2019 ජුලි 27 වන සෙනසුරාදා

නොනා නොනා කරගත්තොත් ගොඩ

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

Youtube Hit ගැන කතාවේදී පළවෙනි වතාවට අපි ලංකාවේ Prank Video එකක් අරගෙන ආවා. Youtube භාවිත කරන කාටවත් Prank කියන්නේ මොනවා කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නෑ. ලෝකේ Youtube Video අතරින් ඉහළම ස්ථානයේ තියෙන්නේ මේ ජාතියේ වීඩියෝ. මේ වැඩේ එච්චරම හොඳ වැඩක් කියලා කියන්න බැරිවුණත් හාස්‍යෝත්පාදක වැඩක්. මෝඩයාට ඇන්දවීමක්, ලණුවක් දෙනවා, ගොනා කරනවා වගේ එක වචනවලින් Prank Video වල සිද්ධවෙන දේවල් විස්තර කරන්න පුළුවන්ත

ලෝකේ මේ Video වලටම  විශේෂිත අතිශය ජනප්‍රිය Youtube Channel රාශියක් තියනවා. ඒත් මෑතක් වනතුරැම ලංකාවාට මේ රැල්ල ප්‍රබල විදිහට ආවේ නෑ. අපේ අය මේවා බැලුවා හිනාවුණා එච්චරයි. ලංකාවේ මේ වගේ දේවල් කරන්න ලේසි නෑ කියලා තමයි කවුරුත් විශ්වාස කළේ. ඒ අතරේ උත්සාහ කරපු අයත් නැතුවාම නෙවෙයි.

කොහොම හරි මෑතක පටන් ගත්තු Smile Bro’s කියමන Youtube Channel එක Prank පැත්තට කැපී පෙනෙන විදිහට අත තියලා තියෙනවා. Views, like, comment බැලුවාමත් වැඩේට අනාගතයක් තියෙයි කියලයි අපිට හිතෙන්නේ. ඒ නිසාම අද අපි තෝරගත්තේ Garbage man Scare prank in Sri Lanka කියන ඔවුන්ගේ වීඩියෝ එක. අපි මේ Video එක නරඹන කොට දින කිහිපයක් ඇතුළත Views එක්ලක්ෂ හතළිස් දෙදහක් විතර තිබ්බා. මේක Subscribeලා විසි අට දහක් විතර ඉන්න 2018 පටන් ගත්ත මේ චැනල් එකක් නිසා මේ අගය සාපේක්ෂව ඉතා හොඳයි.

අපි වීඩියෝවේ එක පැත්තකට අවධානය යොමුකරමුකෝ. කසළ බෑග් ගොඩක් ටවුන් එකක පාරක් ළඟ දාලා තියෙනවා. ඒ බෑග්වල හැංගිලා වෙස්වලාගෙන ඉන්නේ Youtuber. ඉතින් ඔහු එතැනින් යන එන කට්ටිය බය කරනවා. මේ හරහා බලාගෙන ඉන්න අපිට විනෝදයක් ලැබෙනවා. මේක සාමාන්‍ය Prank වීඩියෝවල හැටි. ඉතාම සරල වැඩක් ඒත් භයානක Prank ලෝකේ තියෙනවා කියලාත් මතක් කරන්න ඕනා. කාගේ හරි අඩුපාඩු අපහසුතාවක් දිහා බලලා හිනාවෙන එක මිනිසුන්ගේ මානව ගතියක්. ඒක තමයි මේ වීඩියෝවලදී කරන්නේ. ඉතින් ඒ දේවල් කොච්චර සාධාරණද කියන එකනම් වෙනම කතා කරන්න ඕනා ලොකු මාතෘකාවක්.

දැන් අපි බලමු ලංකාවේ Smile Bro’s කියන Youtube Channel එක කරමු මේ වැඩේ විශේෂතා වගේම තාක්ෂණික පැත්ත. මේ වීඩියෝවලදී කැමරාකරණය සිද්ධවෙන්නේ හැංගි හොරාටනේ. ඒ නිසා ගුණාත්මක කැමරා හැසිරවීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් සිද්ධවෙන දේ නරඹන්නාට තේරුම් ගන්න පුළුවන් විදිහට කැමරාකරණය වැදගත්. Smile Bro’s ඒක හොඳට කරලා තියෙනවා. අපි ඔවුන්ගේ මුල් අවස්ථාවේදීම ලෝක මට්ටමේ ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන එක සාධාරණ නැති නිසා අපි සංසන්දනය කරන්න යන්නේ නෑ. කොහොම වුණත් තව ටික මහන්සි වුණොත් ප්‍රමිතියක් හදාගන්න ඔවුන්ට බැරිවෙන එකක් නෑ. ඒකට ලෝකේ සුපිරිම මට්ටමේ Prank Video වල කැමරා හැසිරවීම අධ්‍යයනය කිරීම ප්‍රමාණවත් වෙයි.

සංස්කරණ කියන කාරණයත් මේ මාදිලියේ  Video වල අතිශය වැදගත් දෙයක්. ගොඩක් වෙලාවට වෙනත් වීඩියෝවල කුඩා කොටස් මුසුකිරීම සිද්ධවෙන දෙයක්. ඒක ඉතා හොඳින් ලංකාවේදීත් සිද්ධකරලා තියෙනවා කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා. ඒව වගේම සංගීතය, Effect වගේම දේවල් භාවිත කිරීමත් අපූරැයි. නරඹන්නාට වැඩේ ඒකාකාරී වෙන්නට නොදී අවසානය දක්වාම අරගෙන යන්න මේ උපක්‍රම උපයෝගී වෙලා තියෙනවා. පොඩි Sri Lankan ගතියක් මේ හරහා ඇවිල්ලා තියෙනවා කියලාත් අපිට වෙලාවකට හිතෙනවා.

කට්ට කාලා කරපු වැඩක් ඒ වගේම ලංකාවට අලුත් වැඩක්. හැබැයි මේ පාරේ ඉස්සරහාට යන්න ලේසි නෑ. මොකද ගනුදෙනුව මිනිසුන්ගේ හැඟීම් එක්ක. ඒ නිසාම වගකීමකින් ඉදිරියට යන්න කියලා තමා අපිට කියන්න වෙන්නේ. ලෝකේ තියෙන දේවල් නොකර කොන්වෙන්න එකක් කරලා නාගන්න එකත් එකම වගේ මෝඩ වැඩක් නිසා prank වැඩේ හරියට පරිස්සමට කරන එක තමා හොඳම.

 

► Text - Nisal   /   Pic – Internet