සොයා වැස්සක් ඉගිලුණේ ඇයි
දිය බිඳක් මා ඔබට දුන් කල
දරාගමි සිත නොරිදවා මම
සීතලේ ගුලි ගැසී තනියම
තාරුකා කොහි ගියේ නොමදැන
සඳ දුකින් අහසේ කොණක හිඳ
පාරවා සඳ රැසින් ගගනත
ලියයි කවි වැහි තීන්තෙන් අද
මලක් හා ස්නේහයෙන් බැඳුනත්
නටුව හැරදා නික්ම ගිය දින
දොසක් නොකියා නටුව තනියෙන්
හඬනවා පෙති මිලින බිම හිඳ
නුඹේ පපුතුර සුළං රැල්ලක
වෙළී ඉන්නට හීන අහුලන
වැහි බින්දු තනිකඩයි තවමත්
ප්‍රේමයම සිර ගෙයක් වූ සඳ