මේ ගහක් කොළක් අහලක පහලක දකින්න නැති ප්‍රදේශයක්. පේනතෙක් මානයේ තියෙන්නේ වැලි කතරක් විතරයි. ඈත ආකාසේ ගිනියම් වෙලා මේ වැළිතලය පෙළමින් හිටිය සූර්යා හැංගිලා යන්න හදන වෙලාව වුණත් සූර්යා දිහා මනුස්සයෙක්ට කෙලින් බලන්න බැහැ. ඒ නිසාද කොහේද මෙතන ඇවිදිමින් සුදු පාට කුර්තා ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් නළලට අත තියාගෙන සූර්යා දියා ඇස් අඩවන් කරගෙන නළල රැළි කරගෙන කල්පනා කරනවා.
මෝදී - මිනිස්සු ඇත්තටම බයයි. ඔබ කශ්මීර් එක්ක හැපුණොතින් දේශය කෑලී කෑලි කැඩිලා යාවි.
මේ ඉන්දියාවේ දිල්ලි නගරයේ ආග්රාමාත්ය කාර්යාලය. මෙතන කාලෙකට කලින් ඉන්දියාවේ නායිකාව වුණු ඉන්දිරා ගාන්ධි මැතිනිය වාඩිවෙලා ඉන්නවා. ඇය ළඟට යුරෝපීය ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් එනවා. ඔහුගේ නම අමිත් ශාහ. අමිත් ශාහ - අද? අවසන් කරන්න ඕන. ද එන්ඩ් ඔෆ් නරේන්ද්‍ර මෝදි (අද රෑ තමයි නරේන්ද්‍ර මෝදිගේ අවසානය)
කෝච්චියේ තේ විකුණුව කොල්ලෙක් ඉන්දියාව වගේ රටක අගමැති වෙයිද? එහෙම ඔබගෙන් ඇහුවොතින් ඔබ මොකක්ද දෙන උත්තරය? ඔබගේ උත්තරය කුමක් වුණත් උත්තරය ඔව් වෙන්න ඕන නේද? මේ ගුජරාට් ප්‍රාන්තයේ දුම්රිය නැවතුම්පොළක සිදුවීමක්. මේ නැවතුම්පොළේ නවත්තලා තියෙන දුම්රියකට කුඩා කොල්ලෙක් අතේ තේ පෝච්චියකුත් අරගෙන නගිනවා.
මෝදී - හැමෝටම තේ. මෝදිගේ තේ. මාමා තේ එකක් බොන්න.
තේ විකුණලා පාසලට යන්න පිටත් වෙන මේ කොල්ලා තමන්ගේ රටේ ජාතික කොඩිය දැක්ක ගමන් සැලියුට් එකක් ගහනවා. ඒක ඔහුගේ යාළුවෙක් දකිනවා.
කුඩා කොල්ලෙක් - ඒයි නරූ ඔයා ජතික කොඩිය දැක්ක ගමන් ඒකට වඳින්නේ ඇයි?
මෝදී - ඔයා දේව මන්දිරයක් දැක්ක ගමන් වඳින්නේ ඇයි?
ඔහුට හැමවෙලාවෙම ඕන වුණේ තමන්ගේ රට විතරයි - ඔහු ඉලන්දාරියෙක් වෙද්දී පදිකවේදිකාවේ නිදිය ගන්නවා. ලෝගුවක් දාගෙන අතට හැරමිටියක් දරාගෙන රැවුල කොණ්ඩේ වවාගෙන පළාතෙන් පළාතට සන්නාසියෙක් වෙලා ඇවිදිමින් ජීවත් වෙනවා. ඔහු හිමාලයට යන්නේ තරුණ අවදියේදිමයි. ඔහු ගල්ගුහාවකට වෙලා භාවනා කරනවා. ඒ අතරේ ඔහු කැරලිකරුවෙක් විදියට පුහුණුවත් ලබනවා.
ඉන්දිරා ගාන්ධි - එයාව අත්අඩංගුවට ගන්න.
ඔහු ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට පත්වෙනවා. ඔහුගේ නායකයා මරණයට පත්වෙනවා. ඊගාවට ඒ කැරැල්ලට නායකත්වය දෙන්නේ තරුණ මෝදි. ඔවුන් රටේ ප්‍රධාන පාලන තන්ත්රය වන ලෝක සභාවටත් තර්ජනයක් වෙනවා.
