2019 ජුලි 06 වන සෙනසුරාදා

බොම්බායේ කොළණියයි ශිවාගේ ප්‍රේමයයි

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

අද කතාව සිද්ධ වෙන්නේ ඉන්දියාවේ ජනාකීර්ණ නගරයක් වන මුම්බායී නගරයේ. මේ නගරයේ ගෙවල් එක ගාව පිහිටි කොළණියක තමා අද කතාවේ නායකයා සහ කතාවේ නායිකාවත් ජීවත් වෙන්නේ. ශිවා මෝරේ කියන්නේ අද මේ කියන්න හදන කතාවේ නායකයගේ නම. කතා නායිකාවගේ නම ආස්තා ත‍්‍රිපාතී. මෙන්න මේ කියන ශිවා රැවුල වවලා කොණ්ඩය වවාගෙන ඉන්න කඩවසම් තරුණයෙක්. ඔහු එක වෙලාවකට ක්‍රිකට් ක‍්‍රීඩාවේ නිරතවෙලා සම්මාන පදක්කම් දිනාගන්නවා. තවත් වෙලාවකට තමන්ගේ ජාතිය ආගම වෙනුවෙන් අනිත් ජාතීන් සහ ආගම් අදහන අයත් එක්ක රණ්ඩු සරුවල් කරමින් ගහමරාගන්නේ දේශපාලකයන්ගේ ඕනෑ එපාකම්වල අතකොළු බවට පත්වෙලයි. කොහොමින් කොහොම හරි ශිවා ආස්තාට ආදරය කරනවා. දවසක් ආස්තා ඔවුන්ගේ නිවාස පිහිටලා තියෙන පටු මාවතක් දිගේ බයිසිකලයක් පදින්න හදනවා. ඇය ගාවම ඉන්න ශිවා ඇයගේ බයිසිකලය පැත්තකට තල්ලු කරලා දානවා.

ශිවා - මිනිස්සුන්ට පයින් යන්නත් ඉඩක් නැහැ. ඔයා බයිසිකල් පදින්නද හදන්නේ?

ආස්තා - බ්ලඩී ඉඩියට්
ශිවා - අපේ මිනිස්සු අයින් කරලා මේ මිනිස්සු හැමදේම අයිති කර ගන්නවා.
ආස්තා - අයිති කරගන්නවා? මොනවද අයිති කරගන්නේ? මෙතන ඉන්න අපි හැමෝම ඉන්දියානුවන්.
ශිවා - ඔව්. ඉතින්?
ඉන්දියාවේනම් ඉන්දියාවට ගිහිල්ලා ජීවත් වෙනවා. මුම්බායිවල මොනවද කරන්නේ?

මම ශිවා මෝරේ.
ආස්තා - හ්ම්ම්ම්.

ශිවා සහ ආස්තා ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ඒ ආදරයට වැඩි ආයුෂක් නෑ. මේ පොලිස් ස්ථානයක සිදුවීමක්. ශිවා සිර මැදිරියක දාලා තියෙන්නේ. ශිවා පොලිස් ස්ථානයෙන් එළියට ඇවිත් තමන්ගේ තරහකාරයන් හොය හොයා පහර දෙනවා. එදා මහ වැස්ස දවසක්. ආස්තා කුඩයකුත් ඉහලගෙන වැස්සේ තෙමෙමින් ඉන්න ශිවා ඉස්සරහට එනවා.

ආස්තා - ශිවා අපි අතරේ තිබුණු හැම දෙයක්ම අමතක කරලා දාන්න.
ශිවා - හැමදේම අත හැරියා. ඒත් ඔයාව අතහරින්න බැහැ. අත හරින්න කිව්ව හැමදේම අතහැරියා. මුළු ජීවිත කාලේම ගෙවිලා යයි ඔයා කියන විදියට හැමදෙයක්ම අතහරින්න ගිහිල්ලා.

