01. Deepika Padukone
ඉතින් මුලින්ම ඔබට කියන්න හදන්නේ දීපිකා පදුකෝන් ගැන. ජනප‍්‍රිය සිනමා නළු රන්වීර් සිංගේ බිරිඳ මේකප් නොදා හිටියට හරිම හැඩකාර කෙළිලොල් තරුණියක් බව ඔබටම දැකගන්න පුළුවන්. මේකප් නැතුවත් දීපිකානම් ලස්සනයි නේද?
02. Nargis Fakhri
රොක් ස්ටාර් කියන හින්දි සිනමාපටයෙන් නිළියක ලෙස කලඑළිබට නර්ගීස් ෆක්‍රීගේ මුහුණ මේකප් නැති වුණාමත් ආකර්ෂණයක් තියෙන මුහුණක් නේද? ඒවගේම ඇයගේ ස්වභාවයෙන්ම උරුමවෙලා තියෙන දෙතොල නිසා ඇයගේ ආකර්ෂණය වැඩි කරනවා.
03. Anushka Sharma
ශාරුක් ඛාන් එක්ක රබ්නේ බනාදී ජෝඩී සිනමාපටයෙන් හින්දි සිනමාපටයට පය තැබූ ඉන්දියාවේ ක‍්‍රිකට් කණ්ඩායමේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයෙක් වන විරාත් කෝලිගේ බිරිඳ ගැන තමයි දැන් කියන්න හදන්නේ. අනුෂ්කා ශර්මා නමැති ඇය ගොඩාක් දක්ෂ විදියට රඟපාන්න පුළුවන් කෙනෙක්. ඇයගේ සමේ පැහැය නිසා මනස්කාන්ත පෙනුමක් ගන්න ඇයටත් මහා ලොකුවට මේකප් අවශ්‍ය නෑ කියලයි තතු දත් අයනම් කියන්නේ.
4. Karishma Kapoor
කරිශ්මා කපූර්ගෙන් සම්භාව්‍ය සුන්දරත්වයක් තියෙන්නේ කියලා ඉන්දියාවේ මාධ්‍යවල වාර්තා කරලා තියෙනවා. එහි සත්‍ය අසත්‍යභාවය ඔබම තීරණය කරන්න. ඇගේ සමේ දෝෂ සහිත පෙනුමක් පැවතුණත් දෑසනම් සුන්දර බවත් ඔවුන් කියලා තියෙනවා. මේකප් කළාම නම් ඇගේ පෙනුම පුදුම උපදවනවා කියලයි ඔවුන් වැඩිදුරටත් කියන්නේ.
5. Priyanka Chopra
ප‍්‍රියංකා චොප්රා ජාත්‍යන්තර වශයෙන් ද රසික හදවත් දිනාගෙන සිටින කෙනෙක්. ඇය වෙළඳ සන්නාමයක විදියට වේශ නිරූපණ ඇතත් නැතත් ඉතා චාම් හා සුන්දර කෙනෙක් වෙනවා.
6. Alia Bhatt
මේ තරුණ කෙල්ල හැම වෙලාවෙම එයාගෙ ඉන්ස්ටර්ග‍්‍රෑම් ගිණුමෙන් මේකප් නැතුව ඡායාරූප සහ වීඩියෝ එකතු කරනවනේ. ඒ විතරක් නෙවෙයි හයිවේ හින්දි සිනමාපටයේ ඇය මේකප් නැතුව තමයි රඟපෑවෙත්. අනිත් කාරණය තමයි ආලියගේ හිනාවට සහ කම්මුල්වල ගැහෙන එකටයි ඒ දෙතොල්වල හිනාවටයි ඇයගේ රසිකයන් මැරෙන්න වුණත් ලෑස්තියි.
7. Yami Gautam
පැහැපත් සහ ආදරණීය ඇයට කිසිම ක‍්‍රීම් වර්ගයක අවශ්‍යතාවයක් නැත. ඇය වේශ නිරූපණය නැතුවද ආකර්ෂණීය වන අතර ඇය හරිම නැවුම් සහ සරල ද වේ.
