Y Trend වලින් අපි අපේ Younger Generation එක ගන්න එක එක ආතල් ගැන ලියලා තියෙනවනේ... අද අපි ලියන්න යන්නේ නෝමල් ඩීසන් ආතල් එකක් ගැන. මේක බුකිය මූලික වෙච්ච Trend එකක්. රස්තියාදු ගතිය පොඩ්ඩක් පැත්තකට තියලා සීන් එක ගැන කතා කරමුකෝ. මුහුණුපොතේ කවි ලිවීමට ඇති නූතන තාරුණ්‍යයේ ප්‍රවණතා කියලා මේක අපිට නම් කරන්න පුළුවන්. ඔන්න දැන් අපේ සෙට් එක දන්නවා අපි එන්න හදන තැන. බුකී කවියෝ. කිවිඳියෝ... මේක අමුතු ආතල් එකක්. ඒ වගේම දැන් ලොකු Facebook Trend එකක්.
කිවියට තියෙන සාහිත්‍යමය වටිනාකම බාල්දුවෙන වැඩක් කියලා මේ ගැන ලොකු වාද විවාද තියෙනවා. ඔන්න අපිටනම් ඒවා අදාළ නෑ. කොහොම වුණත් සීගිරියේ කැටපත් පවුරේ කවි ලිව්ව මිනිසුන්ගේ රටේ එක අතකට මේක මැජික් එකක් නෙවෙයි. බුකිය ගත්තම විවිධ සමාජ පසුතලවල අය ඉන්නවනේ. ඒ නිසා බුකියේ ලියවෙන කවිත් එක එක මට්ටම්වල තමා තියෙන්නේ සහෝ... ඒත් ඉතින් දැන් රටේ නමක් තියෙන සමහර කිවියොත් අද බුකියට කවි ලියනවා. ඒ වගේම සමහරු ඡේද, වාක්‍ය එහෙමත් කවි කියලා හිතාගෙන බුකියට ලියනවා. ඒවානම් වෙනම කතාවක්.
කොහොම වුණත් සහෝ අපි මුලින් බලන්න ඕන බුකී කවි රැල්ල ආරම්භ වෙන්න හේතුව. ඔය බුකී උණ ලංකාවට ආපු කාලේම තමයි Facebook කවි ලිවිල්ලත් පටන් ගත්තේ. ඇත්තටම Facebook වලින් කරන්නේ මොකක්ද කියලා ලොකු අවබෝධයක් නැති කාලේ තමන් ආස කරන දේවල් ඕක ඇතුළේ කරන්න සමහරු උත්සාහ කළා. අන්න ඒකේ ප්‍රතිඵලයක් තමයි ඔය කවි Trend එකත්. කොහොම වුණත් බුකී ආගමනයට කලින් කෙනෙක් යම් නිර්මාණයක් කළොතින් ඒක මිනිස්සු ඉදිරියට එන්න තිබුණු එකම ක්‍රමය තමා අච්චු අකුරු. ඒත් කාලය ඒ සීන් එක වෙනස් කළා. ඒ නිසා දැන් සඳැස් නිසඳැස් කවි ජනගත වෙන්න තේරීම් කමිටු තීරකයෝ නෑ.
දැන් අපි බලමුකෝ මේ Trend එකේ වර්තමාන තත්ත්වය. බුකී කවියෝ ජාති දෙකක් ඉන්නවා මූලිකවම. සැබෑ නමින් ලියන අයයි අන්වර්ථ නමකින්, ඒ කියන්නේ Fake Profile එකකින් ලිය අයයි. තමන්ගේ Profile එකේ Time Line එක සම්පූර්ණයෙන්ම කවි වෙනුවෙන්ම භාවිත කරන පිරිස තමා බුකී කවි රැල්ලේ උපරිමේ ඉන්නේ. ඒ වගේම නිතර නැතත් ඉඳලා හිටලා කවි ලියන අයත් ඉන්නවා. මෙතන ඉතින් Trending Tip එක තමයි නිර්මාණයට ලැබෙන සජීවී ප්‍රතිචාර Like ටික.. Comments ටික... අපි හැමෝම නිතර කියනවා වගේ සහෝ කවුරුත් තමන්ව අගය කරනවාට කැමතියිනේ. ඒක මිනිසුන්ගේ හැටිනේ. අන්න ඒ හැටිය තමා ඔය බුකී කවිය නැගලා යන්න හේතුවෙලා තියෙන්නේ.
ඊළඟට බුකී කවි සමූහ ගැන කතාව. ඒ කියන්නේ කවි Groups ගැන. අද ලංකාවේ බුකී සමාජයේ තියෙන විශාල Group ගැන පොඩි අධ්‍යනයක් කළොත් අපිට හම්බවෙනවා ටිකක් දැවැන්ත කවි Group එකක්. ඒ තමා නිසඳැස් කවි ගී අරණ කියන්නේ. ..... වගේ ප්‍රමාණයක් එකතුවෙලා ඉන්න මෙතන බුකී ප්‍රතිරූපයක් ගොඩනගා ගත්ත කවියෝ ඉන්නවා. ඕනම කෙනෙක්ට තමන්ගේ ප්‍රතිභාව ප්‍රදර්ශනය කරන්න පුළුවන් වේදිකාවක් වගේ තැනක් මෙතන. හිතට වදින සංවේදී නිර්මාණවලට ලොකු ප්‍රතිචාර තියෙනවා. හැබැයි කවිවල ගුණාත්මකභාවය, කිරැම් මිනුම් ශාස්තරේනම් මෙතැන නෑ. ඒක අඩුවක් වෙන්නත් පුළුවන්. හොඳක් වෙන්නත් පුළුවන්. කොහොම හරි කොච්චර පිරිසක් කවි ලියනවද? ඒ කවිවලට ආස කරනවාද කියලා දැනගන්න මේක නියම උදාහරණයක් මචෝ...
