2019 ජුලි 27 වන සෙනසුරාදා

දෑවැදි ප්‍රශ්නයි චණ්ඩි කසාදයි...

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 99
 
මේ කතාව් සිද්ධ වෙන්නේ ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ. මෙන්න මේ බිහාර්වල උස කඩවසම් තරුණයෙක් ජීවත් වෙනවා. එයාගේ නම අභය සිං.
අභය - බිහාර්වල තුන් විදියකට විවාහ සිද්ධ වෙනවා.
 
ධෛර්යමත් අය විවාහ යෝජනාවලින් විවාහ වෙනවා. ඉරණම්කාරයන්ගේ ලව් විවාහයන්.
ඉතුරු විවාහය වෙන්නේ...
 
මේ බිහාර්වල තියෙන දුම්රිය පාරක සිදුවීමක්. මෙතන රේල් පීල්ලක් මත මනලයි අදින කුර්යා කට්ටලයකින් සැරසුනු තරුණයෙක් ගේ බෙල්ල රේල් පීල්ලක් උඩට තියලා ඔහුගේ හිස පාගගෙන් ඉනෙන අභ්ය සිං
මනාලයා - අයියා මං මැරේවි.
මට නැගිටින්න දෙන්න. මම කැමතියි විවාහ වෙන්න.
අභය - සල්ලිවලින් ලක්ෂ ගාණක්.
 
ටීවි එක වොෂින් මැෂින් එකක්, ඒසී කූලර්. 
අනිත් මොකක්ද මේ තියෙන්නේ?
මනාලයා - අයියා ඒ ඔරලෝසුවක් කියලා තියෙන්නේ.
අභය ඒ භාණ්ඩ ලිස්ට් එකේ කියන නමක් නමක් ගාණේ මනාලයාට කම්මුල් පාරක් ගහලා  අභය ආපහු කතා කරන්න පටන් ගන්නවා.
අභය - හරි ඔයා ආසම සින්දුවක් කියන්නකෝ.
 
මනාලයා සින්දුවක් කියන්නේ ඒකත් අඬ අඬා වගෙයි.
අභය - මට අභය සිං කියලා කියන්නේ.. මම විවාහකයි. මල ගෙවලුයි දෙකම කරලා දෙනවා.  
සල්ලිවලට චණ්ඩිකම් කරන ඔහු ගැන දැන් ඔබ දන්නවා. මේ කතාවේ කෙල්ලගේ නම බබ්ලි යාදව්. එයත් චණ්ඩි රැජිනක්. ඔන්න දවසක් අභයට බබ්ලිව හම්බවෙනවා.
බබ්ලි - කොහොමද?
අභය - හැන්ඩ්සම්,
 
මම මේ අභය සිංව උස්සනවා. එයාව බලහත්කාරයෙන් විවාහ කරගන්නවා.
බබ්ලි ඔහුව විවාහකරගන්න හීන දකිනවා. ඒ අතරේ අභය ඇයව විවාහකරගන්න එන කෙනාව බය ක‍රලා හරි ඇයගෙ විවාහය නොකෙරන තැනට වැඩ කරනවා. අභය බබ්ලිව අරන් පැනලා යනවා... කතාවේ ඉතුරු ටික දැනගන්න 2019 අගෝස්තු 02වැනිදා වෙනකම් බලන් ඉන්න වෙනවා. මොකද මම මේ ඔබට කිව්වේ 2019 අගෝස්තු 02 වැනිදා තිරගත වෙන ජබාරියා ජෝඩි කියන හින්දි සිනමාපටයේ කතාවේ සාරංශයයි. මෙන්න මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප‍්‍රශාන්ත් සිං මේ හින්දි සිනමා පටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ ඒක්තා කපූර්, ශෝභා කපූර්, ශයිලේශ් සහ ආර් සිං. සන්ජීව් කේ ජා විසින් රචනා කරලා තියෙන මේ හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ තනිශ් බග්චී, විශාල් මිශ‍්‍රා, සචේත් - පරම්පර, රම්ජී ගුලාටී සහ අශෝක් මාස්තී. මේ සිනමාපටයේ පසුතල සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ජොයෙල් ක‍්‍රැස්ටෝි. දැන් ඔබට කියන්න හදන්නේ මෙන්න මේ සිනමාපටය හැඩ කරන්න මේ සිනමාපටයේ චරිතයන්ට පණ පොවන ඔබ අපි ආදරය කරන ඔවුන් ගැනයි... මුලින්ම ඔබට අභය සිං ගැන කියන්න හදන්නේ. මෙන්න මේ චරිතයට පණ පොවලා තියෙන්නේ මෙන්න මේ සිනමාපටවලින් ඔබ අපි දන්න අඳුනන කෙනෙක් බවට පත්වුණු ඔහුයි.
 
