2019 ජුනි 22 වන සෙනසුරාදා

පට්ටෙට පත්තු දේසපාලු ගොන් කත‍ා

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 147

ඔන්න අද ගෙනාවා ලෝකේ පුරා තියන Trend දෙකක්. Music පැත්තටත් ටිකක් අදාළයි. මීට කාලකෙට කලින් තමා බ්‍රෝ  සීන්  Hit වුණේ. Social Media වල තමා නැගලම ගියේ. ඔන්න  hit  වෙලා තිබිලා සැර බාල වුණත් මේ Trends ආයේ පත්තු වෙලා.

මෙහෙමයි වැඩේ වෙන්නේ... ලෝකේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ඒ කියන්නේ ඔය දේශපාලන පොරවල් වගේ  අයගේ Speech වලින් තමා කරන්නේ. Speech එක Mix කරනවා. පොඩි Music track එකක් එක්ක. කෑලි කපලා කොටලා තමා වැඩේ කරන්නේ. මේ හරහා උපහාසයක් වගේ අපහාසයක් වෙනවා. ඔන්න අපේ පැංචොන්ට සීන් කෝන් එක මතක් වෙන්න ඕනා. හැබැයි මේක හුදු ආතල් පිණිස කරන වැඩක්. Political Agenda මේවා පස්සේ තියෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. හැබැයි YouTube එකේ Facebook එකේ මේවාලට පට්ට ප්‍රතිචාර තියෙන්නේ. So ආතල්.

මේ සීන් එක Trend වෙන්න පටන් ගත්තේ අමෙරිකාවේ ඔබාමගේ කාලේ. ඔබාමා කරපු කතා මේ විදිහට Mix කරලා track  ආවා. පස්සේ සීන් එක ලෝකේ පුරා Follow කරලා. ලංකාවටත් ආවා මතක ද? ඔය ෆෝන් එක දීපන් බල්ලෙක්ට" Mix Track. ඒක පට්ට නැගලා ගියා ඒ කාලේ. ඊටපස්සේ ඒ වගේ ප්‍රසිද්ධ සීන් කිහිපයකට ඔය විදිහේ track හැදුනනේ. බ්‍රෝ ඔන්න ළඟදී සීන් එක ආයේ මතු වුණා.  "වඩු මඩු" තහනම් කතාව මේ විදිහට හදලා දාලා තිබ්බා. ඒකට පුදුම ප්‍රතිචාරයක් තිබ්බේ. ඒකේ නම් වීඩියෝ එකත් Mix කරලා.

ඔන්න අපි කිව්වානේ අද Trend දෙකක් ගැන කියනවා කියලා. අනික් Trend එකක් මේකට ටිකක් සමපාත වෙනවා. ප්‍රසිද්ධ චරිත වල හඬ අනුකරණය කියන්නේ මෑත කාලේ නැගලා යන සීන් එකක්. ඒකත් අර වගේ උපහාසය අපහාසය අතර තියන එකක් තමා බ්‍රෝ. නමුත් So ආතල් පට්ට Hit. අපේ සුදාලා මාර ආසයි අපි දන්නවනේ. ඒ නිසාම මේක පිස්සුවක් වෙලා තිබ්බා පහුගිය කාලේ.

හැබැයි මේ trend එක නම් පට්ට පරණයි. පොඩ්ඩක් ඉතිහාසේ මතක් කරොත් පැංචෝ.. අපි හිච්චි කාලේ නැත්නම් ඉපදෙන්නත් ඉස්සෙල්ලා කාලේ රේඩියෝ සිලෝන් එකේ මුවන් පැලැස්සේ චරිතවල හඬ අනුකරණය කරන්න උත්සාහ කරන අය අපේ ගම් තුලාවල හිටියා. එතකොට කෝපි කඩේ චරිත අනුකරණය කරලා ආතල් ගත්ත අය හිටියා. ජේ අර් ජයවර්ධන ජනාධිපතිපතිතුමාගේ කටහඬ අනුකරණය උත්සාහ කරන අය හිටියා. මේ ඔක්කොම විනෝදයට තමා වුණේ.

මේක පහුගිය කලේ නැගලා අවේ අනුකරණය talent එක විදිහට ලෝකේ දකින්න පටන් ගත්ත නිසා බ්‍රෝ. ඒ වගේ මුලින් මුලින් රටේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම  social Media එක එක එක්කෙනා ඒ ගැන අදහස් දක්වන විදිහ video වලට හඬ කවලා දාලා තිබ්බා. ගොඩක් දෙනා හරි ආසාවෙන් තමා මේවා බැලුවේ. ඊටපස්සේ ඔය reality වැඩසටහන්වලින් සීන් එක පත්තු වුණා. මේවා කරන කට්ටිය තරු වුණා. Trend එක හිට් වුණා පට්ටෙට.
මේ Trend එකේදි දේශපාලකයන්ගේ ගොන් කතා තමා වැඩිපුර ඉලක්ක ගත වුණේ. ඒ නිසාම පක්ෂ විපක්ෂ කවුරුත් සීන් එක්කට සෙට් වුණා. "පිස්සෙක් වගේ පිස්සෙක් වගේ" වගේ සීන් තාමත් කට්ටියට මතක ඇතිනේ. අද වෙනකොට වෙනම YouTube Channel පවා තියනවා. වැඩේ හොඳ ආදායම් මාර්ගයක් වෙලා.

ඉතින් අන්තිමට කියන්න ඕනා අද ලයින් කරපු Trend දෙකේ හොඳ නරක දෙපැත්තක් තියනවා. කොහොම වුණත් අපහාසය පිණිස මේවා කරන එක නම් වැරදී. හැබැයි උපහාසයට කරන එකේ වැරැද්දකුත් නෑ. බලන අය නම් හොයන්නේ ආතල් විතරමයි කියන එකත් නොකියා බෑ. හැබැයි අවබෝධයෙන් අර්ථවත් විදිහට දෙයක් කරන එක තමා වැඩියෙන්ම හොඳ මගේ පංචෝ.

 

► Text - Nisal   /   Pic – Internet