2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

චුට්ටක් අවුල් හැබැයි ෂෝක් වස්ති

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

ලංකාවේ ජනප්‍රියත්වයෙන් අංකඑකේ Youtube Channelඑක මොකක්ද කියලා ඇහුව්වොත්... තාරුණ්‍යයේ ගොඩාක්දෙනාගේ උත්තරය “වස්ති. ඒ නිසාම අපිට ඔවුන්ව අලුතින් හඳුන්වා දෙන්නනම් ඕනේ නෑ... වස්තිලාගේ Channelඑකේ Subscribeම ලක්ෂ පහකට අධිකයි.

වස්ති අලුත් වීඩියෝ එක ගැන තමා අද Youtube Hitවලින් කතා කරන්නේ.  Arabic vs Sri Lanka “විල්පත්තුව මේ වෙනකොටත් ගොඩාක් දෙනෙක් බලලා ඉවරයි. ගොඩාක් දෙනෙක් කියන්නේ මිලියන එකයි දශම පහක් Views. මේ Videoඑකට like හැටහතර දහසක් විතරත් තියනවා. සාපේක්ෂව ලංකාව වගේ රටක මේක සුපිරි තත්ත්වයක්.

මේ වීඩියෝ ගැන කතා කරනකොට වස්තිලගේ කවදත් තියන ප්‍රහසනය මේකේ අන්තර්ගතයි. ඒවගේ සමාජේ සමහර තැන්වලට පහරක් දෙකක් ගහනවා සැරට. ඒ වගේම ඇඟටපතට නොදැනෙන්න. අරාබි ජතිකයෝ හා ශ්‍රී ලංකිකයෝ අතර සැසඳීමක් මෙහිදී සිද්ධවෙනවා. සිදුවීම් කිහිපයක් හරහාම තමා කතාවක් ගොඩනැගෙන්නේ... ඍජු වගේම වක්‍රව සමාජ ශෝධනයක් මේ හරහා සිදුවෙනවා කිව්වොත්  හරි.
වස්ති විඩියෝ Youtube Hit බවට පරිවර්තනය වීම අලුත් දෙය නෙවෙයි. නමුත් පහුගිය කාලේම වෙළඳ දැන්වීම් ස්වරූපයේ වීඩියෝ තමයි වස්තිලා නිර්මාණය කළේ. මේ වීඩියෝ එක කාලෙකින් ආව හොඳ වස්ති Productionඑකක් කියලා අපිට කියන්න පුළුවන්. වෙනදා වගේම පිටපත අධ්‍යක්ෂණය අනුෂ්කගේ. පුරුදු සෙට්එක අතර අලුත් මුහුණුත් තියනවා.

සරල කැමරා කෝණ තමයි භාවිතා කරලා තියෙන්නේ. සංස්කරණ දී එහෙමයි. මේවාට කවදාවත් විශේෂිත සැකිල්ලක් වස්තිලාගේ නෑ. Youtube එකට ගැලපෙන විදිහට සරලව ඒ හැම දෙයක්ම වෙන්නේ. මේ විඩියෝවේ දිග මිනිත්තු 13කට වඩා වැඩියි. ඒකනම් මේ වගේ වීඩියෝ එකකට සාපේක්ෂව වැඩී. නමුත් වස්තිලාගේ ජනප්‍රියත්වය එක්ක, වීඩියෝ ඒකේ නම එක්ක මේක... සම්පුර්ණයෙන් බලන්න ඕනම කෙනෙක් පෙළඹෙනවා. ඒ නිසාම මෙහිදී තියන තාක්ෂණික අඩුපාඩු  ගැන කවුරැත් විශේෂ සැලකිල්ලක්  දක්වන්නේ නෑ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. 

මේ වීඩියෝ අන්තර්ගත හා පිටපත දිහා බැලුවාම මේක මීට වඩා හොඳට කරන්න තිබ්බාණේ කියලා හැඟීමක් අපිට එනවා. ඒකත් ඉතින් සාමාන්‍යයි. සමහර තැන්වල පොඩි අතිශෝක්ති ගතියක් තියනවා. නමුත් ඒ දේවල් මෙහි ජනප්‍රියත්වයට කිසි බාධාවක් වෙලා නෑ. සමහර දෙබස් අතිශ්‍ය ප්‍රභලයි වගේ තවත් දෙබස් එතෙන්ට අනවශ්‍යයි කියලා හිතෙනවා. ඒවගේ දේවල් මෙහි දිග වැඩිවීමට බලපාලා තියනවා.

ඒත් ප්‍රබල සමාජ කාරණා ඉතා සියුම් විදිහට තමන්ගේ පිටපතට ඇතුළත් කිරීමට අනුෂ්ක සමත්වෙලා තියෙනවා. ඒවගේම විල්පත්තු ඈඳාගැනීම මෙහි ඉතා ජනප්‍රියත්වයට දෙගුණ තෙගුණ වෙන්න හේතුවක්. සමාජ ප්‍රශ්න දිහාබලලා ඉතා සියුම්ව තමන්ගේ නිර්මාණයට ඒවා එක්කරගැනීම නිර්මාණකරුවෙක්ගේ දක්ෂතාවක්.  ඒත් Youtubeවල මේදේ වෙනවා අඩුයි. Views හොයන්න ඕන දෙයක් කිරීම තමයි තියෙන්නේ. නමුත් වස්ති වෙනස්. ඔවුන්ගේ හැකියාවේ  වර්ධනයක් තියන බව පැහැදිලියි. අනාගතයේ තවත් විශේෂ නිර්මාණය ඔවුන් ඇසුරේ බිහිවෙන්න ඉඩ තියනවා.