2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

අපේ ක්‍රිකට් පෙරහරේ

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

Youtube Hit හරහා අපි අද අරගෙන එන්නෙ ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව ගැන හැදුණු නිර්මාණාත්මක Video එකක්... මේක නිර්මාණය කරන්නේ බබාලා කියන Youtube Channel එක. මේ Channel එක ටිකක් අලුත් වුණාට හොඳ සංස්කරණයක් ඇතිව ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. 

මෙහි අන්තර්ගතය ගැන කතා කළොත්, පසුගිය දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අත්විඳපු පරාජය ගැන තමයි මෙතන දී කතා කරන්නේ... තරගාවලියේ සැබෑ වීඩියෝ දර්ශන, ඒ වගේම හඬපට ඔවුන් තමන්ගේ වීඩියෝවට ඈඳාගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණය කරද්දී පෙරහර ආකෘතිය භාවිත කරනවා. සම්පූර්ණයෙන්ම තරගයේ අපේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය බබාලා කණ්ඩායම රඟපානවා. ගමේ ක්‍රීඩාපිටියක තමයි ඔවුන් මේක ඉදිරිපත් කරන්නේ. ඒ වගේම හාස්‍ය උපදවන විදිහට ඔවුන් මේ වැඩේ කරන්න උත්සාහ කරලා තියෙනවා.

 

මේ Video එක ලෝ බජට් වැඩක්. යම් කැපවීමක් ඔවුන් මේ සඳහා කරලා තියෙනවා. ප්‍රධාන  ලොකේෂන් දෙක තුනක් තමයි ෂූට් කරලා තියෙන්නේ. ඉතාම සරල කැමරා කෝණ තමා භාවිත කරලා තියෙන්නෙ. එහෙත් මෙහි නිර්මාණකරුවන් ක්‍රිකට් වීඩියෝකරණය ගැන ඉතා හොඳ සැලකිල්ලක් දක්වලා තියෙනවා. එනිසා කැමරා කරණය Youtube වැඩවලට සාපේක්ෂව ප්‍රශස්ත මට්ටමක තියෙනවා කිව්වොත් හරි. කලා අධ්‍යක්ෂණයක් විශේෂයෙන් සිද්ධවෙලාම නෑ. නමුත් මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ ආම්පන්න සපයාගෙන තියෙනවා. ඊට අමතරව ඇඳුම් පැළඳුම් ගැන සැලකිලිමත් වුණානම් තවත් හොඳයි. 

මේ කරුණු කාරණා මොනවා වුණත් මේක ලක්ෂ දෙකකට අධික පිරිසක් Youtube හරහා නරඹලා තියෙනවා. ලංකාවේ අලුත් Youtube Channel එකක් විදිහට මේ Video එක trending ගිය එක ඔවුන්ගේ ජයග්‍රහණයක්. මෙහි ජනප්‍රියත්වයට හේතු වුණු රහස් කිහිපයක්ම තියෙනවා. දැන් අපි කතා කරමු ඒ ගැන... ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ඉතාම උණුසුම් සංවාද තිබෙන අවස්ථාවේ තමයි මේක එළියට එන්නේ. ඒ වගේම ඔවුන් භාවිත කරපු නම Sri Lanaka Cricket... ඒක හරි සරලයි.. අවස්ථානුකූලයි... ඒ වගේම මේ ගැන හරි Youtube වැඩක් කාලෙකින් කෙරිලා තිබ්බෙ නෑ. අනික මෙහි Sounds Mix එක හරිම අපූරුයි. ඒක මෙයට ආකර්ෂණයක් එක් කරනවා. 

පිටපත සම්බන්ධයෙන් කතා කළොත් අපිට පේන්නේ හරිම හදිස්සියකින් කරපු වැඩක් බව. ඒ නිසා තවත් නිර්මාණාත්මක වෙන්න ඔවුන්ට තිබුණු අවස්ථාව නැතිවෙලා තියෙනවා. වීඩියෝවේ  අවසානය ඉතාම දුර්වලයි. ඒක ඊට වඩා ප්‍රබල තැනකින් අවසන් කරන්න පුළුවන්. ඒ වගේම පූර්ව සැලසුම් නොමැතිකමින් දෙබස්වලින් මේ සදහා ලබාගන්න තිබුණු ආකර්ෂණය නැතිවීමක් සිද්ධවෙලා තියෙනවා. සමස්තයක් විදිහට කිව්වොත් වැඩේ සැලසුම් කරලා කළානම් හොඳ පිටපතක් එක්ක.. ගොඩේ ගොඩ තමයි. කන්සෙප්ට් එකනම් මරු. 

 

Text - Nisal   /   Pic – Internet