2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ලා‍ෙකු මිනිහ‍ෙක් පා‍ෙඩි ක‍ෙල්ල‍ෙක්

2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30119

මේ කියන්න හදන කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ යුරෝපීය රටක. යුරෝපා රටක් කිව්ව ගමන් මතක වෙන්නේ සීතලෙන් පිරුණු ඉඳහිටලා විතරක් ප‍්‍රභාමත් වෙන සූර්යා ගැනයි. මනාව ඇඳ පැළඳගත්ත මිනිසුන් කඩිගුලක් වගේ එහේ මෙහේ යන ආකාරයයිනෙ නේද? ඒ විතරක් නෙවෙයි වැඩි තදබදයක් නැති පාරවල්, නවීන වාහන. හැමෝම තම තමන්ගේ වැඩවල මිසක් අනුන්ගේ ගැන හෙවිල්ලක් බැලිල්ලක් නැහැනේ අපේ රටේ වගේ නේද? ඒ විතරක් නෙවෙයි හැමතැනම කුණු කසළ බැහැර කරන පුරුද්දකුත් නැහැනේ දකින්න, ඒ මිනිස්සුන්ගේ නේද? යුරෝපය ගැන තව බොහෝ දේවල් ලියන්න පුළුවන් වුණත් ඒ ගැන නෙවෙයිනේ මේ ලියන්න හදන්නේ. අද ඔබට කියන්න හදන්නේ යුරෝපීය රටක් ජීවත්වෙන මැදිවියේ කෙනෙක්ගේ කතාවක්. ඔහු නමින් අශීෂ්. මැදිවියේ කෙනෙක් වුණාට අශීෂ් අඳින්නේ පළඳින්නේ විතරක් නෙවෙයි හැසිරෙන්නෙත් තරුණ කඩවසම් කොල්ලෙක් ගාණට. අශීෂ් තමන්ගේ නිවෙසේ තියෙන සුඛෝපභෝගී පුටුවක වාඩිවෙලා තමන්ගේ මිත‍්‍රයෙක් එක්ක කතාබහ කරමින් ඉන්නේ.

අශීෂ් - ඔයා පණ්ඩිත කතා කියන්නේ හේතුවක් හරියට නොදැනනේ. කොල්ලෙක්ට කෙල්ලෙක් හම්බවෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ දෙන්නට දෙන්නා ඉඟිබිඟි කර ගන්නවා. දෙන්නම ඒකට කැමති වෙනවා.
මේ කතාබහ මේවා වෙන්න කලින් වුණු සිදුවීමක්. මෙතන ටී ෂර්ට් එකකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී මුහුණ පුරා රැවුල වවා ඉන්න අශීෂ් ඉස්සරහා රෝස පාට නවීන පන්නේ ගවුමකින් හැඩවුණු එකපාරක් දැක්කම තව කිහිපවතාවක්ම හැරිලා බලන්න තරම් ලස්සනක් තියෙන ලස්සන කෙල්ලෙක් ඉන්නවා. එයාගේ නම අයේශා. තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි අශීෂ්ට අවුරුදු 50ක් වුණාට තාම අයේශට අවුරුදු 24යි.
අයේශා - මට ඇත්තටම මතක නම් නැහැ. ඒත් මම ඊයේ රෑ නම් ගොඩාක් විනෝද වුණා. 

මේ අශීෂ්ගේ නිවස - අශීෂ් ඉස්සරහ තියෙන සුඛෝපභෝගී පුටුවේ. ඔහුගේ යාළුවා වාඩිවෙලා ලොකු දේශනයක්.

යාළුවා - පෝසත් මහල්ලෙක්ට හොට් තරුණ කෙල්ලෙක් හම්බවුණා. ඒ කෙල්ලට සල්ලි පෙනුණා. මහල්ලා තරුණකම දැක්කා. දැන් දෙන්නා එක්ක දෙන්නම ගාව නැති දේවල් ලබාගන්න උත්සාහ කරනවා.
අශීෂ් - උඹට මං...
යාළුවා - ඒයි වෙලාව හරි.

