වරෙව් මහතුනේ
නවතා
වහසි බස්
අම්මා
හඬන හැටි අසන්නට
මහ පොළොව අපෙ අම්මා
ස්නේහයේ ගිනි දල්ලෙන් උපන්
සිඳු දියේ තරමටම ධවල දිය උල්පතින්
ලෝකයක් තනාලු
අපෙ අම්මා
යුක්තියේ තරාදිය
පැත්තකට ඇලවෙලා
කටවල්වල මුකවාඩම්
සීරෙන්න ලේ ගැලුවේ
අම්මාගේ හදවතේ
කුවේණිගේ අවසාන
සුසුම් ඇත දැනගනින්
නුඹට මට නොදැනෙන්න
ඉසව්වක වහන් වී
sanju