2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ගොන් පොර අයියයි ලස්සන කෙල්ලයි...

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 148
 
මේ මහා මන්දිරයක සිදුවීමක්. මේ මහා මන්දිරය පිහිටලා තියෙන පළාතේ ඇසට පේන දුරින් කිසිම වෙනත් නිවාසයක් දකින්න නැහැ. මේ මහා මන්දිරයට අයිති ඉඩකඩම් විතරයි පේනතෙක්මානයේ තියෙන්නේ. මේ මහා මාලිගයේ සුර සැප විඳමින් කිරිල්ලියක් වගේ හරි සැහැල්ලුවෙන් ලස්සන කෙල්ලෙක් ඉන්නවා. එයා ගොඩාක් ලස්සනයි. එක පාරක් දැක්කම එයා දිහා සිය දහස් වාරයක් ආපහු හැරිලා බලන්න හිතෙන තරමට ඇය ලස්සනයි. ඒ පළාතෙම ඉන්නවා කඩවසම් තරුණයෙක් ඔහු කම්මල්කාරයෙක් නිසාම නෙවෙයි මහා ගිනි ගොඩක යකඩ රත්කරලා යකඩ තලන්නේ. ඔහු තමන්ගේ සිරුරේ හයි හත්තිය වැඩි කරගන්නයි එහෙම කරන්නේ. ඔහු ඒ පළාතට ආවේණික ක‍්‍රීඩාවක් වන ගොංපොර ක‍්‍රීඩාවේ ඇති දක්ෂයෙක්. ඔහුගේ නම සෆර්.
 
සෆර් - සමහර සම්බන්ධතා ණයතුරුස් ගෙවනවා වගේ විතරයි තියෙන්නේ. ඒවා ඉෂ්ට කරන්න නෙවෙයි ගෙවන්නයි වෙන්නේ.
රූප් - කොයි වෙලාවක හරි වෙන කෙනෙන්ගේ පරාජය තමන්ගේ ජයග‍්‍රහණය වගේ දැනෙනවනම් අපි තරම් ලෝකේ පරාද වෙච්ච අය තවත් නැහැ.
 
මේ කියන්න හදන සිනමාපටයේ කතාවේ ඔය කිව්වට වඩා නම් තාම කියන්න විදියක් නැහැ. මොකද ඒ කතාව දැනගන්න නම් අපිට 2019 අප්‍රේල් 17 වැනිදා තිරගතවීමට නියමිත කලන්ක් හින්දි සිනමාපටය තිරගත වෙනකම් ඉන්න වෙනවා. ඔබට මේ සිනමාපටයේ ට්‍රේලර් එකක් බලන්න පුළුවන්කම තියෙනවනම් ඒ සිනමාපටය ඉතාම සුන්දර රූප රාමුවලින් සහ දර්ශනවලින් පිරී තියෙන බව දැකගන්න ලැබේවි. කලන්ක් කියන වචනෙ තේරුම කැලල කියන එකයි. ඉන්දියානු රුපියල් කෝටි 80ක් වියදම් කරලා හදන කලන්ක් හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ අභිෂේක් වර්මන්. මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ කරන් ජෝහාර්, සජිද් නදියාද්වාලා, හිරූ යාෂ් ජොහාර් සහ අපූර්ව මෙහ්තා.  කලන්ක් හින්දි සිනමාපටයේ තිර රචනය කරලා තියෙන්නේ අභිෂේක් වර්මන්. කතාව ශිබානී භතීජාගේ. මේ සිනමාපටයේ තියෙන මනබඳින ගීත සප්තස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ප‍්‍රීතම්. සිනමාපටයේ පසුතළ සංගීතවත් කරලා තියෙන්නේ සන්චිත් බල්හාර් සහ අන්කිත් බල්හාර්. ධර්මා ප‍්‍රඩක්ශන්, නදියාද්වාලා ග‍්‍රෑන්ඩ් එන්ටර්ටේන්මන්ට් කියන ආයතන දෙකෙන් තමයි මේ සිනමාපටය හදන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටය හැඩ කරන්න ඒකේ චරිතවලට පණ පොවන්න එකතුවෙලා ඉන්න ඔබ ආදරය කරන ඒ දැවැන්තයෝ ටික ගැනයි. මුලින්ම මේ සිනමාපටයේ බහාර් බේගම්ගේ චරිතයට පණ පොවන ඇය ගැන කියලා ඉන්නම්. 1967 මයි 15 වැනිදා ඉන්දියාවේ මහාරාශ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවලදී ඉපදුණ ඇය 1984 පටන් හින්දි සිනමාවට නිළියක් විදිහට එකතුවෙලා තියෙනවා. ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ 14 වතාවක් හොඳම නිළිය විදියට නිර්දේශ වෙලා තියෙන්නේ වාර්තාවක් තියමින්. ඇය 2008 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙනුත් පිදුම් ලබනවා. මේ ඇය රංගනයෙන් දායක වුණු සිනමාපටවලින් අතලොස්සක් විතරයි. බලන්නකෝ ඇයව ඔබට මතකෙට එනවද‍ කියලා.
 