මේ සාදයක් අතරතුර සිදුවීමක්. විනෝදවෙන පිරිස අතරේ අශීෂ් අයේශත් එක්ක මෙතන විනෝද වෙමින් ඉන්නවා.
අයේශා - මට ඔයා එක දෙයක් කියනවද? දෙන්නෙක් එකට එකපාරක් නිදිය ගත්තා කියලා ආදරයක් ඇතිවෙනවද?
අශීෂ් - නිදිය ගන්න එක ගැන නම් දන්නේ නැහැ. කාලෙකින් එකට නිදා නොගත්තමනම් ආදරයක් ඇතිවෙනවා.

අයේශා - ලයින් දානවා නේද මට?
දෙන්නත් එක්ක ආදරය කරමින් ඇවිදිනවා ඒ රටේ හැම තැනකම වගේ... ඒ අතරේ අශීෂ් බොක්සින් ක‍්‍රීඩාවේ යෙදෙනවා. රින්ග් එක ගාව බිම ඇවිදිමින් අයේශා ඔහු ක‍්‍රීඩා කරන ආකාරය බලාගෙන ඉන්නවා.
අයේශා - ඔය තරම් තමන්ටම පර්ෆෝම් කරන පීඩනය දෙන්න එපා. කෙනෙක්ගේ වයසට අනුවයි විනෝදාංශ තියාගන්න ඕන කියලා අපේ වැඩිහිටියෝ කියනවා. 
අශීෂ් තමන්ගේ යාළුවත් එක්ක නිවස පිහිටි සුන්දර නිවස පිහිටි  මිදුලේ වාඩිවෙලා කතාබහක නිරතවෙමින් ඉන්නවා.

යාළුවා - මිනිස්සුන්ට මහලු කාලයේදී සහායක් වෙන්නේ එයාලගේ දරුවෝ. එහෙම නැතුව දරුවෝ වගේ බිරිඳක් නෙවෙයි.
අශීෂ් - යාළුවා මං මේ ලෝකේ ඉන්න පළවෙනි මනුස්සයා නෙවෙයි මට වඩා ගොඩාක් බාල කෙල්ලෙක්ට ආදරය කරන.

යාළුවා - හරි ඔයාම කියන්න ඒ වගේ සාර්ථක වෙලා ඉන්න ජෝඩු කවුද ඉන්නේ?
අශීෂ් - මයිකල් ඩග්ලස් - කැතරීන්, සේටා - ජෝන්ස්, ජෝජ් ක්ලෝනියි එයාගේ වයිෆුයි, තව සායිෆ් අලි ඛාන් සහ කරීනා කපූර්....
අශීෂ් තමන් අදරය කරන අයේශත් එක්ක ඉන්දියාවේ පිහිටි ගස්කොළන්වලින් පිරිලා තියෙන රමණීය පරිසරයක පිහිටි ඔවුන්ගේ නිවසට එනවා.

අශීෂ් - මට මගේ ගෙදරට එන්න බැරිද?
අම්මා - අනිවාර්යෙන්ම එන්න පුළුවන්. ඒත් අහලා බලලා විතරක්.
තාත්තා - වඳින්නේ නැද්ද? අනේ මේ කිව්වට පස්සේ වඳින්න ඕන නැහැ... නැගිටිනවා.
මංජු -  හෙලෝ මං මංජු...
අයේශා - හායි මං අයේශා.

අශීෂ් - අයේශා මේ මගේ කලින් වයිෆ්.
මේ නිවෙසක කාමරයක් පිහිටි සයනයක සිදුවීමක්. මේ සයනයේ අයේශාගේ වයසට සමාන තරුණයෙක් නිදියන්න සූදානමින් ඉන්නවා. ඔහු ගාවට එන අශීෂ් ඔහු අසලින්ම හාන්සි වෙනවා.
පුතා - ඩෑඩ් ඔයා දන්නවද අයේශගේ වයස කීයක්ද කියලා?
අශීෂ් - ගුඩ් නයිට්....

මේ ඊට පස්සේ දවසක සිදුවීමක්. මෙතන අයේශා අශීෂ් එක්ක කතා කරමින් ඉන්නවා. 