මෝදී - හින්දුස්ථානය ත්රස්තවාදයට නෙවෙයි ත්‍රස්තවාදය හින්දුස්ථානයට බය වේවි. ඉන්දියාවේ කාන්තාවන් යම්තාක් අසරණයිද? මේ රට කවදාවත් අසරණ වෙන්නේ නැහැ. ගුජරාටයට හැමෝම ජයවේවා කියන්න. මට ඕන මේ රටේ පාලන තන්ත්රයම සැළකිල්ලක් නොදක්වන ගුජරාටය මේ රටේ ආර්ථිකය අතින් ඉහළටම ගේන්නයි. මේ රටේ දෛවය වෙනස් කරන්නම්.
පාකිස්ථානයට මම අන්තිම නිවේදනය දෙන්නේ. ආපහු පාරක් මේ රටට අත තිබ්බොත් අත් දෙක කපලා දානවා. උඹලා දැක්කේ අපේ පරිත්‍යාගය විතරයි. දැන් පළිගන්න හැටිත් දකීවි. භාරත මාතාවට ජයවේවා. 2019 අප්‍රේල් 05 වැනිදා වෙද්දි ඔන්න අපි හැමෝටම අපේ අසල්වැසි රටේ නායකයා වන අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව අලලා හැදුව හින්දි සිනමාපටයක් නරඹන්න මෝදිට ප්‍රිය කරන ඔබ සැමට අවස්ථාව තියෙනවා. දේශයේ අපි ඔහු ගැන බොහෝ දෙනෙක් නොදන්න දේවල් මේ ලිපි පෙළේ ආරම්භයේ කියලා තියනවා. ඒ බොහෝ දේවල් ඔබට ඔමුන්ග් කුමාර් අධ්‍යක්ෂණය කරලා තියෙන සුරේශ් ඔබරෝයි, සංදීප් සිං, ආනන්ද පණ්ඩිත්, අර්චනා මනීෂ්, සෆර් මෙහ්දී කියන පිරිස විසින් නිෂ්පාදනය කරලා තියෙන පී එම් නරේන්ද්‍ර මෝදී කියන හින්දි සිනමාපටයෙන් දකින්න පුළුවන්. මේ සිනමාපටයේ දෙබස් ලියා තියෙන්නේ හාර්ශ් ලිම්බචියා, අනිරුධ් චාව්ලා සහ විවේක් ඔබරෝයි විසින් වන අතර තිර රචනය සිදු කරලා තියෙන්නේ අනිරුධ් චාව්ලා සහ විවේක් ඔබරෝයි. කතාව සංදීප් සිංගේ වන අතර මේ සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ හිතේෂ් මෝදක් සහ ශෂී - කුශී. අප්‍රේල් 05 වැනිදා හින්දි භාෂාවෙන් තිරගතවන මේ සිනමාපටය 23 වැනිදා තවත් බොහෝ භාෂා ප්‍රමාණයකින් ඉන්දියාව පුරා තිරගත වෙන බව තමයි ආරංචිය. දැනට කියන්න හදන්නේ මේ සිනමාපටයේ චරිතවලට පණ පොවන ඔබ ආදරය කරන කට්ටිය ගැනයි. නරේන්ද්‍ර මෝදිගේ චරිතයට පණ දෙන්න කලින් තෝරාගෙන තිබුණේ පරේශ් රාවල් වුණත් පස්සේ ඒ තීරණය වෙනස් කරලා තියෙනවා.
1976 සැප්තැම්බර් 03 වැනිදා ඉන්දියාවේ තේලන්ගනා හයිද්‍රාබාද්වල ඉපදිලා තියෙන මේ කියන පුද්ගලයා 2002 වර්ෂයේ පටන් හින්දි සිනමාවේ නළුවෙක් විදියට ඔබ අපි අතරට ඇවිත් තියෙනවා. මෙන්න මේ සිනමාපටවලින් ඔහු දකින්න ලැබුණා.