8. Parineeti Chopra
පියවරෙන් පියවර බොලිවුඩයේ ඉදිරියටම පිය මනින පරිනීතී චොප්රා නිරන්තරයෙන් මේකප් නැතුව සමාජ මාධ්‍යවලට තම ඡායාරූප සහ වීඩියෝ එකතු කරන කෙනෙක්. ඇය මේකප් නැතුව තමන්ගේ සුන්දරත්වය ගැන තියන විශ්වාසයට අපි ආදරය කිරීම මෙන්ම අගය කිරීම ද කළ යුතුය.
9. Sonam Kapoor
අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර් හැම වෙලාවෙම අපිව ආකර්ෂණය කරගෙන තියෙන්නේ ඇගේ සුන්දර හිනාවෙන් සහ විලාසිතාවලින්. ඇය මේකප් ඇතුව හිටියත් නැතුව ඇය දිහාට හැමෝගෙම නෙත් ඇදී යයි.
10. Shraddha Kapoor
ආශීකී 02 හින්දි සිනමාපටයෙන් තමන්ගෙ සිනමා දිවිය ආරම්භ කළ ශ‍්‍රද්ධා කපූර් තමන්ගේ අහිංසක බෝනික්කියක් මෙන් පෙනුමෙන් හින්දි සිනමා ක්ෂේත‍්‍රයට කුණාටුවක් ඇති කරන්න සමත්කම් දැක්වුවා. එයා බොහෝ වෙලාවට ගෙදර සැහැල්ලුවෙන් ඉද්දී ෆේස්බුක් එකට පිජාමා ඇඳුමින් සැරසිලා මේකප් නැතුව ඡායාරූප වගේම වීඩියොත් එකතු කරන කෙනෙක්.
11. Katrina Kaif
කැතී කියන්නේ සුපර් ස්ටාර් කෙනෙක්නේ. එයා මේකප් දැම්මත් නැතත් සතුටින් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ. ඇය උපතින්ම හැඩකාරියක්. එයා මේකප් දැම්මත් නැතත් රොකින්ග් කියලයි එයා ගැන දන්න අය කියන්නේ.
12. Kalki Koechlin
ඉතාම දක්ෂ නිළියක් වන කල්කී වෙලාවක මේකප් ගැනවත් තමන් ගැනවත් හිතන කෙනෙක් නෙවෙයි. එයා තමන්ගේ චරිතයට හරියන්න හැම වෙලාවෙම ලෑස්තිවෙලා ඉන්න අතර මේකප් ගැන කිසිම වෙලාවක තැකීමක් කරන්නෙම නැහැ. ප‍්‍රංශ සම්භවයක් උපතින්ම හිමි වෙලා තියෙන කල්කිට ඒක උපතින්ම ලැබුණු වරප‍්‍රසාදයක්.
13. Rani Mukherjee
බෙංගාල හැඩකාරියක් වන රාණී මුකර්ජී බොලිවුඩයට විශාල දායකත්වයක් දීලා තියෙන නිළියක්. නෝ වන් කිල් ජෙසිකා සිනමාපටයේ මේකප් නැතුව මාධ්‍යවේදිනියකගේ චරිතයක් ඇය ඉදිරිපත් කළා. ඇගේ දෑසේ දුඹුරු පැහැය සහ ලස්සන දෑස නිසා මේකප් නැතිව වුණත් ඇය දිහාවට අපිව ආකර්ෂණය වෙනවා. ඇයට තියෙන්නේ සාමාන්‍ය කාන්තාවකට වගේ පෙනුමක්. ඔබගෙන් ප‍්‍රශ්නයක් අහන්න තියෙනවා. සාමාන්‍ය කාන්තාවක් වගේ වෙන එක නරක දෙයක්ද?
14. Jacqueline Fernandez
ශ්‍රී ලාංකිකයෙක් වුණත් ඇය බොලිවුඩය ජය ගත්ත කෙනෙක්. ජැක්ලින් මේ වෙද්දී බොලිවුඩය තුළ තමන්ගෙ තැන හදාගෙන අවසන්. ඒ නිළියක් වගේම නර්තන ශිල්පිනියක් ලෙසින්. වේශ නිරූපණයෙන් තොරවත් ඇය ඉතාම හැඩකාරියක්.
