Y Trend වලින් Youth එකේ Real Trend දෙක අරගෙන ආවා. මේ අපේ සුදාලා සුද්දිලා දන්න කියන සීන් දෙකක්. එක Blood Donation අනික Hair Donation. පොදුවේ ගත්තම Donation of body organs.
Blood Donation කියන එක නම් අදක ඊයෙක තාරුණ්‍යයේ Trend එක වෙච්ච දෙයක් නෙවෙයි. සමස්ත ලෝකයේමත් ලංකාවේත් මේක රැල්ලක් බවට පත්වෙලා දැන් ගොඩක් කල්. අපේ බ්‍රෝ සමහරවිට මේ Trend එකේ වර්තමාන කොටස්කාරයෝ වෙන්න ඇති. සුදා මිනිසුන් මනසින් උසස් කිව්වාට මනුෂ්‍යත්වය ඔප්පු කරන්න ලෝකේ තියෙන හොඳම උදාහරණයක් තමා මේ වැඩේ. අපි සිරිලන්කන්ලා විදිහට පට්ට ආඩම්බර වෙන්න ඕනා අපේ නූතන පරම්පරාවට ගැන.
ඉතිහාසය ගැනම ලොකුකම් කියවන අතරේ පොඩ්ඩක් හොයලා බලන්න Blood Donation කරන එක පුරුදු කරගෙන ඉන්න කෙල්ලෝ කොල්ලෝ කොච්චර අද අපේ රටේ ඉන්නවාද කියලා. ඇත්තට අපි Y Trend වලින් කොච්චර දේවල් ගැන කතා කරලා අවසානයේ ඒ වලට බනිනවාද? කරන්න එපා නැතන් පරිස්සමින් කියලා හරි කියනවා. ඇත්ත ලෝකේ මිනිස්සු ඇතුළේ තියෙන අමානුෂිකත්වය ගැන කොච්චර විවේචනය කරනවාද? ඒත් අපි අපේ හොඳ පුරුදු නැත්නම් මචෝ උත්තුංග ගති ගැන කතා කරන්නේ නෑ. අද Y Trend එකෙන් කරන්නේ ඒ යුතුකම සහෝ...
සමහරැ Blood Donate කරන එකේ සිතුවිල්ල එන්නේ ළමා කාලේ ඉඳලා. සමහරුන්ට බොක්කේ යාළුවෙක් හරහා. නැත්තම් අහම්බෙන් Event එකක් දැකලා. ඒත් නැත්නම් දෙමාපියන්ගෙන්. අවුරැදු 18න් 20න් පස්සේ මේක බර ඇතුළු සුදුසුකම් සම්පූර්ණ වෙලා සීන් එකට Enter වෙන අපේ උන් ගොඩකට ඒක පුරුද්දට යනවා. යුද්ධ කාලේ මේ ගේමේ හිටිය අය සෑහෙන්න අපේ රටේ හිටියා. හැබැයි ආදරේ හිතෙන දේ තමයි ඒ කවුරුත් කැටයම් දාන්න ගියේ නෑ. ඒ වගේමයි ලේ වර්ගවල තියෙන විශේෂත්වය නිසා පොඩි පණිවිඩයකට ඕනම වෙලාවක Hospital එකට දුවලා ලේ ටික දන් දීලා එන උන් මේ අපි අතර ඉන්නවා. උන් ඒ ගැන පොර ටෝක් දෙන්නේ නෑ. මගේ පැංචෝ උන් විඳින්නේ නිරාමිස ප්‍රීතියක්. ගොඩක් වෙලාවට උඹලා දාන ආතල්වලින් ඒ සීන් එකේ අහලකටවත් යන්න බෑ බං. සිරා කියන්නේ මගේ සුදාලා සුද්දිලා පොඩ්ඩක් හිතපල්ලා. උඹලා තාම පරක්කු නෑ පැංචෝ.
මතකද පාස්කු ප්‍රහාරේ. දවසේ අපේ Hospital වලට කෙල්ලෝ කොල්ලෝ ආපු විදිහ. කුප්පකම් දහදුරාකම් දුප්පත්කම් මරි මෝඩ ඕන දෙයක් මේ දූපතේ තියන්න පුළුවන්. යකෝ ඒ මනුස්සකම තියෙන්නේත් මේ දූපතේ. දැනගනිල්ලා පපුවට අත තියලා බලපල්ලා උඹලා කවුදා කියලා. උඹලා මිනිස්සු උතුම් මිනිස්සු. උඹලා අපි ඒ මිනිස්සුගේ මනුස්සකම් හංගගෙන පව්කාරකමක් ලෝකට ප්‍රදර්ශනය කරනවා.
