2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

HIT bolywood සාරි-බාරි

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 179

සනී ලියෝන්

විදේශීය රටක ඉපදී විදේශීය රටවල හැදුණු වැඩුණු පන්ජාබයට ලේ උරුමකම් කියන සුන්දර කෙල්ල සනී ලියෝන් ලොව සෑම රටකම පාහේ ජනප‍්‍රිය වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඇගේ පෞරුෂත්වය හා සුන්දරත්වය නිසාම ලොවම වසඟයට ගත් ඇය සනී ලියෝන්.. ඇය සාරියෙන් සැරසෙන්නත් ගොඩාක් ආස කරන කෙනෙක්. බලන්න සාරියට ඇගේ ඇඟේ හැඩ...

ප‍්‍රියංකා චොප්රා

මේ පංජාබයේ ඉපදුණු හැඩකාරිය ඉන්දියාවේ වගේම ලොව හැමෝගෙම පාහේ හිත දිනාගෙන අන්තිමට අමෙරිකාවේ නික් ගාව නැවතුණා. රූප සුන්දරියක් වන ඇයගේ සාරි විලාසිතා බලන්නකෝ.
සරාගී ප‍්‍රියංකා වෙනුවෙන් මේ සාරිය නිර්මාණය කරන්නේ මනීෂ් මල්හෝත‍්‍රා විසින්. කළු පැහැති සාරියෙන් හැඩ වූ ඇගේ හැඩ බලන්නකෝ ඔබම...

විද්‍යා බාලන්

නැශනල් අවෝර්ඩ් සම්මාන සහ පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලද විද්‍යා බාලන්ගේ නමත් සාරිවලටම සමානයි. මොකද ඇය සිනමාපටවල පෙනී ඉන්න ගොඩාක් චරිත හැඩ කරන්න ඇය සැරසෙන්නේ සාරී වලින්නේ.

ඵෙශ්වර්යා රායී බච්චන්

අමිතාබ් බච්චන් සහ ජයා බහදුරිගේ ලේලිය අභිෂේක් බච්චන්ගේ බිරිඳ ලෝක රූ රැජන වෙලා විලාසිතා නිරූපිකාවක් විදිහටත් විවාහයට පෙර කටයුතු කළ බව ඔබ දන්නවනේ. ජාත්‍යන්තරයේදී ඇය ඉන්දියාව නියෝජනය කරන්න සාරියෙන් තමයි හැඩ වෙන්නේ.

කත‍්‍රිනා කයිෆ්

නිරූපණ ක්ෂේත‍්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ කත‍්‍රීනා මේ වෙනකොට වැඩිපුරම අන්ත‍ර්ජාලයෙන් සොයන නිළිය බවට ද පත්වෙලා තියෙන්නේ. කත‍්‍රීනා මේ සුදු සාරියට දේව දූතිකාවක් ලෙසින් පෙනේ. මේ සාරියේ බෝඩරය රිදියෙන් වැඩ දමා තියෙන අතර කළු ලෙදර් ඔරලෝසුව නිසා ඇගේ පෙනුම සරලව ඇය තියාගෙන ඇත.

සෝනම් කපූර්

හින්දි සිනමාවේ ජනප‍්‍රිය නළුවෙක් වන අනිල් කපූර්ගේ වැඩිමහල් දියණිය සෝනම්ව මේ වෙනකොට ලොව පුරා හැමෝම වගේ දන්නවනේ. මොකද ඇයත් නිළියක් වගේම කලා අධ්‍යක්ෂකවරියක්නේ. ඇය ස්ටයිල් රැජිනියක් කියලත් හඳුන්වනවා. බලන්න ඇය හැඩ වී ඉන්න මේ සාරියේ අපූර්වත්වය...|

ආලියා භාත්

ආලියා භාත් සිනමාවට එකතු වෙලා වැඩි කාලයක් නැහැ. ඇය රංගනයෙන් එකතු වුණු සිනමාපට කිහිපයෙන් ඇය විශිෂ්ට නිළියක් බව ලෝකයාට ඔප්පුකොට පෙන්නුවා. මේ ටූ ස්ටේටස් කියන හින්දි සිනමාපටයේ ආලියා සාරියකින් හැඩ වී කරන ලද රංගනයේ අවස්ථාවක්...

