එන්න දවසක වැව අද්දරට
ඉස්සර දවසක අපි මුණගැහුණ
එදා වගේමයි ඒ සඳ පලුව
ඈත අහසේ කොණක දිලිසුණ
රැයක නිදියන මලක් ඇහැරී
හදිස්සියකින් සඳට කොඳුරන
රහස් නැතුවද රැයක් එළිවන
කළුවරේ කවිකමක් ඇහිඳින
නේන දා කිසිවෙක් බලන්නට
ඇරලවා ගිය ඉනික්බිති අද
නොදල්වනු මැන ඉටිපහන් නුඹ
මට දුකයි නොහැඬුවත් ඒ ඇස
සිඟන්නිය වී සසර මඟතොට
ඇවිත් යන්නැති හැමදාම මම
නුඹ නැතත් හරි සුන්දරයි සඳ
තනිකමට කවිකමක් මුමුණන