මේ දිනවල රූපගත කෙරෙන නිර්මාණයකට දායකත්වය ලබාදෙන එක්තරා ශිල්පියෙකුට හදිසියේ කොන්දෙ මාංශපේෂිවල අවුලක් ඇතිවෙලා.
දින දීලා තිබුණු නිසා ෂූටින් නොගිහිනුත් බැහැ. කැක්කුම නිසා සෙට් එකේ කිසි කෙනෙක් මෙයාට රුස්සන්නෙ නැහැ. කේන්තියෙන්ම තමයි ඉන්නෙ. ඩයලොග් කියවනකොටත් මළ පනිනවා.
මෙයාට පුටුවල වාඩිවෙන්න පුළුවන් වුණත්, නැඟිටින්න ගියාම මරළතෝනි දෙනවා කැක්කුම නිසා. ඇත්තටම එයාට කැක්කුම හරිම වේදනාකාරියි.
බොහොම අමාරුවෙන් සීන් එකක් කරලා අන්තිමට පොඩ්ඩක් හැරිච්ච ගමන් අම්මෝ කියලා කෑගහනවා.
මේක බලන් හිටපු සෙට් එකේ තවත් කටකාර නිළියක් කිව්වලු අනේ අයියේ බොරුවට කොන්ද කන්ද කරන්න එපා. අපිටත් වැඩ තියෙනවා. අපේ කාලෙ කන්න එපා, කියලා.
පසුගිය දවසක කලා ලෝකයේ ශිල්පියෙකුගෙ පොඩි පුතාගෙ උපන් දින සාදයක් තිබුණා. බොහෝ තරුණ කලා ශිල්පීන් ශිල්පිනියන් ඒ උත්සවයට ආරාධනා ලබා තිබුණා.
අද ඉතින් ගොඩක් උත්සවවලට වෙන වෙනම Theme තියෙනවනෙ. මේ පුංචි එකාගෙ පාටියෙ කලර් theme එක තමයි ළා නිල් සහ ළා සුදු පාට.
ඉතින් මේකට ආරාධනා ලබපු ගොඩක් ශිල්පිනියො විශේෂයෙන්ම මේ පාටින් තම තමන්ගෙ ඇඳුම් නිර්මාණය කරන්න මහන්සි වුණා.
සමහර අයටනම් ඒ පාට හොයාගන්නත් අමාරැවෙලා තියෙනවා.
දන්න දන්න හැමතැනකටම ගියත් ඒ පාට හොයාගන්න බැරිවුණු නිසා එක් ශිල්පිනියක් හිටියෙ හරිම කේන්තියෙන්. බැරිම තැන මහරගම පැත්තෙ රෙදි පිළි සාප්පුවකට ගියාලු අවසාන වතාවට.
මොනවද මිස් හොයන පාට?
ළා නිල් සහ ළා සුදු පාට, කෙල්ල වටපිට බලමින් ගාණක් නැතුව කිව්වලු.
කලා ක්ෂේත්‍රයට සම්බන්ධ මාධ්‍යවේදීන් අතරත් ඉඳලා හිටලා රඟපාන, සින්දු කියන අයත් ඉන්නවනෙ.
ඒ අතර ඉන්නවා යම් යම් උත්සවවලට ගියාම වෙන වෙන ජාති සෙල්ලම් දාන මාධ්‍ය සගයො.
අද කියන්න යන්නෙත් ඒ වගේ අපූරු මාධ්‍ය සොහොයුරෙක් ගැන කතාවක්.
මෙයාට තියෙනවා ලස්සන කොණ්ඩයක්. චිත්‍රපට මාධ්‍ය දර්ශනවලට එහෙම ගියාම මෙයා යාළුවො එක්ක වාඩිවෙන්නෙ නැහැ. මෙයා කරන්නෙ ඉස්සරහ පේළිය කිට්ටුව හිස් පුටුවක, කොණ්ඩෙත් කඩාදාලා වාඩිවෙන එක.
පුදුමෙ කියන්නෙ පිටිපස්සෙ කොච්චර සීට් තිබුණත් සමහරු කෙළින්ම යන්නෙ ඉස්සරහට. ගිහින් මෙයා ළඟ වාඩිවෙනවා, කෙල්ලෙක් කියලා හිතාගෙන.
► Text - Mithra