ශ්රී ලංකා ටෙස්ට් පිලේ නායකත්වය ලැබීම ගැන හිතෙන්නෙ මොකක්ද?
මම කිසිම අවස්ථාවක නායකත්වය බලාපොරොත්තුවෙන් ක‍්‍රීඩාකරපු කෙනෙක් නෙවෙයි. ඒක ගොඩක් අය දන්නවා. ඇන්ජලෝ සහ චන්දිමාල් ආබාධයන්ට ලක්ව සිටීම නිසා මට සිම්බාබ්වේ සංචාරයේදී නායකයා ලෙස කටයුතු කරන්න වුණා. බංග්ලාදේශයට එරෙහිව තරගාවලියේදී ද ඇන්ජලෝගේ ආබාධය සම්පූර්ණයෙන් සුව වෙලා නැති නිසා මට නැවතත් නායකත්වයේ වගකීම පවරනවා කියලා දැනගන්න තියෙනවා.
හෙට අනිද්දට මට වයස 39ක්
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායකත්වය ලැබීම පිළිබඳව ඔබේ පවුලේ සාමාජිකයන්ගෙන් ඒ වගේම සමීපතයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
මගේ පවුලේ සාමාජිකයකු කියන්න ඉන්නේ අයියා විතරයි. මම නායකයා හැටියට කටයුතු කරනවට මගේ අයියත් ගොඩක් සතුටුයි. මම නායකයා හැටියට කටයුතු කරනවාට මගේ බිරියත් ගොඩක් සතුටු වුණා.
මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර නෑ. මට අක්කා කෙනෙක් හිටියා. එයත් හදිසියේ නැති වුණා. මගේ මිතුරන් බොහෝ දෙනෙක් සිම්බාබ්වේ සංචාරයේදී නායකයා හැටියට කටයුතු කළ ආකාරය පිළිබඳව සතුටින් කථා කළා. ඒ වගේම සුබ පැතුවා.
සංගක්කාර සහ මහේල දැන් වුණත් ඇවිත් ක‍්‍රීඩා කරනවා නම් මම කැමතියි.
ඔබට ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකත්වය පැවරුවොත් බාරගන්න සූදානම්ද?
එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතු කාරණයක්. මොකද මට හෙට අනිද්දට වයස 39 ක් වෙනවා. මම වගේ ක‍්‍රීඩකයකු නායකයා ලෙස පත් කරලා ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ලබාගන්න සැලසුම් කර තිබෙන ප‍්‍රයෝජනය මොකක්ද කියලා බලන්න ඕනේ. නායකත්වයේ වගකීම බාරගන්න අකමැත්තක් කියන එක නෙවෙයි මම කියන්නේ. මම නායකත්වයේ වගකීම දැරීම මගේ රටට ප‍්‍රයෝජනයක් වෙන්න ඕනේ.
රටට වැඩක් නැත්නම් මට මගේ නායකත්වයෙන් වැඩක් නෑ
බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් කියලා තිබුණා ශ්‍රී ලංකා පිල දුර්වල එකක් කියලා.
අපේ කණ්ඩායමේ දැන් සංගක්කාර සහ මහේල නෑ තමයි. සිම්බාබ්වේ සංචාරයේදී ඇන්ජලෝ සහ චන්දිමාලූත් නැතිවුණා. එහිදිත් කිව්වා දුර්වල කණ්ඩායමක් කියලා. නමුත් අපි තරග ජය ලැබුවා. මම නායකයා වෙන්න පුළුවන්. නමුත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී සියලුම ක‍්‍රීඩකයන්ගේ සහයෝගය ලැබිය යුතුයි. සිම්බාබ්වේ සංචාරයේදී ඒ සහයෝගය ලැබුණා.
විශේෂයෙන් කියන්න ඕනේ. සිම්බාබ්වේ සංචාරයේදී තරුණ ක‍්‍රීඩකයන් රැසකට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගන්න තරුණයො උනන්දු වෙන්න ඕනේ. අසේල ගුණරත්න. ඒ වගේම උපුල් තරංග ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජනය උපරිමයෙන් ගත්තා කියලා මම හිතනවා.
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විශ‍්‍රාම යෑමෙන් පසුව කණ්ඩායමේ ශක්තිය අඩු වුණා නේද?
සංගක්කාර සහ මහේල දැන් වුණත් ඇවිත් ක‍්‍රීඩා කරනවා නම් මම කැමතියි. ඒ දෙන්නාගේ හැකියාව සහ අත්දැකීම් නායකයා හැටියට මට ගොඩක් වටිනවා. නමුත් ඔවුන් දැන් විශ‍්‍රාම අරගෙන අවසන්. ඒ නිසා මම තරුණ ක‍්‍රීඩකයොත් එක්ක සැලසුමකට යන්න වෙනවා.
Text – Yohan / Pic- FB