 
Student of the Year (2012), Hasee Toh Phasee (2014), Ek Villain (2014), Kapoor & Sons (2016). 
1985 ජනවාරි 16 වැනිදා ඉන්දියාවේ දිල්ලිවල ඉපදුණු ඔහු 2012 වසරේ පටන් හින්දි සිනමා ක්ෂේත්‍රයට සම්භන්ධ වෙලා තියෙනවා. ශාරුක් ඛාන් රංගනයෙන් දායකත්වය සැපයූ 2010 වසරේදී තිරගත වුණු මයි නේම් ඊස් ඛාන් හින්දි සිනමාපටයේ සහාය අධ්‍යෂවරය ඔහුයි. ඔහු කවුද කියලා දැන්නම් ඔබ දන්නවත් ඇති නේද? නමුත් අමතක අයට ඔහු කවුද කියලා මතක කරලා දෙන ඕනේ. ඔහු නමින් සිද්ධාර්ත් මල්හෝත‍්‍රා. ඔහුත් එක්ක මේ සිනමාපටයේ බබ්ලිගේ චරිතයට පණ පොවන්නේ දඟකාර කෙලිලොල් හැඩකාරියක්. ඇය මෙන්න මේ සිනමාපටවලින් අපිට ඇයගේ දක්ෂතා පෙන්නලා තියෙනවා. බලන්න මේ සිනමාපට ටික දැක්කගමන් ඇයව මතකයට එනවද කියන එක?
 
2011 Ladies vs Ricky Bahl, Ishaqzaade (2012), Shuddh Desi Romance (2013) Hasee Toh Phasee (2014). Golmaal Again (2017), Kesari (2019).Daawat-e-Ishq,Kill Dil,2016Dishoom, 2017 Meri Pyaari Bindu,2018Namaste England,
 
1988 ඔක්තෝම්බර් 22 වැනිදා ඇය ඉන්දියාවේ හරියානාහි අම්බාලාවල තමයි ඉපදුණේ. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් වැඩිපුර අධ්‍යාපනය ලැබූ ඇය 2011 වසරේ පටන් හින්දි සිනමාව නියෝජනය කරන්නේ නිළියක් වගේම ගායිකාවක් ලෙසිනුයි. ඇය වෙනින් කිසිවෙක් නෙවෙයි ජනප‍්‍රිය හින්දි සිනමා රූප රාජිනී ප‍්‍රියන්කා චොප්රාගේ ඥාති සොයුරිය පරිනීති චොප්රා. පරිනීති තමයි මේ හින්දි සිනමාපටයේ බබ්ලිගේ චරිතයට පණ පොවන්නේ. ඔවුන් එක්ක මේ සිනමාපටය හැඩ කරන්න ජාවෙද් ජැෆ‍්‍රී, සන්ජය මිශ‍්‍රා, අපර්ශක්තී ඛුරානා, රුෂ්ලාන් මුම්තාස්, චන්දන් රෝයී, මිනීරජ් සූද්, ආර්ෆී ලම්බා, යෝගිතා රාතෝර්, ශීබා චඩ්ඩා, ආර්යන් අරෝරා, ගුර්කේත් කෞර්, මෝහිත් බගේල්, ශරද් කපූර්, අලන්ක‍්‍රිතා කපූර් සහ එලි අව‍්‍රාම් කියන නළු නිළියන් පිරිසත් එකතු වෙලා තියෙනවා. මෙන්න මේ සිනමාපටයේ තියෙන මන බඳින ගීතයන්වල ගේය පද රචනය තනිෂ්ක් බාග්චීචන්නී රඛලා, ශබීර් අහ්මඩ්, රශ්මී විරාග්, රාක් ශේකර් සහ කුමාර් අතින් තමයි ලියැවිලා තියෙන්නේ. ඒ මන බඳින වචනයන් ජීවත් කරන්න තමන්ගේ සුන්දර හඬ මුසු කරලා තියෙන්නේ යෝ යෝ හනී සිං, අශෝක් මස්තී, ජ්යෝතිකා තාන්ග‍්‍රී, රාජා හුසේන්, මොනාලි තාකූර්, ප‍්‍රවෙෂ් මල්ලික්, දේව් නේගී, යාසීර් දේසායී, අල්තමාෂ් ෆරීදී, සචේත් තන්ඩන්, පරමපරා තාකූර්, විශාල් මිශ‍්‍රා, අර්ජිත් සිං, නේහා කක්කර් විසින්.
 
► Translation — Chandana Waravitage