2019 ජුලි 27 වන සෙනසුරාදා

ජයශ්‍රී ඇමැතිතුමා

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 141

ඉදිරියේදී ඔබ හමුවට රිදී තිරයෙන් පැමිණීමට නියමිත ජනිත ෆිල්ම්ස් ඉදිරිපත් කරන ‘ජයශ්‍රී ඇමැතිතුමා’ චිත්‍රපටයේ නිල ගීතය එළිදැක්වීම පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වුණා. ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා විසින් ගායනා කරනු ලබන ‘දියවන්නාවේ තියෙන්නේ මොන්ටිසූරියක්’ නමැති මෙම ගීතය මේ වන විට අන්තරජාලයේ ඔස්සේද ඔබට නැරඹිය හැක.

නිශාන්ත වීරසිංහ ගේ අධ්‍යක්‍ෂණයෙන්ද ජනිත මාරසිංහ ගේ නිෂ්පාදනයෙන්ද අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ රවීන්ද්‍ර රොෂාන් ගේ කැමරාකරනයෙන්ද හැඩ ගැන්වී ඇති ජයශ්‍රී ඇමැතිතුමා චිත්‍රපටය සඳහා ශ්‍රියන්ත මෙන්ඩිස් , ටෙනිසන් කුරේ , කුසුම් රේණු , දමිතා අබේරත්න , ගයත්‍රී ඩයස් ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය සිනමා තරු රැසක් රංගනයෙන් දායක වේ. අද අපේ Event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ ජයශ්‍රී ඇමැතිතුමා වෙනුවෙනි.

 
I Romesh Dhanushka Silva 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00