චන්දික අලුතින් හැංඟි හොරා කරන මේ සෙල්ලම මොකක්ද..?
මේ රටේ පවතින හැමදාම අපි දකින් දේවල් එකතුකරලා තමයි මේ ටෙලිනාට්‍යය නිර්මාණය කරලා තියෙන්නේ. මේ දේවල් අපි දැකලා නොදැක්කා වගේ ඉන්නවා. සමහර දේවල් වෙනස් කරන්න උත්සාහ ගත්තත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. දැනුම්වත්ව සිදුවුණත් මේ බොහෝ දේවල් අපි නොදැක්කා වගේ ජීවත් වෙනවා. ඉතින් එවැනි දෑ එකතුවකින් තමයි “හාරත හේරා ටෙලිනාට්‍ය නිර්මාණය වුණේ.
“හාරත හේරා චන්දින සුසංයෝගයක් කිව්වොත් නිවැරදියි නේද?
ඔව්.. මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ චන්දික විජේසේනයි. නිෂ්පාදනය කරන්නේ මමයි. ඒ නිසා ඇත්තටම මේක “චන්දික සුසංයෝගයක් වගේ තමයි. අපි දෙන්නා මුලින්ම මුණගැහෙන්නේ 2005 වසරේදීයි. ලංකාවේ එකල ජනප්‍රියම නාට්‍යයක් වුණු “ඉතින් ඊට පස්සේ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂනය කළේ චන්දිකයි. ඒ ටෙලිනාට්‍යයෙන් මාව බොහෝ දෙනෙක් හඳුනාගත්තා. ඒ නිසා චන්දික විජේසේන කියන්නේ පුරා දශක තුනකට අධික කාලයක් ස්වාධීන රූපවාහිනීසේවයේ නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් විදිහට සේවය කරන කෙනෙක්.
ඔහු අධ්‍යක්ෂනය කළ “ඉතින් ඊට පස්සේ ටෙලිනාට්‍යයට මට මුලින්ම දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ දැනහඳුනාගැනීම ඒ මිත්‍රත්වය කාලයක් ගියාට පස්සෙත් අපෙන් ඈත් වුණේ නැහැ. ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදිහටත්, මම රංගන ශිල්පියෙක් විදිහටත් අපි ආශ්‍රය කළා. ඒවගේ වෙලාවක තමයි ඔහු මට නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට ආරාධනා කළේ. ඉතින් මම බොහෝම ආදරයෙන්, කැමැත්තෙන්, ගෞරවයෙන් ඒ අවස්ථාව බාරගත්තා. ඔහුගේ නාට්‍යයේ සුළු චරිතයක් රඟපාන්න ආපු මට අවුරුදු දොළහකට, පහළොවකට පසුව ඔහු විසින් අධ්‍යක්ෂනය කරන නාට්‍යයක් නිෂ්පාදනය කරන්න ලැබීමත් මගේ ලොකු වාසනාවක්.
මේ ආරාධනාව චන්දිකට ලැබුණේ ළඟකදී ද..?
නැහැ.. මේක අවුරුදු ගාණක් තිස්සේ අපි දෙන්නා කතාබහ කරමින් සැලසුම් කරපු කටයුත්තක්. අපි දන්නා හඳුනන පිරිසක් එකතු කරගෙන අපි “හාරත හේරා නිර්මාණය කළා. අද වනවිට මේකේ හරිම සුභවාදී විදිහට හැමදේම සිද්ධ වෙනවා. මේ ටෙලිනාට්‍යයේ පිටපත ලියන්නේ කුමාර සිරිවර්ධනයි. ඔහු පුවත්පත් කලාවේ හොඳ පරිවර්තකයෙක්, ස්වාධීන රෑපවාහිනීසේවය ඔස්සේත් ඔහුට යම් යම් නෑදෑකම් තියෙනවා. ලංකාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය වුණු “කෝපි කඩේ ටෙලිනාට්‍යයේ ඇතැම් කොටස් ඔහු ලියනවා. ඔහු රංගන ශිල්පියෙක්. ඉතින් හැමෝගේම උදව්වෙන් අපි මේ වැඩේ කරගෙන යනවා. තාම මේක විකාශනය වෙලා ටික කාලයයි. අපි හිතුවාටත් වඩා මේ කෙටිකාලයේදී ඉතා සුබවාදී ප්‍රතිචාර අපිට ලැබෙනවා. මේක සාමාන්‍ය සම්ප්‍රදායික කතාවක් නෙවේ. පෙම්වතුන් ඉන්න ආදර කතාවක් නෙමේ. එවැනි කතා ඕනෑ තරම් සතියේ දින පහේදීම අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා ඒ රාමුවෙන් මිදිලා වෙනස් දෙයක් කරන්න අපිට ඕන වුණා. ඒක අභියෝගයක්. ඒත් උත්සහය සාර්ථක වුණා.
