2019 ජුලි 27 වන සෙනසුරාදා

පාට පාට සාරි අඳින සිත් කුල්මත් කරන කෙල්ල

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 402

හින්දි සිනමාවේ පෙරළි කරන දඟකාර සුන්දරියන් නා නා ප‍්‍රකාර ඇඳුම් ආයිත්තම්වලින් සාදවලදී සහ සිනමාපටවලින් අපිට දකින්න පුළුවන්. ඒගොල්ලෝ තමන්ගේ හැඩකාර සිරැරේ හැඩ තවත් හැඩ කරගන්න එක එක විලසිතා කරනවා. අන්න ඒවගේ සාරිවලින් සැරසුණු බොලිවුඩයේ සුන්දරියන් 41 දෙනකුගේ විස්ත‍ර අපිට උණු කැවුම් වගේ හම්බවුණා. මොකද කියන්නේ කා ගැනද ඔබ දැනගන්න දැකගන්න වැඩියෙන්ම කැමැති මෙන්න මේ කට්ටියගෙන්...

අද අපි ඔබට කියන්නේ හින්දි සිනමාවේ එක පිට එක පිට හොඳම සිනමා නිළිය සම්මානය දිනාගත්ත ඒ අපේ රටේ ඌරුවේ නමක් තියෙන ඇය... කවුද දන්නවද ඇය? ඇය දීපිකා පදුකෝන්. අද මේ ලිපියෙන් දීපිකාගේ සාරි විලාසිතා කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම්....

01. දීපිකා පදුකෝන් 02. සනී ලියෝන් 03. ප‍්‍රියංකා චොප්රා 04. විද්‍යා බාලන් 05. ඵෙශ්වර්යා රායී බච්චන් 06. කත‍්‍රිනා කයිෆ් 07. සෝනම් කපූර් 08. කරීනා කපූර් 09. ආලියා භාත් 10. ශිල්පා ශෙට්ටි 11. කාජල් 12. අනුෂ්කා ශර්මා 13. ශෘති හසන් 14. ජැක්ලින් ෆර්නෑන්ඩස් 15. සෝනක්ෂී සිංහා 16. මධුරි දික්ෂිත් 17.ශ‍්‍රද්ධා කපූර් 18.ක‍්‍රිති සැනොන් 19.අසීන් 20.කංගනා රනවුට් 21.බිපාෂා බාසූ 22. යමී ගෞතම් 23. සුෂ්මිතා සෙන් 24.රානී මුඛර්ජී 25.නර්ගීස් ෆක්රී 26.ඉලියානා ඩී කෲස් 27.ලාරා දත්තා 28.දියා මිර්සා 29.අම්රිතා රාඕ 30.හියුමා කුරේශී 31.මලයිකා අරෝරා 32. ජිනේලියා ඩී සූසා 33.ප‍්‍රීති සින්ටා 34.එමී ජැක්සන් 35.සරීන් ඛාන් 36.ඌර්වශී රවුතෙලා 37.අයේශා ටාකියා 38.හේමා මාලීනී 39.රවීනා තන්ඩන් 40.සොනාලී බෙන්ද්‍රේ 41. ජීවතුන් අතර නොහිටියත් ඇය ගැන කතා නොකරම බැහැ. ඒ තමයි ශ්‍රී දේවී.

1. දීපිකා පදුකෝන්

බොලිවුඩයේ හොඳම නිළියක් වශයෙන් ජනප‍්‍රිය හින්දි සිනමා නළු රන්වීර් සිංගේ බිරිඳ දීපිකා පදුකෝන්ගේ නම සඳහන් කරන්න පුළුවන්නේ. ඇය තමන්ගේ සුන්දර සිරුර සාරි විලාසිතාවලින් සරසන්නේ කොහොමද කියලා ඔබට කියන්නයි මේ සූදානම...

දීපිකා පදුකෝන් නිල් පැහැ සාරියෙන්....

දීපිකාගේ අන්වර්ථ නාමයක් තමයි සිත් කුල්මත් කරන කෙල්ල කියන එක. මතකයිනේ ඔබ යේ ජවානී හේ දීවානී කියන හින්දි සිනමාපටය නරඹලා තියෙනවනම් එයා කොහොමද අපිව ඇයගේ රූපශ්‍රීයෙන් වසඟෙට ගන්නේ කියන එක. ඒ සිනමාපටයේ බත්තමීස දිල් කියන ගීතය සඳහා පෙනී සිටිද්දී භාවිත කළ සාරිය රාජකීය නිල් පැහැයෙන් යුතු වූ බව තමයි ඒ සාරී විලාසිතාවේ නිර්මාණකරුවා කියන්නේ...

මල් සාරියකින් හැඩවුණු දීපිකා....