කාජල්

ඉතා ප‍්‍රශංසනීය සහ දක්ෂතම නිළියක් වන කාජල් අලංකාර විදිහට අඳින්න පලඳින්නත් ප‍්‍රසිද්ධ කෙනෙක්. මේ කළු ජෝර්ජට් සාරියේ එම්බ්‍රොයිඩර් එකක් පල්ලුවේ ඇත. පල්ලුවට ගැලපෙන ලෙසින් බ්ලවුස් එකේද අත් දෙකෙහි එම්බ්‍රොයිඩර් කරලා තියෙන බව ඔබට පේනවා ඇති. කාජල් මොන වර්ණ තෝරාගත්තත් ඇයගේ හැඩැති සිරැර ඒවයින් තවත් සුන්දර කරයි.

අනුශ්කා ශර්මා

ජනප‍්‍රිය ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාත් කෝලිගේ බිරිඳ අනුෂ්කා ශර්මාව නොදන්නා කෙනෙක් නැහැනේ. රබ්නේ බනාදී ජෝඩී කියන සිනමාපටයේ හින්දි සිනමාවට පය තැබූ ඇය හැඩ වී ඉන්න මේ සාරියේ සිහින් රන්වන් බෝඩර් එකක් තියෙනවා. මේ විලාසිතාවට ඇගේ පෙනුමේ සුන්දර බව තවත් වැඩිවෙලා නේද?

රානි මුඛර්ජී

ලා දුඹුරු පැහැති දක්ෂතම බොලිවුඩයේ සුන්දරිය කවුද කිව්වොතින් ඒ රානි මුකර්ජී කියලා බොහෝ දෙනෙක් පවසන බවට සැකයක් නැහැ. බලන්න ඇය හැඩ වෙලා ඉන්න මේ සරල සුදු සාරී විලාසිතාව දිහා.

හේමා මාලිනී

බොලිවුඩයේ සදාකාලික සිහින කෙල්ල අදටත් සිහිනයක් කියලා කියන්න පුළුවන්. දක්ෂතාව වගේම කරුණාව නිසා ජනප‍්‍රියත්වයට පත්වුණු හේමා මාලිනී හැම වෙලාවෙම ඇගේ විලාසිතාවලින් මිනිසුන්ව ආකර්ෂණය කරගන්නවා. ඇය නිරන්තරයෙන් විවිධ වර්ණවලින් සහ විලාසිතාවලින් පිරි සාරිවලින් හැඩවෙන කෙනෙක්. ඇගේ ආරම්භය වූ තමිල්නාඩුව අදටත් ඇය අමතක කරන්නේ නැහැ. මෙන්න මේක දකුණු ඉන්දියාවේ ප‍්‍රචලිත සේද පට්ටු සාරියක් බව ඔබට දැකගන්න පුළුවන් වෙයි.
හේමා මාලිනි මේ ජෝර්ජට් ඩිසයිනර් සාරියකින් සැරසිලයි ඉන්නේ. අමිතාබ්ගේ 70වැනි උපන්දිනය නිමිත්තෙන් බී සෙවන්ටි කියලා ඇල්බමයක් එළිදක්වා තියෙන අතර මේ හේමා මාලනී ඒකට සහභාගී වෙන්න ඇන්ද සාරි විලාසිතාවයි. රත්තරන් කෙඳිවලින් එම්බ්‍රොයිඩර් කරලා වැඩ දාලා තියෙන මේ සාරිය ඇන්දම ඇගේ හැඩ බලන ගමන් ඔබටත් ඇඳලා හැඩ වැඩ බලන්න පුළුවන් මේ විලාසිතා.

 

Translation — Chandana

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00