ආස්තා - අයි ලව් යූ ශිවා
ශිවා - ආස්තා

හරි අපූරූ කතාවක් නේද? කතාවේ ඉතුරු ටිකත් දැනගන්න ආසා හිතුණා නේද? ඒත් කතාවේ ඉතුරු ටික දැනගන්නනම් ඔයාට 2019 ජූලි 05 වැනිදා පටන් තිරගතවෙන මලාල් හින්දී සිනමාපටය නරඹන්න සිදුවෙනවා. මේ මලාල් කියලා හින්දියෙන් කියන්නේ සංතාපය, කණගාටුව, ශෝකය කියන තේරුමටයි. මේ සුන්දර හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මන්ගේශ් හාදාවලේ. මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සන්ජය ලීලා බංසාලී, භූෂන් කුමාර්, ක‍්‍රිෂන් කුමාර් සහ මහාවීර් ජෛන් විසිනුයි. සෙල්වාරාගවන්ගේ කතාවක් වන මේ හින්දී සිනමාපටයේ තිර රචනය සිදු කරලා තියෙන්නේ මන්ගේශ් හාදාවලේ, සන්ජීව් සහ සන්ජය ලීලා බංසාලී විසිනුයි. ඒ වගේම මේ මලාල් හින්දී සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරන්න පසුබිම සංගීතවත් කරලා තියෙන්නේ සන්චිත් බල්හාර සහ අන්කිත් බල්හාර්.

දැන් ඔබට කියන්න හදන්නේ ශිවාගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේදී ඉපැදුණු මේ කියන තරුණ හාදයා ඉන්දියාවේ විකට නළුවෙක් විදියට ජනප‍්‍රිය ජාවේද් ජෙෆ්රිගේ වැඩිමහල් පුතා කිව්වොතින් ඔබ පුදුමයට පත්වේවී නේද? ටිකක් ලජ්ජකාරයෙක් වන ඔහුගේ මවගේ නම හබීබා ජෙෆ්රි. ශිවාගේ චරිතයට මේ අලුත්  නළුවගේ නම මීශාන් ජෙෆ්රි. ඔහුගේ ‍ෙප්‍ර්මවන්තිය ආස්තාගේ චරිතයට පණ පොවන්නේ කවුද කියලත් ඔබ දැන් හිතනවා ඇතිනේ. මේ දැන් ඇය ගැන විස්තර කියන්න තමයි අපෙත් සූදානම්. ආස්තාගේ චරිතයට පණ පොවන්නේ මේ සිනමාපටය වගේම බොලිවුඩයේ බොහෝ සිනමාපටයන් තැනූ සංජය ලීලායි බන්සාලිගේ ලේලියක් කියලයි කියන්නේ. දීපක් ෂේගල් සහ බේල කියන්නේ ඇයගේ දෙමාපියන් වන අතර ඒ දෙන්නම හින්දි සිනමාපටවල එඩිටර්ස්ලා විදියට තමයි ජනප‍්‍රිය. මේරි කොම් සහ බාජිරා ඕ මස්තානී කියන හින්දී සිනමාපටවල සංජය ලීලායි බන්සාලිගේ සහාය අධ්‍යක්ෂවරියක් විදියට වැඩ කරලා තියෙන ඇය සිනමාව සහ වේදිකාව ගැන අධ්‍යාපනයක් ලබලා තියෙන කෙනෙක්. ඇය එසේ අධ්‍යාපනය ලබා තියෙන්නේ ලොස් ඇන්ජලීස්වලින්. ආස්තාගේ නමට පණ දෙන ඇයගේ සැබෑ නම ශර්මින් ෂේගල්.

මේ කියන මලාල් හින්දි සිනමාපටයේ ගීත සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ සංජය ලීලායී බංසාලී, ශ්‍රෙයාස් පුරානික් සහ ශෛල් හදා වන අතර ඒ ගිතයන්හී ගේය පද හිතට දැනෙන විදියට ගලපලා තියෙන්නේ ප‍්‍රශාන්ත් ඉන්ගෝලේ, විමල් කාශ්‍යබ් සහ ඒ. එම් තුරාස්. අන්න ඒ ගේය පදවලට පණ දෙන්න ඒවා තමන්ගේ හඬින් මන බඳින විදියට තමන්ගේ හඬ දීලා තියෙන්නේ ආදර්ශ් ශින්දේ, ශ්‍රේයාස් පුරානික්, රැට්වික් තලශිකාර්, ශ‍්‍රියා ගෝෂල්, ආනන්දි ජෝශී සහ ශෛල් හදා.

Translation — Chandana Waravitage

 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00