අද අපි YouTube Hit වලින් මඟහරින්න බැරි කතාවක් අරගෙන ආවා. මේ කතාව සඳහා චරිතයක් පදනම් වෙනවා. ඒ තමා රජා... හෝ හෝ යාළුවනේ කියලා YouTube Hit වුණු ළාබාල තරුණයා. මේ දිනවල මේ චරිතේ YouTube වල Trending ඉන්නේ. ඒ නිසා අපිට ඔහුගේ වීඩියෝ ගැන කතා කරලත් බෑ නොකරත් බෑ. රජාගේ වැඩ ගැන සුභවාදී ආකල්පයකින් මාධ්‍ය ආචාරධර්මවලට ගරු කරන පත්තරයක් හැටියට අපිට කතා කරන්න අමාරුයි. අපිට මේ චරිතෙට අපහාස උපහාස කරන්නවත් ප්‍රසිද්ධ කරන්නවත් ඕනේ නෑ.
සාහිත්‍යයේ කියනවා එක එක රස ගැන. ජුගුප්සාවත් පිළිකුලත් කියන්නේ රසයක් කියලා එතැනදී කියවෙනවා. ඒ වගේම අපි හිනාවෙනකොට වැඩියෙන්ම පිට ලෝකේ සාමාන්‍ය ස්වභාවෙන් වෙනස් වෙච්ච අස්වාභාවික ගති පැවතුම්වලට හිනා වෙනවා. ඔන්න ඔය කාරණා දෙක තමා රජාගේ වීඩියෝ Hit වෙන්න බලපාලා තියෙන්නේ කියලයි අපිට හිතෙන්නේ. දැනගන්න තියෙන විදිහට ඔහු මේ වැඩේ කරන්න සහෝදරයෙක් වගේ කෙනෙක් එක්ක එකතුවෙලා. කොහොම වුණත් අද වෙනකොට රජාගේ ප්‍රසිද්ධිය නම් බොහෝ ඉහළයි.
YouTube Channel එකේ Subscribe ලා විතරක් එක් ලක්ෂ පනස් දහසක් විතර තියෙනවා. 2018 ජූලි 07 තමයි Channel එක පටන් අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔහු YouTube දාන Videos වලට 50k ඉඳන් 250k අතර Views ප්‍රමාණයක් තියෙනවා. මේ ගණන් දිහා බැලුවාම අවුරුද්දක් ඇතුළත ඔහු ඇවිල්ලා තියෙන දුර ඉතා විශාලයි කියලයි අපිට පේන්නේ. රජාගේ වචන භාවිතය, හැසිරීම තමයි මේ වගේ ප්‍රතිචාරයක් ඔහු වෙනුවෙන් ලැබෙන්න හේතුව. ඔහු තුළ යම් හැකියාවක් තියෙනවා. ඒක නිර්මාණාත්මක විශේෂ හැකියාවක් කියලානම් අපිට කියන්න බෑ.
මේ වීඩියෝ ඔක්කොම වෙලා තියෙන්නෙ වීඩියෝකරණයේ සහ සංස්කරණයේ ඉතාම සරලම මූලධර්ම අනුගමනය කරගෙන. මේකෙ විශේෂයක් නෑ වගේම රජාගේ ප්‍රසිද්ධියට ලොකු බලපෑමකුත් නෑ. මිනිස්සු විදිහට අපිට තියෙන එක්තරා මානව භාවයකට තමා මෙතැන දී රජා කතා කරන්නේ. ඒක මේ වීඩියෝ බලනකොට දැනෙන හැඟීම එක්ක ඔබට අවබෝධ වේවි. ඒ වගේම මේ කරන දේවල් වැරදියි. පොඩි එකෙක් කියන ආකල්ප ගොඩක් වෙලාවට වීඩියෝ නැරඹීමට ප්‍රවණතාවක් ඇති කරලා තියෙනවා.
කොහොම වුණත් මේ රජා කියන්නේ පාසල් ළමයෙක් ද, මේ කරන වැඩේ හරිද වැරදි ද, භාරකරුවෝ වැඩිහිටියෝ මේ වැඩේ අනුමත කරනවා ද කියන එක ලොකු ප්‍රශ්නයක් තමා. ඒත් YouTube Hit ඇතුළේ ඒ ගැන කතා කරන්නේ නෑ. ඒත් ඒවා ගැනත් කොතැන හරි කතා වෙනවානම් හොඳයි කියලා අපි අදහසක් විදිහට ඉදිරිපත් කරනවා.
අද සමාජ මාධ්‍ය ඇසුරේ ඕනෑම දෙයක් ඕනෑම සංකල්පයක් විකුණගෙන මුදල් හොයන්න අවකාශය තියෙනවා කියන එක රජා වගේ චරිත මතුවීම හරහා අපිට ඉගෙන ගන්න වෙනවා. මේක එක පුද්ගලයකුගේ වරදක් නෙවෙයි. අපි ගමන් කරන මාවතේ ස්වභාවයයි. ස්වං ආචාරධර්ම පද්ධතියක් හැම මාධ්‍යයක් තුළම තියෙන්න ඕනෑ. අපි කියන්නේ නෑ ඒක වාරණයක් කියලා. ඒත් විනයක් නැති වුණාම ගමනේ ආයුෂ කෙටියි කියලා කියන එක You tubers ලාටත් අදාළයි ඉතින්...
► Text - Nisal / Pic – Internet