දීපිකා එයාට හරියන සාරි සබ්ස්යාසාචී මුකර්ජීගේ සාරි එකතුවෙන් තෝරගන්න බව සඳහන්... කොමඩි නයිට් විත් කපිල් කියන විකට වැඩසටහනට දීපිකා සහභාගී වුණේ මෙන්න මේ මල් තියෙන නෙට් සාරියෙන් සැරසිලයි. ඊටම සරිලන සේ ඇය කරාබු සහ මාල වළලුවලින් ද සැරසී ඉන්න අපූරුව ඔබම දැකබලාගන්නකෝ...

චෙන්නයි එක්ස්ප‍්‍රස් සිනමාපටයේ දීපිකාගේ සාරිය...

සාම්ප‍්‍රදායික දකුණු ඉන්දියානු පාට්ටු සාරියකින් සැරසී සිටින දීපිකා දකුණු ඉන්දියානු කාන්තාවක් මෙන්ම දිස්වන්නේ ඇයද දකුණු ඉන්දියානුවෙකු නිසා විය හැකිය. අය පැළඳ ඉන්න මාල වළළු හිස් පළඳනා සහ කරාබු සාරියට ගැළපෙන අයුරින්ම ඇය ඇඳගෙන ඉන්න අපූරුව බලන්නකෝ...

දීපිකා පදුකෝන් චෙන්නායි එක්ස්ප‍්‍රස් සිනමාපටයේ සැරසුණු සුදු සාරිය... මතකද ඔබට?
දකුණු ඉන්දියාවේ මංගල්‍යයකදී මෙන්න මේ වගේ රතු කොළ සහ රන්වන් පැහැති බෝඩර් සහිත සුදු සාරී යුවතියන් අදිනවා.. ඊට සරිලන අයුරින්ම ඇයගේ හිස මල් සහ ආභරණයන්ගෙන් සරසලා තියෙන අපූරුව ඔබම ඡායාරෑප නරඹා දකගන්න... 

රතු සාරියකින් හැඩවුණු දීපිකා...

මෙන්න මේ ඡායාරූපය බටහිරට නැගෙනහිර හමුවීමට හොඳම උදාහරණයක්.. ඇය මෙහි ඇඳගෙන ඉන්න බ්ලවුස් එකේ සුන්දරත්වය ඉහළට ගන්න මේ සාරී විලාසිතාව සමත් වෙලා තියෙනවා. මල් වැටුණු බ්ලවුසය අලංකාර පෙනුමක් එක්කොට ඇති බව දීපිකා විසින් ඔබට අපිට මෙයින් පෙන්වන්නේ. මේ සාරිය අඳිනවානම් ඔබගේ සුන්දරත්වය වැඩි කරගන්න විශාල කරාබු දාන්නත් අමතක් කරන්න එපා...

සුදු එම්බ්‍රොයිඩර් සාරියකින් හැඩවුණු දීපිකා...

සුදු පැහැති ජෝජර්ට් සාටියකින් සැරසී ඉන්න දීපිකා ඒ සාරියේ එම්බ්‍රොයිඩර් කිහිපයක් සිදුකොට තිබෙන බව පෙණේ...

කළු පැහැ සාරියකින් හැඩවුණු දීපිකා....

පිරිසක් ඉදිරියේ පෙනී ඉන්නවිට දීපිකා කිසිම වෙලාවක ඇගේ පෙනුම ගැන එච්චර හිතන කෙනෙක් නෙවෙයි...බොලිවුඩයේ ඉහලින්ම නම කියැවෙන නිළියක්වෙන දීපිකා බච්චන්ගේ දීවාලි සාදයට එකතුවෙන්නේ මෙන්න මේ කළුපාට සිල්ක් සාරියෙන්...මේ සාරියට හරියන්න ඇය පැරැණි රන් ආභරණ වලින් සැරසිලා ඉන්න අතර එයින් ඇයගේ පෙනුම තවත් සිත් ඇදගන්නවා.
මෙන්න මේ සාරියත් දීපිකා ඇන්දේ චෙන්නායි එක්ස්ප‍්‍රස් හින්දි සිනමාපටයේදී...
ලස්සන කොළ සහ කහ පැහති සාරියකින් සැරසී ඉන්න දීපිකා මේ සිනමාපටය පුරාම සාරිවලින් සැරසී ඉන්න එක විශේෂත්වයක්... මේ සිල්ක් අර්ධ සාරිය තැඹිලි බ්ලවුස් සමඟ හොඳින් ගැළපෙනවා...

රෝස පැහැති දීපිකාගේ සාරිය...

