2019 ජුනි 29 වන සෙනසුරාදා

අවදානම තමා විනෝදේ!

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

ලෝකෙට අලුත් නොවුණු අපිට තාම පත්තියන් නොවුණු පට්ට Y Trend එකක් අරගෙන ආවා මා සුදෝ. එකක් කිව්වාට ගොඩාරියක්. ඔන්න හීන්සීරැවේ Story යට Line වෙමුකෝ.

Adventure Event කියන්නේ මෑතකාලීනව ලෝකයේ තාරුණ්‍යය අතර උමතුවක් වෙච්ච දෙයක්. මේ Event වර්ගීකරණය කරන්න ගියොත් ඒවා ගැන වෙනම පැහැදිලියි කරන්න ගියොත් අපේ අපේ වැඩේ අල වෙනවා. ඒ නිසා අපි සීන් එක පොදුවේ කතා කරමු. සුදාලා දන්නවානේ Water Carpting, Pin Ball වගේ Camping වගේ දේවල් අපේ Youth Gen එකේ මේ දවස්වල Hit කියලා. ඒත් ඒවා මේ Adventure Events වලම කොටස්. හැබැයි නෝමල් ඒවා. ඒ වුණාට ලංකාවේ මේ වගේ දේවල අලුත් Y Trend එකක් හැදුවා ළඟකදී ඉඳන්.

ඉතිහාසයෙන්ම සීන් එකට Enter වෙමුකෝ. ලංකාවේ අපිට නම් ඔය Adventure සීන්කෝන් එක අමුතු දෙයක් නෙවෙයි. කැලේ යන එක, දියේ යන එක, යුද්ධ කරන එක, අංගම් හරඹ පාන එක ඓතිහාසිකව හෙළ පොළොවේ තාරුණ්‍යය එක්ක ආත්මීය වශයෙන් බැඳිලා තිබ්බා. ඒ නිසා ඉතින් Life එකම Adventure Film එකක් වගේ තමා අපේ අත්තා මුත්තා නත්තා පනත්තා කාලේ ඉඳන්ම Sri Lankan Y Gen එකේ. කොහොම වුණත් පස්සෙන් පහු ලෝකේ වෙනස් වෙනකොට ඇලේ දොලේ කැලේ පැනලා ගත්ත ආතල් නැතිව ගියා. සූකිරි බෝල සීන්, අල බෝල තාරුණ්‍යයක් බිහිවුණා අපේ රටෙත්. ඔන්න ඔය සීන් එක නිසාම තාරුණ්‍යය වෙනුවෙනුත් බිහිවුණා තරුණ සේවා සභාව වගේ ආයතන ලංකාවේ. Youth Camping වගේ වැඩ පටන් ගත්තා. අන්න ඒ සීන් එක තමා සුදු පුතා අද අපි කතාකරන Youth Adventure පැත්තෙන් ලංකාවේ ඉතිහාසය.

කොහොම වුණත් ලෝකේ පැත්තට ඔළුව දැම්මොත් පළවෙනි ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය මේ Adventure Culture වල හේතුවක් වුණා. ඒ කතාව මෙහෙමයි පැංචෝ. ඔය යුද්ධය නිසා ගොඩක් තාරුණ්‍ යන් සෙබළුන් බවට පත්වුණා. ඒ වගේම හැමෝටම වගේ යුද්ධ පුහුණු ලැබුණා. ඒ නිසාම යුද්ධය අවසානයේදී මේක Trend එකක් වෙලා තිබ්බා. Camping Culture එකක් හැදුණා. සමහර වෙලාවට මේක තාරුණ්‍යයේ ඇතිවෙන විප්ලවීය උද්වේගය හැඟීම් මුදාහරින තැන වුණා. මේකේ ටිකක් දේශපාලනයත් තිබ්බා. ඒ කාලේ සමාජවාදී විප්ලවීය ව්‍යපාරය ලෝකේ පුරා පැතිර යමින් තිබුණානේ. ඒවල පිරිස් බල වැඩිවෙන්න මතවාදී පෙළඹවීම වගේම තාරුණ්‍යය දී එන ස්වාභාවික පෙළඹවීමත් ලොකු හේතුවක් වෙලා තිබ්බා. ඒ නිසාම උප සංස්කෘතිය උපයෝගී කරගත්තා ධනවාදී රටවල් තම තමන්ගේ ආරක්ෂාවට. ඔය ලංකාවේ තරුණ සේවා සභාවට අත්තිවාරම වැටුණෙත් 71 කැරුල්ල නිසා කියලා කියනවා සුදු පැංචෝ.

