2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

යමු පන්සල් අවුරුද්දේ

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 199

පෝයත් කිට්ටු වෙන එකේ අපි හිතුවා ඔයත් එක්ක රජ කාලේ පන්සලකට ගිහින් එන්න. අවුරුදු 300ක් විතර පැරණි ඉතිහාසයකට උරුමකම් කියන මේ රජමහා විහාරය  උඩුවක පුරාණ ගල්ලෙන් රජමහා විහාරය නමින් හැඳින්වේ. නුවර යුගයට අයත් ගල් ලෙනක පිහිටි මේ රජමහා විහාරය වළගම්බා රජු හමුදා කඳවුරක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. සබරගමු පළාතේ උඩවක කියන ගමේ තමා මේ රජමහා විහාරය පිහිටා තියෙන්නේ.

 

දැවපිට සම්ප්‍රදායට අනුව නිර්මාණය කර ඇති මෙම රජමහා විහාරයේ වැඩ වෙසෙන දෙගම්මැද පියරතන හිමි අපට මේ රජමහා විහාරය ගැන කිව්වේ එහි ඉතිහාසය ගැන කියන ගමන්. කෑගල්ල දිශාව අල්ගම පැත්තේ සවාරියක් ගියොත් මේ රජමහා විහාරයට ගිහින් එන්න.

► Text  and pic – Channa Kassapa Koralearachchi