අද අපි අලුත් අවුරුද්දේ දෙන්න යන්නේ ආදි කාලේ Y Trend එකක්. Old Hit එකක්. New Year Special ආ... තද තද බ්‍රෝ..!
ලැබුවා වූ නව වසරේ... අපේ ෆ්රෙන්තොන්ගේ හැම Hope එකක්ම ඉෂ්ඨ වෙන්න කියලයි ප්‍රාර්ථනාව. අපේ සිරිලකත් බත බුලතින් ස්වයංපෝෂිත වේවා! ඕන් අහුවුණා.. බත ගැන නෙවෙයි අද Story ය... බුලත ගැන. ඒ කාලේ තාරුණ්‍යයේ පොපියන චමත්කාරය බුලත් විට ගැන. ඔන්න අපේ ආතා කතාව Start කළා. එයාලගේ කාලෙනේ මේ Y Trend එක Hit වෙලා තිබ්බේ.
මේ අප්පලා දන්නවැයි නාග ලෝකෙන් තමයි බුලත් ආවැයි කියලා කියන්නේ. ඔය බුදුපාමොක් මහා සඟනටත් දැහැත් එහෙම පූජා කරනවා නොවැ. බුලතේ ඉතිහාස කතාව කියන්න මේක නෙවෙයි වෙලාව කාරිය.. හැබැයි ඕන් උඹලා දැනගනිල්ලා මේ රටේ රාජ රාජ මහාමාත්යාදීනුත් විට කාලා තියෙනවා. කොයි හැටි වෙතත් බුලත අපේ රටේ බොහොම ගෞරවයෙන් සලකන දෙයක් සුදු පුතේ...
ඒ කාලේ උන්දැලා හිච්චා කාලේ ඉඳන් තමයි විටේ කන්ට හුරු වෙන්නෙ. හැම ගෙදරම තිබ්බා බුලත් හෙප්පුවක්. ඕකෙ තිබ්බා බුලත්, හුණු, දුම්කොළ, පුවක්, සාදික්කා, කරාබුනැටි, ඉඟුරු පියළි, එනසාල් වගේ කළමනා. ඔය කාලේ ගිලීමලේ තමයි ද්රම්කොළ වගාව සැරටම කෙරුණේ. ඒකනෙ ඔය ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියලා කතාවට කියන්නේ මයේ පුතේ. එතකොට හැම ගෙදරකම තිබ්බා බුලත් කොරටුවක්.. ආයේ දැන් වගේ බුලත්විටක් අපි සල්ලි දීලා ගත්තේ නෑ. ගමේ දානේ ද මඟුල ද මරණේ ද, හැමතැනම බුලත් වට්ටියක් තිබ්බා... ඇතිපදමට කන්න. ඕං ඒ කාලේ ආගන්තුක සත්කාරෙටත් බුලත් තමා පිළිගැන්නුවේ...
අපි ගැටව් කාලේ කොයි දිහා ගියත් විට මඩිස්සක් අරන් ගියා. ඔරුවේ ගියත්, කුඹුරුට ගියත්, දුර පළාතක වුවමනාවකට ගියත් විටක් හපන්න කළමනා ටික අපි ළඟ තිබුණා නොවැ.. විටේ කන්න දත් නැති උන්දැලා විට කොටලා තමා කෑවේ. දත් ඇන්දෙ කහට ඇල්ලුවා... හැබැයි පුතේ... ඒත් අපි දැහැටි කූරුවලින් දත කට මැදලා බොහොම පිරිසුදුවට හිටියේ ඕන් ඔය කාලේ...