15. Aishwarya Rai Bachchan
අයිශ් කියන්නේ රූප රාජිනියක් වගේම ලෝකයේම ආකර්ෂණය දිනාගත්ත සුන්දර හැඩකාර කාන්තාවක්. මේකප් ඇතුවත් නැතුවත් ඇය ගොඩාක් සුන්දර කාන්තාවක් බවත් ඇයට ඕනෑම කෙනෙක් ආකර්ෂණය වෙන බවත් විතරක් කියන්න පුළුවන්.
16. Kareena Kapoor Khan
ජබ් වී මෙට් හින්දි සිනමාපටයේ දඟකාර තරුණියක් විදියට ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි කරීනා ප්‍රේක්ෂකයන්ගේ හදවත් තමාට ඇඳ බැඳ ගන්න සමත්වුණු නිළියක්. කරීනා හෙවත් බෝබෝ යෝගා අභ්‍යාසවල නිරතවෙමින් ඉතාම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන කෙනෙක්.
17. Shruti Hassan
මේ දක්ෂ නිළිය ඇගේ සුන්දරත්වය නිසාම ප‍්‍රසිද්ධයි. මේකප් නැතුව ඇය තමන්ගේ සම විශ්වාසයකින් යුතුව සුවපහසුවට තියාගන්න කැමති කෙනෙක්.
18. Sonakshi Sinha
සෝනක්ෂී සිංහා කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් වෙහෙස වෙලා වැඩ කරන්න කැමති කෙනෙක්. මෙයා පියරු බබෙක්නම් නෙවෙයි. එයා මේකප් නැතුව ඉන්ස්ටර්ග‍්‍රෑම් එකෙන් තමන්ගේ ඡායාරූප සහ වීඩියෝ නිතරම තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් එක්ක බෙදාහදාගන්න කෙනෙක්.
19. Kriti Sanon
මේකප් නැතිවුණාම තමන්ට හුස්ම ගන්න පුළුවන් කියලයි ක‍්‍රිති සැනොන් කියන්නේ. මේකප් නැතුව සෙල්ෆි ඡායාරූපවල නිරන්තරයෙන් පෙනී ඉඳිමින් ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහරින ඇය ඉතා සරල හා නිහතමානී පෙනුමක් තියෙන කෙනෙක් වන අතර මේ වෙද්දී ඇය බොලිවුඩයේ ජනප‍්‍රිය තරුණ නිළියන්ගෙන් කෙනෙක්.
20. Bipasha Basu
තළෙලු වර්ණයෙන් යුතු බිපාෂට පමණක් උරුම වුණු විශේෂ ලස්සනකින් පිරිපුන්. කිසිම මේකප් එක්ක නැතිව වුණත් ඇගේ පෙනුම විශ්මයජනකයි. ආක්‍රෝෂ් හින්දි සිනමාපටයේ ඇය රඟපෑවේ මේකප් නැතුව කියන එක ඔබ දැනගෙන හිටියද?
21. Neha Dhupia
මේකප් නැතුව නේහා සම්පූර්ණයෙන්ම වෙනස් පෙනුමක් තියෙන කෙනෙක් වුණත් ඇය 2002 ෆෙමිනා මිස් ඉන්දියා තරගයෙන් ජයග‍්‍රහණය කළ හේතුව අපිට හිතාගන්න පුළුවන් නේද? මේකප් නැතිවුණාට ඇගේ සුන්දරත්වයේ අඩුවක් නැහැනේ.
22. Athiya Shetty
අලුත් කෙල්ලෙක් වන ආතියා ෂෙට්ටි මේකප් නැතුව එයාගේ සෙල්ෆි සමාජ මාධ්‍යයේ පළකරන කෙනෙක්. ඇයට දීප්තිමත් සමක් උපතින්ම උරැම වෙලා තියෙනවා.
23. Shweta Tripathi
සුපිරි දක්ෂතාවයක් ඇති මේ කියන තරුණිය හරාම්ඛෝර් සිනමාපටයෙත් රංගනයෙන් දායක වුණා. මේකප්වල ඉන්න අයගේ සුන්දරත්වය කැපී පෙනුණත් ඇය සතුව තියෙන්නේ ප‍්‍රියමනාප පෙනුමක්.
