අද අපි Youtube hit වලින් Music Video එක ගැන කතා කරන්න හිතුවා. හේතුව මේ වැඩේ මේ දවස්වල සම්ප්‍රදායිකව එන Video වලට වඩා ටික වෙනස් වැඩක් නිසා. නම ටික අමුතුයිනේ. රටේ දේශපාලන ගැන තමයි කතා කරන්නේ තුන් හතර පැත්තටම ගහනවා. උපහාසය තමා වීඩියෝ එක පුරාවටම තියෙන්නේ. කොහොම වුණත් අපූරු විදිහට අපි ගුණ අගුණ දෙකම ගැනම අපි අද කතා කරනවා
Ninety Nine 99ලා තමා මේ වැඩේ කරලා තියෙන්නේ. Lyrics, Melody සජිත් පෙරේරා. අපි නරඹන කොට Views 64k වගේ තිබ්බා. ජූනි 17 වෙනිදා තමා Published කරලා තියෙන්නේ. කණ්ඩායම් සංගීත ගුරුකරගෙන නිර්මාණය කරපු වේග රිද්මේ ගීතයක් විදිහට මේක සරලවම හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් මේකට විෂය කරගත්ත තේමාව තමයි විශේෂත්වය. ඒත් අපේක්ෂිත Views ප්‍රමාණ නිර්මාණකරුවන්ට ලැබිලාද කියම එක නම් අපිට ගැටලුවක්.
වීඩියෝ එක පැත්තට හැරෙමුකෝ. මූලික දර්ශන තල තුනක් වගේ තමා භාවිත වෙලා තියෙන්නේ. Indoor Production එකක්. ප්‍රධාන වෙන්නේ අපි දන්න කියන දේශපාලන චරිත ටික ඉන්න සාදය වගේ තැන. දන්න අඳුරන චරිත ගොඩක් මේක ඇතුළේ ඉන්නේ. ඔවුන්ගේ චරිත ස්වභාවයන් අනුකරණය කරලා තියෙනවා. ඒ වගේම ප්‍රසිද්ධ නළුවන් කිහිප දෙනෙකුත් මීට දායකත්වය සපයලා තියෙනවා. ඒ වගේ Models ලා ටික භාවිත කරලා තියෙනවා විශේෂ ආකර්ෂණයක් බලාපොරොත්තුවෙන්. ඊළඟට 99 ලා Sing කරන රූපරාමු, කණ්ඩායම් සංගීතය, නිරූපණය සමඟ තමා ගලාගෙන යන්නේ. එතැනදීත් ප්‍රාසාංගීත්වය ගායනය සමඟ නිරූපනය කරන්න ප්‍රබල උත්සහයක් දරනවා කියන එක බොහොම පැහැදිලිව පේනවා.
කැමරාකරණය සංස්කරණ වෘත්තීමය ශිල්පීන් විසින් සිදුකරලා තියෙනවා. නමුත් මෙතැනදී නිර්මාණය තුළ Story ක් මතුවෙනවාද කියන එක ප්‍රශ්නයක්. මේක යම් කතාවක් ගලාගෙන යන්න අවශ්‍ය නිර්මාණයක්. ඊට උත්සාහයක් දරලා තියෙනවා. නමුත් ඒක පැහැදිලියි රසිකයා තේරෙන්න ඉදිරිපත් වෙන්නේ. ආතල් රූප රාමු ගොඩක් එකතු වුණත් හොඳ කන්සෙප්ට් එකක් තිබ්බත් එක්ක බිල්ඩප් වෙලා නෑ හරියට. ඒක තමයි මේ නිර්මාණයෙ තිබෙන මූලිකම ගැටලුව. කැමරා කෝණ සංස්කරණය ආදිය හොඳ ප්‍රමිතියකින් තිබුණත් ඒවා නිශ්චිත අරමුණක් සහිත පිටපත් වෙනුවෙන් මෙහෙය වූවන් රටම කතාකරන නිර්මාණයක් බවට මේ නිර්මාණය පත්වෙන්න තිබ්බා.
නිර්මාණයේ කාලෝචිත බව සහ එවන් නිර්මාණයක් අවශ්‍යව තිබෙන මොහොතක අමුතුලන්තයක් Video කරළියට ආවා කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා. ඒ වගේම සමහර චරිතවලට සැරට පහර වදින තැන් කිහිපයක් මෙහි අන්තර්ගතයි. ඒක නිර්මාණකරුවාගේ ඉදිරිපත් කිරීම අපි ඒක ප්‍රශ්න කරන්නේ නෑ. නමුත් අපහාසය නොව උපහාසය තමා මේ තේමා රැගත් නිර්මාණයවලදී අත්‍යවශ්‍ය. කොහොම වුණත් වෙනස් වැඩක්, අගය කළයුතු උත්සාහයක් කියන එක අද Youtube Hit වලින් අවසාන වශයෙන් අමුතුලන්තයක් ගැන කිව්ව කතාව අවසානයේ කියන්නම ඕනෑ.
► Text - Nisal / Pic – Internet