චන්දික නළුවෙක් වෙන්න හීන දැකපු කෙනෙක්ද..?
මම නළුවෙක් වෙනවාමයි කියලා අදහසක් තිබුණේ නැහැ. නමුත් මගේ හිත ඇතුළේ එහෙම පොඩි අදහසක් තිබිලා තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම වේදිකා නාට්‍ය බලන්න ඇබ්බැහි වෙලා හිටියා. අපේ ඉස්කෝලේ සතිඅන්තයේ වේදිකා නාට්‍යයක් පෙන්නුවා. රත්නපුර දිස්ත්‍රික්කයේ බෝමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තමයි මම ඉගෙන ගත්තේ. රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහයෙන් ඒ නාට්‍යය පෙන්නුවා. ඒවා බලද්දී ඒවාට ආසාව වැඩි වුණා. ඉස්සර ඒ නාට්‍ය පෙන්වන්න එන අයගෙන් සමරු සටහන් ගත්තා. නාට්‍යය ඉවර වෙද්දීම අපි හයියෙන් අත්පුඩි ගැහුවා. ඒවා කරද්දී දකිද්දී “මටත් රඟපාන්න තියෙනවා නම් කියලා හිතුණ අවස්ථා ඕනතරම් තිබුණා. මම උසස් පෙළට කළේ ජීව විද්‍යාවයි. ඒ වුණාට නළුවෙක් වෙන ආසාව තිබුණා. ඒකට තවත් හේතුවක් තිබුණා. ඉස්කෝලේ යන කාලේදී මම මගේ පන්තියේ අනිත් ළමයින්ට වඩා ටිකක් සුදුයි, උසයි. ඉතින් ඒකත් එක්ක මගේ යාළුවෝ “ආ.. නළුවා වගෙයි කියලත් කිව්වා. ඒ දේවලුත් එක්ක නළුවෙක් වෙන පොඩි ආසාවකුත් මගේ හිතේ තිබුණා.
“හාරත හේරා ටෙලිනාට්‍යයට අමතරව චන්දික මේ දවස්වල ටෙලිනාට්‍යය කිහිපයකම දකින්නට ලැබෙනවා නේද..? චන්දික කාර්යබහුලද..?
ඔව්.. ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන සුසුමක ඉම, තෝඩු නාට්‍ය වගේම ස්වර්ණවාහිනියේ ඉමී සහ ක්ලික් නාට්‍යවලත් රංගනයෙන් දායක වෙනවා. ඉදිරියේදී තවත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. කොහොමටත් කවදත් මම කාර්යබහුලයි. වැඩ කරනවා. නමුත් කාර්යබහුලයි කියලා මම කිසිම දෙයක් මඟහරින්නේ නැහැ. මම බාරගත්තු වැඩ ටික මම කරගෙන යනවා.
ටෙලිනාට්‍ය එකක් දෙකක් පමණක් රඟපෑ ඇතැමුන් අධ්‍යක්ෂණයකටත් අතගහනවා. සිනමා නිර්මාණයක් නිෂ්පාදනය කරන්න අදහසක් චන්දිකගේ නැද්ද..?
රංගනය පිළිබඳව අත්දැකීම් බොහෝමයක් තිබුණට අධ්‍යක්ෂණය කරන්න එහෙම තවම මට හැකියාවක් නැහැ. තවම මට අධ්‍යක්ෂණයට නැඹුරුවෙන්න හැකියාවක් තිබෙනවා කියලා හිතෙන්නේ නැහැ. අද වෙද්දී මම ටෙලිනාට්‍ය හයක විතර රංගනයෙන් දායක වෙනවා. ඒ අධ්‍යක්ෂකවරුන් කරන දේ මට කරන්න පුළුවන් කියලා තවම හිතෙන්නේ නැහැ. අධ්‍යක්ෂණය කියන්නේ වෙනමම කලාවක්. නමුත් බොහෝදුරට සිනමාපටයක් ඉදිරියේදී නිෂ්පාදනය කරන්න මම බලාපොරොත්තු වෙනවා.
► Text - Dishani / Pic - Internet