24. Kangana Ranaut
ක්වීන්ස් හින්දි සිනමාපටයේ රංගනයෙ යෙදුණු ඇය ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන නිළියක්. එයා වැඩ කරන හැම සිනමාපටයකම අතිවිශිෂ්ට ලෙස කැපවීමෙන් හොඳට කරන කෙනෙක්. මේකප් නැතිවුණාම ඇයගේ පෙනුම වෙනස් වුණත් අනෙක් හැමෝටම වඩා සුවිශේෂී පෙනුමක් ඇයට ලැබී තියෙනවා.
25. Vidya Balan
විද්‍යා බාලන් කොහොමත් තමන්ගේ සිරුරවත් ගැන හිත්න කෙනෙක් නෙවෙයිනේ .මතකයිනේ එයාගේ සිරුරේ සයිස් එක.ඩර්ටි පික්චර් සිනමාපටය් වගේම කහානී සිනමාපටයේත් ය කාන්තාවන් කියන චරිතය ඉහලටම ගේන්න දක්ෂ රංගනයෙන් පිරිපුන් නිළියක් බව මනාව ඔප්පු කළානේ.මේකප් ගන ත් ඇය ඕනවට වඩා හිතන කෙනෙක් නෙවෙයි කියලයි කියන්නේ.
26. Taapsee Pannu
මෙන්න මෙයා මේකප් කරනවට වැඩි කමැත්තක් නැති කෙනෙක්. සිනමාපටයන්හි අවශ්‍යතා අනුව මේකප් කළත් ඇය අඩුවෙන් මේකප් කරනවට තමයි කැමැත්තක් දක්වන්නේ.
27. Aditi Rao Hydari
මේ දකුණු ඉන්දියානු සුන්දරියගේ සමනම් දෝෂ සහිත සමක්. රාජකීය පෙළපත් දෙකකින් පැවත එන ඇය මේකප් නැතුව නම් ඇත්තටම රුවැත්තියක් නොවෙයි.
28. Ileana D’Cruz
ඉලෙයානට ඇති සුවිශේෂිම දේ ඇයගේ හිනාවයි. ඇය මේකප් නැතුවත් සෙල්ෆි ගන්න කාණ්ඩයට අයත් වෙන්නේ. ඇය ස්වභාවයෙන්ම සුන්දරියක්.
29. Diana Penty
සිනමාපට කිහිපයක පමණක් රංගනයෙක් දායක වුණු ඩයනාට විශිෂ්ට සමක් සහ ලස්සන කෙස් කළඹක් ඇත. ඇය කිසිම මේකප් එකක් නැතුව පුදුම සහගත තරම් සුන්දර පෙනුමක් තියෙන අතර ඔබ ඇය හැඩකාරියක් බව පිලිගන්න්වද?
30. Disha Patani
එම්. එස්. දෝනී සිනමාපටයේ නිළිය ඇගේ සුන්දර සිනහවෙන් අපේ හදවත් සොරාගත්තා. ඇයට තියෙන්නේ නැවුම් සහ චාම් පෙනුමක්. ඇයත් වැඩිපුර මේකප් කරන කෙනෙක්නම් නෙවෙයි.
ඔන්න බොලිවුඩයේ නිළියන් 30දෙනෙක් මේකප් නැතුව කොහොමද කියලා අපි අද ඔබට කිව්වා. බලන්න අපට මඟහැරුණු ඔබ කැමතිම නිළියන් තව ඇති. ඉතින් ඒ කවුද කියලා ඔබට අපිට කියන්න පුළුවන්නම් දවසක ආපහු අපිට ඒ අය ගැනත් හොයලා බලලා ලියන්න පුළුවන් කම තියේවි. අවසාන වශයෙන් කියන්න ඕන මේකප් ඇතුව හරි නැතුව හරි බාහිර පෙනුම සුන්දර වුණත් වැඩක් නැහැ ඔවුන්ගේ ඇතුළාන්තය සුන්දර නැත්නම් නේද?
► Translation — Chandana Waravitage