හරි දැන් ලෝකේ පැත්ත Adventure Culture එක මොකක්ද? මචෝ සීන් එක පොඩ්ඩක් භයානකයි. මේක උමතුවක් වෙලා ත්‍රාසජනක දේවල් කරන්න පුදුම රැල්ලක් ලෝකේ පුරා තියෙන්නේ. අවදානම තමා විනෝද වෙන්නේ මෙතැනදී. එකක් කියලා නෑ එක එක දේවල් ගොඩක් තියෙනවා. අධික උසවල්වලින් විවිධ ක්‍රමවලට පැනීම, ගැඹුරු මුහුදේ පිහිනීම, අවදානම් සහගත හිම ධාවනය, පා පැදි, යතුරු පැදි ධාවනය වගේ දේවල් ගොඩක් තියෙනවා සීන් එකට අදාළ. ජීවිත සිය ගානක් මේ වැඩ නිසා නැති වෙලත් තියෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාව මානසික රෝග තත්ත්වයන් මේ හරහා ඇතිවෙලා තියෙනවා. ඒ වගේම කල්ලි කණ්ඩායම් විදිහට මේ ක්‍රියාකාරකම්වලට යොමුවීම ලෝකය පුරා සිදුවෙනවා. Web මාධ්‍ය වගේම Social Media හරහාත් මේක ව්‍යාප්ත වෙලා යනවා. කොහොම වුණත් තත්ත්වය වාරණයක් පාලනයක් නොමැති දෙයක්. 

ජීවිත අවදානම අඩු සාමූහිකත්වය වර්ධනය කරන තරුණ්‍යයේ සිහිනවලට ගැලපෙන ගොඩක් Events අද ලෝකේ පුරා තිබෙනවා. ඒවා නූතන කාර්යබහුල ලෝකයේ තාරුණ්‍යයේ කායික මානසික සෞඛ්‍යය යහපැවැත්මට ගොඩක් හොඳ විදිහට බලපානවා. ඒකාකාරී ජීවිතවල මානසික පීඩන මුදා හරින්න නිවාඩුවකට Adventure Event එකට සම්බන්ධ වීම කොහෙත්ම නරක දෙයක් නෙවෙයි සුදාලා. නමුත් කරන දේ අවබෝධයෙන් කරන එක තමා වැදගත් වෙන්නේ. නැත්නම් විනාසයක් තමා වෙන්නේ ඔන්න.

ලංකාව ගැන කතා කළොත් අපි මේ වැඩේදී ටිකක් පසුගාමී තැනක තමයි ඉන්නෙ පැංචෝ. එක අතකට ඒක හොඳයි නැත්නම් ලොකු ලොකු අනතුරු අපේ උන්ටත් වෙලා. කිතුල්ගල ගිහිල්ලා රාෆ්ටින් පාරක් දාන එක එක තමා අපේ අයගේ ලොකුම සීන් එක. ඒ වුණාට ඩයිවින්, ජල ක්‍රීඩා මේ කාලේ ජනප්‍රිය වෙමින් පවතින දේවල්. කඳු නැගීමත් මෑතකාලීනව ලංකාවේ ගොඩක් තරුණ තරුණියන්ගේ විනෝදාංශක් වෙලා. වෙනම Group එකම හදාගෙන Event Organize කරගෙන කඳු නැගීම මේ දවස්වල බොහොම ජනප්‍රියයි. Camping වගේ දෙවල් තවම ලොකුවටම නැතත් ලංකාවේ තැන තැන හිමිහිට පටන් අරගෙන තියෙනවා. සුදාලා දන්නවාද මේක වෙනම Tourism Line එකක්. ලංකාවේ හරියට කරනවා නම් Promoted කරනවා නම් සල්ලි උල්පතක්.

පැංචෝ පැංචියෝ දන්නවානේ අපි ආවේ කැලේ ඉඳලනේ. කැලෑ ගති තාම ගිහිල්ලා නෑ... යන්නේත් නෑ. දැන් අපිට කැලේ ඇත්තෙත් නෑ. ඒ වුණාට මේ ලෙඩේට බෙහෙතුත් තියෙන්න එපැයි. ඒ තමයි මෙසේ ත්‍රාසජනක ආතල් සීන්කෝන්. අපේ හිත ඉල්ලා එව්වා. තද කොරත් හිටියොත් පිස්සු හැදෙන මේවා. ඉතින් පරිස්සමට සුදාලා. ඒ ආතල් ගනින් අතපය ජීවිතේ බේරගෙන අබ්බගාත නොවී හෙට ගැන හිතලා සංවර්ධන වුණා කියන ඔළු ගෙඩිය පාවිච්චි කරලා.


► Text - Nisal   /   Pic – Internet

 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00