1988 Tezaab,Ram Lakhan (1989), Tridev (1989), Kishen Kanhaiya (1990), Dil (1990), Saajan (1991), Beta (1992), Khalnayak (1993), Hum Aapke Hain Koun..! (1994), Raja (1995) Dil To Pagal Hai (1997) Prem Pratigyaa (1989), Parinda (1989), Prahaar (1991), Anjaam (1994), Mrityudand (1997), Pukar (2000), Lajja (2001) Devdas (2002). 2007 Aaja Nachle,Dedh Ishqiya (2014),Gulaab Gang (2014),Total Dhamaal (2019),
ඒක් දෝ  තීන් චාර් පාච් චේ සාත් ආට් නව් දස් යා ගේරාහා බාරහ් තේරා. දැන් මතක් වුණාද තේසාබ් සිනමාපටයේ නර්ථනයේ යෙදෙන ඒ සුරෑපිණිය. ඔව් ඔබ හරි මධුරි දික්ෂිත් තමයි කලන්ක් සිනමාපටයේ බහාර් බේගම්ගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ සත්‍යා චවුද්‍රිගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. උස මහත සිරුරකට හිමිකම් කියන මේ සුන්දර කෙල්ල මෙන්න මේ සිනමාපටවල චරිතවලට පණ පෙව්වා. 
 
 
Rowdy Rathore (2012), Son of Sardaar (2012), Dabangg 2 (2012) Holiday(2014),Lootera (2013),Tevar (2015). 2010 Dabangg, Once Upon A Time In Mumbai Dobaara,Bullett Raja,R... Rajkumar, Force 2
1987 ජුනි 02 වැනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පට්නාවල ඉපදුණු මේ කෙල්ල දැනට ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවලයි ජීවත්වෙන්නේ. 2010 පටන් හින්දි සිනමාවට සම්බන්ධව කටයුතු කරන ඇය නිළියක් වගේම ගායිකාවක්ද වෙනවා. චින්තාතා චිතා චිතා චින්තා තාතා කියන ගීතයට මුහුණ හොලවමින් හිනාවෙන් හඬකවන ඇයව ඔබට අමතක වෙන්නනම් බැහැ. ජනප‍්‍රිය නළුනිළියන් දෙපලකගේ දියණිය වන ඇයගේ පියා ඉන්දියාවේ දේශපලනයේ ද නිරත වෙනවා. පූනම් සිංහා සහ ශත්ශෘගන් සිංහාගේ දියණිය සෝනක්ෂී සිංහා ගැනයි මේ කියන්නේ. ඇය තමයි සත්‍යා චවුද්‍රිගේ චරිතය හැඩ කරන්නේ. ඊගාවට කියන්නේ රූප්ගේ චරිතයට පණ පොවන් දක්ෂ සුන්දර දඟකාර හිනාවෙද්දී මුහුණේ කම්මුල් වලගැහෙන සුන්දර හිනාවකට උරුමකම් කියන සිනමා පවුලක පුරුකක් වෙන කෙල්ලෙක් ගැනයි.
 
Student of the Year (2012).,2 States (2014), Humpty Sharma Ki Dulhania (2014), Badrinath Ki Dulhania (2017 Kapoor & Sons (2016);  Dear Zindagi (2016). Highway (2014), Udta Punjab (2016), Gully Boy (2019), 
2016 Ae Dil Hai Mushkil,2016Dear Zindagi,2018Welcome to New York
 
