා, මෙයාලා මේවා බලන්නේ ටී.වී. එකේ නෙවෙයි. Lap එකේ Desktop එකේ නැත්නම් Smart Phone එකේ. Download කරලා Share කරගෙනත් බලනවා. ඒ වගේ ගැන්සිය Set වුණාම ඔය ටෙලි ගැන කතාවෙනවා. නළු නිළියෝ ගැනත් දන්නවා. ලංකාවේ මේ High School සංස්කෘතිය නෑ. ලොකු ලොකු ඉස්කෝලවල යම් යම් ලක්ෂණ තියෙනවා. මේ High School Telegram, Films වල Sri Lankan Fans ලාගේ Dream ගොඩක් තියෙනවා මේවගේ. School යන ගමන් කෙල්ලෝ කොල්ලෝ Prat time Job. පට්ට Fashion. Love කරන්න තියෙන නිදහස. පට්ට පදිරි ඈ... ඔන්න ඕවා තාම ඉතින් ලංකාවේ Trend එකට හේතු.
අනික තව දෙයක් කියන්න ඕනා අපේ රටේ පහුගිය කාලේ මේ ටෙලි කිහිපයක් හඬකවලා රෑපවාහිනී නාළිකා කිහිපයක විකාශය වුණා. දැනටත් කිහිපයක් විකාශය වෙනවා. Boys Follow Love, The Heirs වගේ ඒවා Hit වුණා. ඒ වගේම අද ලංකාවේ ජනප්‍රිය ටෙලියක් වෙච්ච දෙවෙනි ඉනිමෙත් High School Trend එකේ ලක්ෂණ තියෙනවා. අපි විශ්ලේෂණය කළොත් දෙවෙනි ඉනිමේ ජනප්‍රියත්වයට ලොකු හේතුවක් මේ ලක්ෂණ. විශේෂයෙන්ම තාරැණ්‍යයේ ආකර්ෂණයට.
කොහොම වුණත් අනාගතයේදී දේශීය මේ වගේ ටෙලි, Films නිෂ්පාදනය වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒත් ලංකාව, ඉන්දියාව වගේ රටවල සංස්කෘතිය සීමා මායිම් අතික්‍රමණය ලේසි නෑ සහෝ. දන්නවානේ කන පිරෙන්න අහගන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටි පරම්පරාවට මේ සීන් එච්චර අල්ලන්නෙ නෑ.
ඔන්න අද කතාව අපි තව ඇදගෙන යන්නේ නෑ. මේ Trend ලංකාවට රහසක් ටිකක් විතර... ඒ නිසා අනික් අයට හෙළි කළා කියලා අපේ පැංචලා කෙසේ වෙතත් පැංචියෝ නම් අපිට බනින්නත් පුළුවන්... හා... හා... එව්වා කමක් නෑ. ඈ වැඩේ අවුල් වගේද? එහෙනම් ආයෙත් සොරි වේවා. අපි හැමදේම කිව්වේ නෑනේ සුදා. අවසානෙදී අදත් කියනවා පට්ට පරණ කතාවක් ඕන්න...
ඕනම දෙයක් ඕනවට වඩා ඕනේම නෑ හරිය ... !
► Text - Nisal / Pic – Internet