අද අපි මේ දවස්වල Trending යන Music Video දෙකක් තමා Youtube Hit වලින් තෝරගන්නේ. මතක අමතකයිලු තිවංක දිල්ශාන් ගායනා කරන ගීතයක්. අපි මේ Video එක නරඹපු දෙකෙන් අවසාන අන්තිමට කරලා තිබ්බ වීඩියෝ එකට Views අසූ තුන් දාහක් විතර තිබ්බා දවස් 5ක් ඇතුළත. අනික් වීඩියෝ එක එළියට ඇවිල්ලා තිබ්බේ මාසෙකට විතර ඉස්සෙල්ලා. ඒකට Views මිලියන 1.8 ක් විතර තිබුණා. හැබැයි මුල් එක Official නෙවෙයි. හැබැයි Trending. අමුතුයිනේ. හේතුව හිතාගන්න බෑනේ. අපි මේක නිමිත්ත කරගෙන වෙන පැත්තකට කතාව දාමු හිමීට.
අපි Music Video ගැන Youtube Hit සාමාන්‍යයෙන් කතා කළේ ටිකක් අඩුවෙන්. ඒත් ලංකාවේ වගේම ලෝකයේ සංගීත ක්ෂේත්රයේ හදවත වෙලා තියෙන්නේ Youtube. ඒ නිසා මේ System එක පැහැදිලි කරන්නයි Trending කතාව අවබෝධ කර ගන්නයි එක්ක තමා අද අපි මේ Music Videos අපේ සංවාදයට තෝරාගත්තේ. ඇත්තටම මේක නිමිත්තක් විතරයි. Channel දෙකකින් තමා Video දෙක. එළියට දාලා තියෙන්නේ. මේකේ අභ්‍යන්තර කතාව අපි දන්නෙත් නෑ අදාළත් නෑ. නමුත් එකම Song එකට Video දෙකක් වෙන එක ටිකක් විතර අමුතුයි වගේනේ. නෑ එහෙම හිතුවට ලෝකේ වගේම අපේ රටේ ඒවගේ දේවල් Youtube ඇතුළේ වෙනවා සහ Hit වෙනවා. මුලින් Channel එකකින් Edit කරලා දාන Video එක.
තිවංක දිල්ශාන් කියන්නේ මෑත කාලේ තරුවක් වුණ තාරුණ්‍යයේ ජනප්‍රිය ගායකයෙක්. විවාදයක් නෑ. ඒක තමයි මේ Video දෙකම Hit වෙන්න බලපාලා තියෙන්නේ. ඒ වගේම ඒ Youtube Channel දෙකේ ප්‍රබලත්වය. මෙතැනදී මතුවෙන්නේ වානිජ පරමාර්ථයක් කියන එක බොහොම පැහැදිලියි. Youtube හරහා උපයන්නට තියෙන සියලු ඉඩකඩ මෙතැනදී භාවිත වෙලා තියෙනවා. මේ වීඩියෝවල Videography ගැන නැත්නම් ඒවගේ ගුණ අගුණ අපි කතා කරන්නේ නෑ. නමුත් මාදිලි දෙකේ Youtube භාවිතය Music Video ඇතුළේ අද රැල්ලක් වෙලා තියෙන. Audio out වෙච්ච ගමන් Editing Part එකක් එක්ක එන විඩියෝ Official එකට වඩා Views ගන්න එක අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි ඊයෙ අදාළ මූල්‍ය වටිනාකම හිමිකරැවන්ට ලැබෙන ක්‍රමවේදයක් කියනවාද කියන එක නම් අපැහැදිලියි. පහුගිය කාලේ එහෙම වුණේ නෑ. දැන් එහෙම නොකරත් බෑ. ඒ නිසා යම් සාධාරණයක් වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්.
Youtube නව ප්රවණතා අතර මේ තත්ත්වය ප්‍රධන තැනක් ගන්නවා. රසික නොදන්නවා වුණාට අද රටේ තියෙන ප්‍රධාන කර්මාන්තයක් මේ. හරියට ඉස්සර කැසට් පීස්වල අර ලේබල් මේ ලේබල් වගේ. දැන් ගනුදෙනු මිලියන ගණන් වලින්. නමුත් Feeld එක ඇතුළේ නවකයෝ සූරාකෑමකට ලක්වෙනවා කියන එක එදා වගේම අදත් රහසක් නෙවෙයි. ඔවුන්ගේ ජනප්‍රියත්වයෙන් හැකියාවෙන් විශාල වශයෙන් උපයාගන්නේ වෙනත් අය. ඒක මහා භයානක තත්ත්වයක්. ඒත් මේ ඉස්සර වගේ නෙවෙයි අද වැඩ වෙන්නේ නිත්‍යනුකූල විදිහට Youtube rights සම්බන්ධ ගිවිසුම් හරහා තමා ගනුදෙනු වෙන්නේ අසාධාරණය වුණාට පසේ ගොඩක් අලුත් නිර්මාණකරුවෝ දැන ගන්නේ මොකක්ද වුණේ කියලා. ඒත් එතකොට අර ගිවිසුම් එක්ක ඔවුන් ගොලුවෙලා ඉවරයි. කතාකරන්නේ නෑ කතාකරන්න බෑ.
මතක අමතකයිලු තිවංක දිල්ශාන් ගායනා කරන ගීතය අපි මේ කතාබහට තෝරා ගත්තේ උදාහරණයක් හැටියට. තිවංකටවත් ගීතයටවත් මේ හරහා බලපෑමක් නෑ. අභ්‍යන්තර අපි දන්නේත් නෑ. නමුත් අවසානෙදී කියන්න ඕනා සමහර අය මීට සම්බන්ධ සිදුවීම් නිසා අසාධාරණයට ලක්වෙලා තියෙනවා. ඒ නිසා Youtube Hit අතරේ අපි Youtube Hidden Story ත් තියනවා කියලා ඔන්න ඔයාලට අපි මතක් කරනවා. කොහොම වුණත් තිවංකගේ වැඩේ මරු.
► Text - Nisal / Pic – Internet