2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කෝළම් ගොඩයි ගැරිලි සාගරයයි

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31 222

මේ අවුරුදු කාලේ සිනහා වෙයන් රාලේ... 
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ...

ගමේ සීන්එක නෙවෙයි බ්‍රෝ... මේ වෙනම එකක්... ආපී ඔන්න අවුරුදු කාලේ...!
Y Trend එක අපි දෙන්න යන්නේ මොඩන් අවුරැදු ගැන.

Hii Friends 

අවුරුදුද්ට ඇඳුම් ගත්තාද...? අවුරුදු ජයද...? පාටි නැද්ද...? ගමේ යනවාද...?
මේවා තමයි මේ දවස්වල කට්ටිය Set වුණාම අහන ප්‍රශ්න. ඉතින් ඒනිසා මොඩන් අවුරුදුදේ Trend වුණ දේවල් ටිකක් අපි අරගෙනම අවා.
පළවෙනි සීන්එක Marketing. හැම shopඑකක් ඉස්සරම ඔන්න ඉරමාමගේ පින්තූරේ ගහලා තියෙන්නේ මේ දවස්වල. දැකලා ඇතිනේ පැංචලා. අවුරුද්දට අලුත් ඇඳුම් අඳිනඑක ඉස්සරහ ඉඳන් එන සම්ප්‍රදායක්. ඒත් දැන්  ඇඳුම් අදිනඑකට අමතර...  Set එක එක්ක ඇඳුම් ගන්නඑක අපේ Familyවල අයගේ අලුත්ම අවුරුදු චාරිත්‍රය. අවුරුද්දට Shopping යනඑකේ ළඟම තියන තැනට යනවාට වඩා කට්ටිය යන්නේ ටිකක් දුරකින් තියන තැනකට. කොළඹ අවට නගරවල අය කොළඹට එනවා. දුර ගම්පළාත්වල අය කිට්ටු හොඳම ටවුමට යනවා. මේවා තමා Shopping අවුරුදු Trend  සුදා... ඉතින් ඔයාලත් එහෙමනේද...? 

ඔන්න තව සීන් එකක් තමයි සූදුව... ඉස්සර ඔලිද කෙලිය, පංච දැමීම, කැට ගැසීම ඉස්සර තිබ්බ අවුරුදු ක්‍රීඩා මතකනේ. දැන් ඉතින් ඒවා අඩුයි... කැට එහෙම ගහනවා... ගම්පළාත්වල ඒ අවුරුදු ක්‍රීඩාවල් විදිහට නෙවෙයි. ලොකු සූදුවක් විදිහට... සමහර වෙලාවට මේවලට පොලීසියෙනුත් පනිනවා. මේ කැටපිලවල්වල සල්ලි ලක්ෂ  ගණන්වලින් තියේනේ.

තව බූරු ගැසීමේ ලොකුම සූදුපිටි ආරම්භ වෙන්නේ මේ කාලේට. අපේ සුදාලා අහලාත් ඇතිනේ... ඔන්න ඒකේ නම් පට්ට කතාවක් තියනවා... අවුරුදු ළංවෙන මේ වගේ දවස්වල බූරු ගැහිල්ල පටන්නේ සේෆ්ටි ෆස්ට් නිසා... ඉස්සර මේක ගමේ වැඩිහිටි සෙට් එකේ වැඩක්. ඒත් දැන් ගෙමේ කොල්ලෝ මේ සීන් එක රන් කරන්නේ. එක ගෙදරකට සෙට්වෙලා බූරූ ගහනවා. පිල යන්නේ ලක්ෂ ගණන්වලින්. ඔට්ටු අල්ලන්නේ බරපතළ විදිහට. සමහරු අවුරුද්දේම හම්බ කරපු දේවල් මෙතැනදී නැතිකර ගන්නවා... දුක තමා පුතී... තවත් අය ගොඩයනවා... ඊළඟ අවුරුද්දේ මඩ වෙනවා... මේක පිස්සුවක්... ඒකට හුරුවෙච්ච කෙල්ලෝ ගොඩාක් දැන් අර්ධනාගරික ප්‍රදේශයවල ඉන්නවා... ඉතින් මේවා හැමෝටම Lineවෙන්නේ බ්‍රෝ... අවුරුද්දට Line එකේ බැහැලා බලන්න ඕනා සුදා...