2002 Saathiya, 2004 Masti, 2005 Kaal, 2007 Lokhandwala, 2004 Yuva, 2006 Omkara, Kurbaan, 2010 Rakta Charitra, Grand Masti, Krrish 3 (2013).
ඒ කිව්වේ ඔහු හිටිය සිනමාපටවලින් කිහිපයක් විතරයි. ෆිල්ම්ෆෙයාර් සම්මානය සඳහා පස් වතාවක් ඔහුව නිර්දේශ වෙලා තියෙනවා. ඔහු වෙන කිසිවෙක් නෙවෙයි ජනප්‍රිය හින්දි සිනමාවේ නළුවෙක් වන සුරේශ් ඔබරෝයි ගේ පුතා විවේක් ඔබරෝයි. ඔහු තමයි නරේන්ද්‍ර මෝදිගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ රතන් ටාටාගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. 1959 දෙසැම්බර් 02 වැනිදා ඉන්දියාවේ බොම්බේ ප්‍රාන්තයේ බොම්බේ නගරයේ ඉපැදුණු මේ කියන කෙනා 2000 අවුරුද්දේ ඉඳන් නළුවෙක් වගේම හඬ නළුවෙක් විදිහටත් හින්දි සිනමාව නියෝජනය කරනවා. මෙන්න මේ සිනමාපට කිව්ව ගමන් ඔබට ඔහු මතක නොවීනම් තියෙන්න විදියක් නැහැ.
2003 Munna Bhai M.B.B.S..,Lage Raho Munna Bhai,3 Idiots,Main Hoon Na, Dostana, Khosla Ka Ghosla, Waqt: The Race Against Time, No Entry, Housefull, Ek Main Aur Ekk Tu, Housefull 2, Cocktail, Veer-Zaara, Maine Gandhi Ko Nahin Mara, Lakshya, Honeymoon Travels Pvt. Ltd., Sorry Bhai!, Page 3, My Wife’s Murder,Don, Don 2: Eklavya
ඔව් ඔබ හරි. ඔහු වෙන කිසිවෙක් නෙවෙයි බෝමන් ඉරානී. රතන් ටාටගේ චරිතයට පණ පොවන්නේ බෝමන් ඉරානී. දැන් ඔබට කියන්න හදන්නේ ඉන්දිරාගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. 1968 අප්‍රේල් 23 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ ඉපදුණ ඇය නිළියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇය මරාතී සිනමාපටවල දස්කම් පෙන්වූ අයෙක් වන අතර ඇය හින්දි සිනමාපට හදන දීපක් බලාජ් විජ් එක්ක විවාහ වෙලා ඇය සායී බාබා ඔෆ් ශිර්දී කියන සිනමාපය නිෂ්පාදනය කරනවා. හින්දි සිනමාපට රාශියක විවිධ චරිතයන්ට පණ දීලා තියෙන ඇය නමින් කිශෝර් ශහානී. ඇය තමයි ඉන්දිරා ගාන්ධිගේ චරිතය අපිට සමීප කරන්නේ. මනෝජ් ජෝශී, දර්ශන් කුමාර්, පර්ශාන්ත් නාරායන්, සරීනා වහාබ්, බර්ඛා බිෂ්ත් සෙන්ගුප්තා, යතින් කර්යේකර්, අතුළු නිළියන් විශාල පිරිසක් මේ සිනමාපටයේ චරිතවලට පණ දෙන්න එකමුතු වෙලා තියෙනවා. පී. එම්. නරේන්ද්‍ර මෝදි සිනමාපටයේ තියෙන මන බඳින ගීතවල පද අමුණලා තියෙන්නේ ප්‍රසූන් ජෝශී ලව්රාජ්, පැරී ජී කියන අය වන අතර ඒ පදවලට සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ශෂී - කුශී, හිතේෂ් මෝදක් විසින් වන අතර තමන්ගේ මිහිරි හඬින් ඒවාට පණ දීලා තියෙන්නේ සුක්වින්දර් සිං, ශෂී සුමන්, සංදීප් සිං, සිද්ධාර්ත් මහාදේවන්, රාජා හසන්, ජාවේද් අලී සහ සුවර්නා තිවරී කියන ගායක ගායිකාවන්.
► Translation — Chandana Waravitage