ඕන් ටික දොහක් යනකොට උඩහ වතුවලට ආපු දෙමළ මිනිස්සු නිසා අපේ ගම්පළාත්වලත් බීඩි සුරුට්ටු ප්‍රසිද්ධ වෙන්න ගත්තා. මගේ අප්පලා යන්න... ඕං ඊට පස්සේ ආවේ අමුතුම කාලයක්. මුල් කාලේනම් රාජ රාජ මහාමාත්‍යවරු නිලමෙලා වලව්කාරයෝ.. ඔක්කොම හැපුවේ විටේ තමයි. පස්සෙ පස්සෙ මෙයාලා සමහරක් විට කෑම නැවැත්තුවා. මොකෑ.. හේතුව.. බුලත් කහට නිසා දත් කහ වෙනවලු එවුන්ගේ. ඕං ඔය නිසා ලොකු තැන්වල සමහරැ දුම් පයිප්ප කටේ ගහගත්තා. අපේ ගම්පළාත්වලත් උන් බීඩි බොන්න ගත්තා.. විටේ කෑවේ අපි වගේ වයසක උන්දැලා තමයි. සිගරුට් එහෙම ආවම විටේ කෑම හොඳටෝම අඩුවුණා සුදු අප්පෝ...!
ඔන්න ඕකයි සුදා ආතලාගේ කාලේ කතාව.. අපි දැන් අහලා ගලපමු අපේ කාලේ කතාව... දැන් ආයේ විට කන කොල්ලෝ එනවා සුදා. සමහරු කට රතුවෙන්නම කනවා.. තව සමහරු කන් රත්වෙන්න කනවා. ඉස්සර මිනිස්සු වගේ නෙවෙයි.. අපේ රටේ Younger Gen එක විට කොට කරලා තියෙන්නෙ. ඒ කිව්වෙ.. බුලත් කොළයේ අයින් කරලා.. නැත්නම් බුලත් කොළෙන් පොඩි කෑල්ලක් අරගෙන පුවක් කෑල්ලක හුණු ගාලා දුම්කොළ තීරුවක් ඒ වගේ ඔතලා තමයි අපේ පැංචෝ කන්නේ. මේක අද රටේ Most Popular Y Trend එකක්.
මේකට හක්ක පටස් කියලත් කියනවා. ඔතා කනවා කියලත් කියනවා. ගොඩක් මේ සීන් එකේ ඉන්නේ වයස අවුරුදු 15ත් 25ත් අතර පැංචෝ... වැඩේ පටන් අරන් අවුරැදු 10ක් වගේ වෙන්නේ... ඉස්කෝලේ දී කනවා AL ටියුෂන්වලදී කනවා.. කනවා කිව්වාට හපලා හක්කේ තියන් ඉන්නවා. කාලයක් යනකොට එක්කෝ තියන් ඉන්න හරිය සුදු වෙනවා. කන් දෙක රත්වෙනවා... මත් ගතියක් දැනෙනවා. හැබැයි සීන් කාටවත් හොයාගන්න අමාරුයි. ගඳක් සුවඳක් නෑනේ...
අපි අවසාන වශයෙන් මේ ටික කියන්න ඕන.. බුලත්විට පිළිකා කාරකයක් කියලා අද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් ඉස්සර හරි පිළිවෙලට විට කාපු අපේ ආතලාට ඉහෙන් බහින රෝගයක් තිබ්බේ නෑනේ බ්‍රෝ... සමහරවිට ඒ අනෙක් අනුපාන නිසා වෙන්න ඇති. ඒත් අද බුලත්විටේ තියෙන්නෙ මොනවාද සුදා? හුණුයි දුම්කොළයි.. වැඩියෙන් අනුපාන නෑ. ඉතින් පිළිකා හැදෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඔන්න ආණ්ඩුවත් සීන් එක තහනම් කරගෙන යන්නේ... කොහොම වුණත් විට කෑම අපේ සම්ප්රදායක්.. චාරිත්‍රයක්...
අද අපේ උන් ඔතා කන සීන් එක බොහොම භයානකයි. බලන් ඉන්නකොට පිළිකා හැදෙන්න පුළුවන් මෙවුන්ට අනාගතයේ දී... අනික මාවා හෑන් වගේ දේවල් line වෙන්නෙත් මේ එක්කම. වැදගත්ම දේ මේ සීන් එකේ වැඩිහිටියෝ ගුරුවරු පොඩ්ඩෝ ගැන අවධානයෙන් ඉන්න එක... ඉතින් පුතී අපි යනවා. මගේ සුදාලා ඔක්කෝට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
► Text - Nisal / Pic – Internet