1993 මාර්තු 15 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවල ඉපදුණත් ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. 2012 ඉඳලා හින්දි සිනමා තාරාකාවක් වන ඇය නිළියක් වගේම ගායිකවක් ද වෙනවා. සිනමා සම්මාන රාශියක් තමන්ගේ නමට ලියා ගන්න සමත්කම් දක්වලා තියෙන මේ කෙල්ල සිනමාපට නිෂ්පාදකයෙක් වන මහේෂ් භාත් සහ සෝනී රස්දාන්ගේ දියණිය. ජනප‍්‍රිය නළුවෙක් වෙන රන්බීර් කපූර්ගේ මේ දවස්වල පේ‍්‍රමවන්තිය විදියට ඉන්දියාවේ මාධ්‍යවල විශේෂ අවධානයක් දිනාගෙන ඉන්න ඇය ආලියා භාත්. රූප්ගේ චරිතයට ආලියා භාත් පණ පොවද්දී සෆර්ගේ චරිතයට පණ පොවන්නේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් හින්දි සිනමාපටයේ ඇයත් එක්කම කරළියට පැමිණි කඩවසම් තරුණයෙක්. ඔහුත් සිනමා පවුලකින් පැවත් එන්නෙක්. මේ හාදයා මෙන්න මේ සිනමාපටවලිනුත් ඔබ අපි හමුවට ආවා.
 
2012  Student of the Year,Humpty Sharma Ki Dulhania (2014), ABCD 2 (2015), Dilwale (2015), Dishoom (2016) Judwaa 2 (2017). Badlapur (2015), Badrinath Ki Dulhania (2017), October (2018);
අමතකනම් මෙන්න මේ විස්තර ටිකත් කියන්නම්කෝ. 1987 අප්‍රේල් 24 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේ ඉපදී තියෙන මේ ඉලන්දාරියා 2012 වසරේ සිට නළුවෙක් විදියට හින්දි සිනමාව හා සම්බන්ධ වෙනවා. ඔහු වෙන කවුරුවත් නෙවෙයි. ජනප‍්‍රිය හින්දි සිනමාපට අධ්‍යක්ෂවරයෙක් වන ඩේවිඩ් ධාවන්ගේ පුතා වරුන් ධාවන්. මේ කිව්ව කට්ටියට අමතරව ආදිත්‍ය රෝයී කපූර් සහ සංජය දත් ද මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතවලට පණ පොවනවා. ඔවුන්ට අමතරව කුනාල් ඛේමු, හෙතේන් තේජ්වානී, කිරන් අද්වානී, ක‍්‍රිටී සැනෝන් ද මේ සිනමාපටයේ විවිධ චරිත හැඩ කරන්න සම්බන්ධ කරගෙන තියෙනවා. මේ සිනමාපටය සංකල්පයක් විදියට තියෙන කාලයේ ජෝහාර් සහ ඔහුගේ පියා මධුරි දික්ෂිත් පණ පොවන චරිතය වෙනුවට මෙයට අවුරුදු 15කට කලින් ගන්න ඉඳලා තියෙන්නේ ශ්‍රී දේවිවයි. ඇය මේ වෙනකොට ජීවිතෙන් සමුගෙන තියෙන බව ඔබ අපි දන්න කාරණයක්නේ. 2018 ඉඳන් තමයි මේ සිනමාපටයේ ෂූටින් කරන්න පටන් අරගෙන තියෙන්නේ. කලන්ක් සිනමාපටයේ ගීත 2017 - 2018 වසරවල පටිගතකිරීම් කෙරුණා කියල තමයි සඳහන් වෙන්නේ. ප‍්‍රීතම්ගේ සප්ත ස්වරයෙන් හැඩ වුණු ගේය පද ජීවත් කරන්න තමන්ගේ කන්කළු හඬින් ඒවා විචිත‍්‍රවත් කරලා තියෙන්නේ අර්ජිත් සිං, දර්ශන් රාවල්, භ්‍රිදේයි ගට්ටානී, හර්ශ්දීප් කෞර් සහ මෝහිත් චවුහාන්. වසන්ත කාලයේ සුන්දරත්වය වැඩි කරන්න සිංහල අපගේ සිංහල අලුත් අවුරුද්දට හින්දි සිනමාවට ප‍්‍රිය කරන ඔබ වෙනුවෙන් ඉන්දියාව දෙන ඉතාම සුන්දර තිළිණයක් විදියට අපි මේ සිනමාපටය භාරගමු කියා මතක් කරමින් හින්දි සිනමා ලෝලී ශ්‍රී ලංකාවාසී ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ප‍්‍රාර්ථනයෙන් අදට සමුගන්නම් ලබන සතියේ තවත් අලුත්ම අලුත් සිනමාපටයක තතු විත්ති ඔබට ගෙන එන බලාපොරොත්තුවෙන්.
 
► Translation — Chandana Waravitage