දීප්තිමත් වර්ණයක් වන මේ සාරියට දීපිකා පරම සාධාරණයක් ඉෂ්ට කරනවා. 70, 80 දශකවල කාන්තාවන් සැරසුණේ මේ වගේ මෝස්තරවලින්... පැරැණි විලාසිතා නව මුහුණුවරක් ගෙන එන ප‍්‍රවණතාව දීපිකා කියලා කියන්න මේ සාරිය නිසා පුළුවන්... රන්වන් එම්බ්‍රොයිඩර් සහිත ඒ මැජෙන්ටා සාරියට බලන්න ඇයගේ සුන්දරත්වය... සාරියේ පාටට ගැලපෙන්න ඇය ලිප්ස්ටික් සහ කරාබු එකතු කරගෙන ඇයගේ පෙනුම සම්පූර්ණ කරගෙන තියෙන්නේ...
දීපිකාගේ නවතම සාරී විලාසිතාවක් 

මේ තියෙන්නේ...

ජායිපූර්වල පැවැත්වුණු දීපිකා රංගනයෙන් දායක වුණු බාජිරා ඕ මස්තානී සිනමාපටයේ ප‍්‍රවර්ධන වඩසටහනේදී තමයි දීපිකා මේ සාරියෙන් සැරසුණේ... සාරිය සරල වගේ පෙනුණට ටිකක් හොඳින් බැලුවම තමයි පේන්නේ ඒකේ කුඩා දියමන්ති වගේ කුඩා දර්පණ රටාවන්... ආලෝකය පරාවර්තනය කිරීම සඳහා කුඩා දර්පණ සාරියට අල්ලා ඇති අතර ඒ සාරියේ සුන්දරත්වය ඉහළ දැමීමට සමත් වෙලා තියෙනවා. ඒ සාරියටම සරිලන කරාබුවලින් ද ඇය සැර‍සිලයි ඉන්නේ... 
සුදු සහ කළු පැහැති සාරියකින් හැඩවුණු දීපිකාගේ මේ සාරියත් ඔබටත් ගැලපෙනවද කියලා බලන්නකෝ...
දීපිකා සැමවිටම අප විශ්මයට පත් කරනවා. ඒකේ ලකුණු ඇගේ මෝස්තර ශිල්පියාටත් හිමිවෙනවා. සාම්ප‍්‍රදායික කපු සාරියට කුඩා පෙරළියක් ඇය එකතු කරලා තියෙනවා. සාරියත් බ්ලවුස් එකත් කළුයි සරලයි. රාජස්ථාන් වෝකර් මාලය ඇගේ පෙනුම වැඩි කරනවා..

දීපිකාගේ නෙට් සාරිය...

මේ ඡායාරූපයෙන් පේන්නේ දීපිකා අලංකාර පැස්ටල් ග‍්‍රීන් නෙට් සාරියකින් සැරසී ඉන්න අයුරුයි... මේ සාරියත් ඇය ඇඳලා හිටියේ බාජිරා ඕ මස්තානී ප‍්‍රවර්ධන වැඩසටහනකදීයි... බ්ලවුස් එක සඳහා මල් රටා භාවිත කිරීම ඉතා සුන්දර අදහසක්... අලංකාරය වැඩි කරන්න අලංකාර ගල් අල්ලා ඇති අතර මායිමේ එම්බ්‍රොයිඩර් ද කර ඇත. ඉතාම චාම් කරාබු යුගලකින් සැරසී සිටිය ද ඇය රතු පලසක් දා පිළිගන්නට සුදුස්සෙක් බවට මේ ඇඳුම් ආයිත්තම් ද ප‍්‍රමාණවත් බව ඇය විසින් පෙන්වා දෙනවා.

කහ පාටින් දීපිකා හැඩවුණ සාරියක් තමයි මේ තියෙන්නේ...

දීපිකා ළා කහ පැහැති දැල් සාරියකින් සැරසී ඉන්න අතර එහි රෝස පැහැති මායිමක් ද තිබේ... සාරිය තරමක් විනිවිද පෙනෙන නිසා නිර්මාණකරුවා එහි වාසිය ලබාගෙන බ්ලවුස් එක කැපී පෙනෙන විදියට සකස් කර තියෙනවා... ඇය ඇඳ ඉන්න බ්ලවුස් එක ද රෝස පහැයෙන් යුක්ත වන අතර සුදු පැහැති එම්බ්‍රොයිඩර් වැඩ සහ කුඩා පබළුවලින් සරසලා තියෙනවා. ඇගේ කොණ්ඩා මෝස්තරය සහ කරාබු මේ සාරියට මැනවින් ගැලපේ...

දීපිකාගේ කොළ පැහැ සාරිය...

මේ සාරියෙන් සැරසී ඉන්නකොට දීපිකා චිත‍්‍රයක් ඇඳන් ඉන්නවා වගේ නේද පේන්නේ? මේ සාරියේ මුද්‍රණය තමයි සාරියට ජීවයක් ගෙන එන්නේ... මල් වැටුණු මේ සාරිය ද සරල එකක්... දීපිකා මොන ඇඳුමින් සැරසුණත් අයගේ සුන්දරත්වයේ අඩුවක්නම් කිසිම වෙලාවක් වෙන්නේ නැහැ...

 

► Translation — Chandana Waravitage

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00