අයේශා - ඔයාගේ දරුවොත් මගේ වයසේ කියලා ඔයා මට කිව්වේ නැත්තේ ඇයි?
අශීෂ් - මම වෙන්වෙලා අවුරුදු 18ක් වෙනවා. එතකොට ඉශාන්ට අවුරුදු 03යි. ඉශිකට අවුරුදු 07 යි. ඉතින් හතට දහඅටක් එකතුවුණාම විසිපහයි නේද?
ඇය කේන්තියෙන් එතැනින් පිටවෙලා යනවා. මේ ඉන්දියාවේ අශීෂ්ගේ පියාට අයත් නිවසේ කෑම කාමරයේ සිදුවීමක්. මෙතැන තියෙන මේසයක් අසල පුටුවල අශීෂ්ගේ පියා, මව, අශීෂ්, ඉශිකා, අශීෂ්ගේ පුතා, අශීෂ්ගේ කලින් බිරිඳ මංජූ සහ අයේශත් වාඩිවෙලා රාත‍්‍රී කෑමගන්න සූදානමින් ඉන්නවා. ඒ අතරේ අශීෂ්ගේ පියා කතා කරන්න පටන් ගන්නවා.

තාත්තා - ලන්ඩන්වල නම් මම දන්නේ නැහැ. මෙහේනම් තමන්ට වඩා අවුරුදු 20ක් වැඩිමල් පිරිමි කට්ටියට කියන්නේ අන්කල් කියලා. 

බොහොම සුන්දර කතාවක් නේද? ඒත් කතාවේ ඉතුරු ටික දැනගන්න නම් 2019 මැයි 17 වැනිදා වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. මොකද අකිව් අලී අධ්‍යක්ෂණය කරන භූෂන් කුමාර්, ක‍්‍රිෂන් කුමාර්, ලව් රන්ජන්, අන්කූර් ගාර්ග් කියන කට්ටිය විසින් නිෂ්පාදනය කරන දේ දේ ප්‍යාර් දේ (දෙන්න දෙන්න ආදරය දෙන්න) කියන මේ අළුත්ම හින්දි සිනමාපටය තිරගත වෙන්නේ 2019 මැයි මාසෙ 17 වෙනිදට...

මේ හින්දි සිනමාපටයේ තිරරචනය කරලා තියෙන්නේ ලව් රන්ජන්, තරුන් ජේන් සහ සුරභි භට්නාගර් වන අතර කතාවේ හිමිකාරයා වෙන්නෙත් ලව් රන්ජන්. මේ සිනමාපටයේ පසුබිම සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ හිතේෂ් සොනික් සහ යෝ යෝ හොනී සිං. මේ සිනමා පටයේ චරිතවලට පණ පොවන ඔබ ආදරය කරන අය ගැනත් ඔබ දැනගන්න ආසාවෙන්නේ ඇතිනේ...

අජේ දේව්ගන් තමයි අශීෂ්ගේ චරිතයට පණ පොවන්නේ. තබස්සුම් ෆාතිමා ජමාල් හෂ්මී කිව්වට ඔබ දන්නේ නැති වුණාට තාබූ කිව්වම දන්නවනේ නේද? තාබූ තමයි අශීෂ්ගේ බිරිඳගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ අශීෂ් පෙම් කරන තමන්ගේ දරුවන්ගේ වයසේ අයේශාගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. ඇය නමින් රාකුල් ප‍්‍රීත් සිං.

ඔය කිව්ව කිහිපදෙනාට අමතරව ජාවේද් ජෙෆ‍්‍රි, ජීමී ශෙයිගල්, ආලෝක් නාත් සහ හුසේන් දලාල්, ඇන්ජලා ක‍්‍රිස්ලින්ස්කි කියන නළු නිළියනුත් චරිත හැඩකරන්න එකතුවෙලා තියෙනවා. මේ සිනමාපටය ලන්ඩන්වල සහ මුම්බයිවලත් කුල්ලූ මනාලීවලත් තිරගත කරලා තියෙන බව තමයි ආරංච්ය. දේ දේ ප්‍යාර් දේ කියන හින්දි සිනමාපටයේ තියෙන මනබඳින ගීත සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ අමාල් මල්ලික්, රෝචක් කොහ්ලී, තානීෂ්ක් භාග්චී, ගරී සන්දු, විපින් පත්වා, මාන්ජ් මියුසික් සහ අතුල් ශර්මා. මේ සිනමාපටයේ තියෙන ගීතවල ගේය පද කුමාර් විසින් රචනය කරලා තියෙන අතර ඒ ගී පදවලට පණදෙන්න තමන්ගේ කන්කළු හඬ මුසුකරලා තියෙන්නේ සුනිධි චවුහාන් සහ නව්රජ් හාන්ස්.

 

Translation — Chandana Waravitage

2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00