කවි පිටු.. ඒ කියන්නේ කවි Pages සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. සහෝලාත් දැකලා ඇති ගොඩක් ප්‍රසිද්ධ Page තියෙනවා. තමන්ගේ කවි පිටුවේ තමන්ගේම කවි දාන පේජ් වගේම හොඳ නිර්මාණ තෝරලා Post හදලා දාන කවි පිටුත් තියෙනවා. මේවා නිකම් පත්තරවල කවි පිටුව වගේ. ඒක මෙතැන දී අපි ඉස්සෙල්ලා කිව්ව ප්‍රතිචාර කියන දේට ගොඩක් ලොකුවට අදාළ වෙනවා. ඒ නිසා Page වලට කවි ලිවීමත් බුකී කවි රැල්ලේම කොටසක්. කවි පිටු කියන සංකල්පයත් ඔය බුකිය ආව මුල් කාලේම Page කරන්න පටන් ගත්ත සමහරුන්ගේ රුචිකත්වය නිසා එළියට ආපු සංකල්පයක්. කොහොම වුණත් බුකී කවියේ වර්තමාන ජනප්‍රියත්වයට බුකී කවි පිටුත් සැලකිය යුතු දායකත්වයක් දක්වලා තියෙනවා කියන එක අපි කියන්නම ඕන.
බුකී කවියේ වර්තමාන ප්‍රවණතා ගැනත් බලන්න ඕනනේ සහෝලා... බුකී කවිය ගොඩක් නිසඳැස් ආකෘතිය තමා ගුරුකර ගන්නේ. සඳැස් විරලයි. ඒත් නැත්තේම නෑ. කවි ලියන සාමාන්‍ය මිනිසුන්ට පහසුම ආකෘති නිසදැස්නේ. අනික ප්‍රේමය තමා බහුල වශයෙන්ම තේමාව වෙන්නෙත්. වෙනත් තේමාවල් භාවිතවෙන කවිවලට හොඳ ප්‍රතිචාර තියෙනවා. හැබැයි එහෙම කවියකට ප්‍රතිචාර ගන්නනම් දැනෙන්නම ලියන්න වෙනවා.
වැදගත්ම දේ තාරුණ්‍ය තමා බුකී කවි පරපුරේ වැඩිමනක් කවියෝ කිවිඳියෝ නියෝජනය කරන්නේ. විචාරාත්මක ලොකු කතාවකට ගියොත් මේ අය ලියන කවි සාහිත්‍යමය වශයෙන් පෝෂිතයිද දුර්වලයිද වගේ සංවාද අපිට ගොඩනගන්න පුළුවන් සහෝ. ඒත් අපි Y Trend එකේ දී අදාළ කර ගන්නේ Sri Lankan Younger Generation එකේ කවියට ආදරය කරන ආස කරන පිරිසක් ඉන්නවා කියන එකයි. ඒක සාධනීයයි අපිට අනුව නම්. අඩුපාඩුවක් තියෙනවානම් කියා දීලා බුකීගත තරැණ කවි පරපුර හරි මඟට ගන්න එක ඔන්න අපේ ලොකු පරම්පරාවට බාරයි. හැබැයි කවියට ආදරය කරන වැඩිහිටි පරම්පරාවක් මේ බුකියේ ඇතුළේ ඉන්නවා.
සමහර තැන්වල ඔවුන් සාධනීය විදිහට විචාර විවේචන එක්ක මේ බුකී කවි Trend එකට මැදිහත්වීම් කරනවා. අපි ඒක දැකලා තියෙනවා සහෝ... ඒ වගේම කවි නොලියන බුකී රස විඳින රසික සහෘද පිරිසක් මේ බුකී ලෝකෙ ඉන්නවා කියලත් මතක් කරන්න ඕන.
ඔන්න සීන් එකේ අන්තිම හරියට එනවා. අපි දන්නවා අහලා තියෙනවා විවිධ කවි පරපුරවල් ගැන යුග ගැන. ඉතින් ඉතිහාසයේ පුරාම කවිය එක එක කාලෙට එක එක දේවල් ඇතුළේ Trend හදලා තියෙනවා. මේ අස්සේ ලොකු කවියෝ වගේම කවිකොළ කාරයොත් ඉඳලා තියෙනවා. ජනකවියොත් ඉඳලා තියෙනවා. ඉතින් මේ කවියේ තවත් යුගයක් හැඩයක් පරම්පරාවක්... ඒ බුකී කවි Trend එක අපිට පේන්නේ ඒ විදිහට. Y Trend ඇතුළේ කරක් ගහන ආතල් දන්න අපේ කැපෑසිටියට දැනෙන අහුවෙන විදිහට තමා ඔය ටික ගැලපුවේ. ඉතින් වැරදි ඇතොත් සකලවිධ උත්තමයන්ගෙන් සමාව භජනය කළා ඕං.
► Text - Nisal / Pic – Internet