නැකත් ගැන කිව්වොත් දැන් ලංකාවේ Trendingම නැකත තමා ගණුදෙනු කිරීම... බැංකු අතර මාර තරඟයක් තියෙන්නේ... ඒකට තියනවා පට්ට Option. Banksවලින් දෙන Gift ගන්න බලාගෙන මේ ගනුදෙනු කිරීමට යනඑක දැන් අපේ අයගේ Trend එකක්... මෙතනදී වාසිවෙන්නේ බැංකුවටම තමා. දෙන්නේ සොච්චම් තෑගී. ඩිපෝසිට් එකක් දාගන්නවා අවුරුද්දක් විතර යනකම් ගන්න බැරි විදිහට මිනිසුන්ගෙන්.  ඒ වුණාට අපේ උන්ට  ඒවා අදාළ නෑ තෑග්ග ලොකුයි. Trend බ්‍රෝ Trend...
ඊළඟට අවුරුදු උත්සව... ඒවා නම් රජ කාලේ ඉඳලාම තිබුණානේ. ඒත් මොඩන් අවුරුදු උත්සව වල සීන්එක වෙනස්. ජන ක්‍රීඩා වෙනුවට ආතල් අමුතු අමුතු ක්‍රීඩා තියෙනවනේ. බැලුම් බෝල ඩාන්ස් එක. කිරි කිරි බෝලේ, පත්තර කොළ ඩාන්ස් ඒවැයින් ටිකක්. අපේ පැංචෝ පැචියෝ සහභාගීවෙත් ඇතිනේ. අවුරුදු උත්සවය Dj Music එහෙම අනිවාර්යිනේ. රෑට මියුසිකල් එකක ගහනවා ගොඩක් වෙලාවට. තරුණ සෙට්එක තමා මේ සීන්එකේ ආතල් ගන්නේ. 

සුමිහිරි පානේ පදමට ගහලා... අවුරුදු සහ බාර් අද ලොකුම Trend එකක්. කරටි කැඩෙන්න ගහන්න මේ කාලේ Special කලින්ම බෝතල් අරන් තියාගන්නේ අවුරුද්දට බාර් වහන නිසා. හොරපොට්වලින් හරි බඩු ගන්න සීන්එක මේ දවස්වල වැඩි. පාටි දානවා හැමතැනම. බාර්කාරයෝ පොහොසත් වෙනවා... සිටි සිටි ගාලා බ්‍රෝ... මේ සීන්එක නිසාම කියමනක් තියනවා ඔය රාජ්‍ය සේවකයෝ අතර... අවුරුදු මාසේ බීලා බීලා  වෙසක් මාසේ වියඳම ඒ හිස් බෝතල් ටික බෝතල් පත්තර කාරයන්ට විකුණන්න වෙනවා කියලා...  ඉතින් බක් මහ සමහරුන් බේබදු මාසයක් සුදාලා. 

මෙහෙම කියාගෙන කියාගෙන ගියොත් අවුරුදු එක්ක එකතුවෙච්ච අලුත් trend ගොඩ ගැන කින්න පුළුවන් පැංචෝ. අවුරුදුනේ අපිටත් වැඩඅල්ලන තියනවා. ලෝකේ හැටි වෙනස් වෙන එකනී. අවුරුදු මොඩ්වෙලා... අපි ලොස්ට් වෙලා... අවුරුද්දේ හරය හැලිලා. ආතල් වැඩිවෙලා. නිකන් ගොබ්බ සීන් එක ආ...  අපිත් මේවා දිහා බලන් ඉන්නවා... අහෝ දුකකි... ආතල් ගොඩකි... අපිත් මේවල හවුල්කාරයෝනේ... හා නැද්ද සුදා... ඉතින්  බනින්නත්  බෑ... මහන්සි... බොමු සීතල වතුර වීදුවක්..! පොෂ් පුස් අලුත් අවුරුද්ක් වේවා... ලාලා... 

 

► Text - Nisal   /   Pic – Internet