ඊළඟ ලංකාවේ අපේ කෙල්ලෝ අතර මේ කළේ ලොකු Trend එකක් තමා කොණ්ඩේ Cancer Hospital එකේ ඉන්න අසරණ අපේ මිනිස්සු වෙනුවෙන් දන්දෙන එක. මචෝ ඒක නිකන් රැල්ලට යන සීන් එකක් කියලාද හිතන්නේ. පෙරදිග අපේ වගේ රටවල කෙල්ලොන්ට කොණ්ඩේ කියන්නේ මහමෙරක් බ්‍රෝ. ඒක සමහර කෙල්ලොන්ගේ ආත්මේ කොටසක් වගේ. එහෙම කොණ්ඩේ තමා ඔය දන් දෙන්නේ. පොඩ්ඩක් හොයලා බලපල්ලා දන්දෙන්න තියන පෝලිම ගැන දිනයක් ගන්න බෑ මාස ගාණකට. අපහාසෙට උපහාසෙට ටෝක් දෙන දෙන උන් ඉන්නවා මේ ගැන. ඒත් ඔතෙන්නට හිත හදාගන්න අපේ කෙල්ලෝ ගැන ආඩම්බර වෙන්න ඕනා මචෝ. ජීවිතේ අගිස්සේ ඉන්න මිනිසුන්ගේ හීන වෙනුවෙන් තමාගේ ජීවිත කාලේම දැකපු හීනේ ඇසිල්ලකින් නැතිකරන්න අපේ රටේ අපේ කෙල්ලෝ ලෑස්තියි.
මෑතක තමා ඔය සීන් එක පටන් ගත්තේ. පදනම් කිහිපයක් තියෙනවා වැඩේ කරන. බොක්කෙන් කරන වැඩක්. අපරාදේ ඔයාගේ කොණ්ඩේ කියලා කියන අය ඉන්නවා මචෝ සීන් එකෙන් පස්සේ. ඒත් බොරු කොණ්ඩයක් හරි දාගෙන සාමාන්‍ය ලෝකෙට තමන්ගේ රූපෙට මොහොතකට හරි ලංවෙන අසරණ රෝගියෙක්ගේ ප්‍රීතිය කොහොමද මනින්නේ. පැංචෝ කොල්ලොද කෙල්ලෝ ද කියන එක නෙවෙයි අපි මිනිස්සු කියන එක තමා වැදගත්. ඔය පපුවේ වම් පැත්තේ තියෙන චූටි සෙන්සර් එක වැදගත්. හරියට වැඩ කරනවා ද කියන එක තමා වැදගත්.
අපි මේ කතා කරන්නේ ලේ, කොණ්ඩේ දන්දෙන එක ගැනනේ සුදා. තමන්ගේ වකුගඩුව ඇටමිඳුළු වගේ දේවල තවත් ජීවිතයක් බේරගන්න දන් දෙන උන් අපේ අතරේ ඉන්නවා. උන්ගේ Feeling එක ගැන පොඩ්ඩක් කල්පනා කරාද? කවදාවත්ම. මං කියන්නේ ජීවිතේ එපාවෙලා කරන සීන් එක ගැන නෙවෙයි තවත් ජීවිතයක් වෙනුවෙන් කරන කැපකිරීම ගැන. අපි හුස්ම ගන්න මිනිස්සු අපි මැරෙන මිනිස්සු උන් ඒක දැනගෙන ජීවත්වෙන මිනිස්සු. ලෝකේ මොනදේ දන්දෙන එකටත් වඩා තමන්ගේ කොටස් දෙන එක අමුතුම හැඟීමක් මචෝ. ඒකෙන් තවත් කෙනෙක් ජීවත් වෙනවා කියලා හිතෙන එක වෙනස්ම දෙයක්. අපේ පැංචන්ගේ
පැංච් යෝන්ගේ ලේ තවත් ආදරණීය මනුස්සයකුගේ නහර වැල් දිගේ දුවනවා. අන්න ඒ මනුස්සයා හුස්ම ගන්නවා. හිතපන් දැන් උඹ කවුද මගේ බොක්ක. ඔයා වීරයෙක් ෆැන්ටසි වීරයෙක් නෙවෙයි රියල් වීරයෙක්. අපි කියනවාට නෙවෙයි ඇතුලෙන්ම එනවා නම් සීන් එකට එකතුවෙන්න. අමාරුකම් තියෙන්න පුළුවන් ලෙඩ රෝග භය වගේ දේවල්. එහෙම නම් දුක්වෙන්න එපා මිනිසුන් වෙනුවෙන් හිතපන් ප්‍රාර්ථනා කරපන්. ඒත් ඇති.
වර්ගවාදේ අන්තවාදේ දාපන් බල්ලට. හිතපල්ලා මිනිස්සු විදිහට. අපිට මිනිසුන් වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියනවා. මිනිස්සු වගේ ජීවත් වුණොත් වීරයෝ වගේ මැරෙන්න පුළුවන්. Y Trend එක අද මෙහෙම ගැලපුනේ අහම්බෙන්. අදාළ නෑ වෙනදා ආතල් කුඩු පට්ටම් වෙන්න ඇති. රිදුණාද දැනුණාද එහෙනම් එච්චරයි. මේක තමයි තමයි ජීවිතේ සුපිරි Feeling එක. දෙයක් දෙනකොට ඒ ගැන ලෝභ හිතෙන්නේ නැති හිතක් හදාගන්න පුළුවන් නම් පට්ට බ්‍රෝ. ඉතින් ආතල් එකට හුරුවෙයන් ආයේත් කියන්නේ හුරුවෙයන්. ලේසි නෑ. නැත්නම් අපි පරාදයි. මගේ සුදු පැංචෝ අපි පරාදයි. අපි ආදරේ කරමු ලෝකෙට හුස්ම ගන්න හැමෝටම ඒක වෙනම Feeling එකක්.
► Text - Nisal / Pic – Internet