2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

Gym කානෝ Gym කන්නෝ

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 154

අද අපි අරගෙන අාවේ පහුගිය දවස්වල Trending ආපු Youtube Hit එකක්. Gym කානෝ Gym කන්නෝ කියල තමයි මේ වීඩියෝ එක නම් කරලා තිබ්බේ. Lochi Youtube Channel එකෙන් තමයි වැඩේ එළියට අවේ. අපි වීඩියෝ එක බලන වෙලාවේ Views 272k විතර තිබ්බා.

මුලින්ම Channel එක ගැන පොඩ්ඩක් කතා කරොත්, ලොචි කියන්නේ මේ වෙනකොට ජනප්‍රිය චරිතයක්. ලෝචිගේ තමයි මේ Channel එක. ලංකාවේ  Youtubers ලා අතර ඉඳන් ජනප්‍රියත්වයක් ගොඩනගාගත්ත කාන්තා චරිතයක් විදිහට ලෝචිව අපිට හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් ලෝචිගේ Youtube ආගමන සිද්ධවෙලා තියෙන්නෙ 2018 ඔක්තෝබර් මාසේ වගේ. ජනප්‍රියත්වය වර්ධනය වෙන්නේ නම් ඉතා මෑතක. ලෝචිගේ මේ ප්‍රවේශය Youtubers ලා අතර Girls Trend එකක් ගොඩනැගෙන්න අනාගතයේදී හොඳ හේතුවක් වෙන්නත් පුළුවන්.

දැන් අපේ කතාව මේ වීඩියෝ එක පැත්තට හරවමුකෝ. ජිම් එකේදී මුණගැහෙන චරිත  ඒ අයගේ ආකල්ප වගේම ජිම් යාම සම්බන්ධ තාරුණ්‍යයට පොදු දේවල් ටිකක් තමයි මේ Video එකට විෂය කරගෙන තියෙන්නේ. වීඩියෝ එක කොටස් කිහිපයකට කඩලා ඒ චරිතවල ස්වභාවයෙන් පෙන්නවා හාස්‍යය මතුවෙන විදිහට. ලෝචි ප්‍රධාන වෙලා තමයි අනික් චරිත ගොඩනැගෙන්නේ. වීඩියෝවේ සම්පූර්ණ ධාවන කාලය විනාඩි 6 ක්.

වීඩියෝකරණය සංස්කරණ වගේම තාක්ෂණික භාවිතාවන් ලංකාවේ Youtube Channel වල ඉදිරිපෙළ ගුණාත්මක අගයක් ගන්නවා. වැඩේ බජට් එක Youtube වලට සාපේක්ෂව ටිකක් High කියලා තමයි හිතෙන්නේ. පූර්ව සූදානමක් සහිතව කරපු වැඩක් බව අපිට අවබෝධ වෙනවා. වීඩියෝකරණයේදී විශේෂ කැමරා කෝණ කිහිපයක් භාවිත කරලා තියෙනවා. එවා සාධනීය ලක්ෂණ විදිහට පෙන්නා දෙන්න පුළුවන්. මිනිත්තු 6ක Youtube වැඩක් වෙනුවෙන් ලංකාවේ සාමාන්‍ය Youtubers ලා දරන මහන්සියට සාපේක්ෂව මේ Video එකට විශාල මහන්සියක් දරලා තියෙනවා. ඒ නිසාම Teamwork එකක ගතිය වගේම තාක්ෂණික ප්‍රවීනත්වයක් මේ තුළින් අපිට දැනුනා කියලා කිව්වොත් සාධාරණයි.

නිර්මාණය සංකල්ප ගැන කතා කළොත් Gym කියන්නෙ Youtubers කෙනෙකුටම රස වෑහෙන වස්තු බීජයක්. ඒ වගේම ලංකාවේ බහුතර තාරුණ්‍යයේ ආකර්ෂණීය මාතෘකාවක්. මේ ගැන යම් යම් ප්‍රමාණයෙන් වැඩ Youtube එක ඇතුළේ කෙරිලා තියෙනවා. නමුත් ඒවා මේ වගේ ඉහළ තාක්ෂණික අගයකින් සැලසුම් සහගතව කරපු දේවල් නෙවෙයි. අන්න ඒ නිසා අපි විශ්වාස කරනවා ලෝචිගේ Gym කානෝ Gym කාන්නෝ මීටත් වඩා හොඳට කරන්න තිබුණා. ඉතා සීමිත දෙබස්වලින් හාස්‍යය රසයක් මතුවෙන බව ඇත්ත. ඒත් අපේ විශ්වාසය නම් මෙහි සිද්ධි නිර්මාණය ප්‍රබල නෑ කියන එක. හේතුව ජිම් එකේ Life එක ඇතුළේ තියෙන දේවල් ග්‍රහණය කරගෙන තියෙන පරිමාව මදි. තවත් ඒ ගැන හොඳ සොයා බැලීමකට පස්සේ මේ සංකල්ප ගොඩනැගුවා නම් මේ නිර්මාණයේ ප්‍රබල බව තවත් වැඩිවෙනවා. අපිට හිතෙන විදිහට ටිකක් ලොකු Video Project එකක් නිසා ඒ ගැන සැලකිලිමත් වුණා නම් හොඳයි කියලා තමයි කියන්න වෙන්නෙ. 

රංගනය ගැන නම් කියන්න ලොකු වරදක් නෑ. Youtube ඇතුළේ සිනමාවේ, ටෙලි නාට්‍යවල වගේ රංග ප්‍රතිභාවක් කවුරුත් හොන්නේ නෑ. වැඩෙන් ආතල් එක දැනෙන්න ඕනා කියන එක තමා මේ රංගනයේ කවුරුත් තේරුම් ගන්න ඕනා. ලෝචී දිගින් දිගම කරපු වීඩියෝ ඇතුළේ ඒ දේ කරන්න උත්සාහ කරලා තියෙනවා. නිර්මාණය එකතු වෙන අනික් අයත් ඒ උත්සාහය දරලා තියෙනවා. කොහොම නමුත් මේ රංගනය තවත් සංවර්ධනය කර ගන්නවා නම් ලොකු ගමනක් යන්න මේ අයට පුළුවන් වෙයි කියම එක තමා අපේ විශ්වාසය.

ලංකාවේ තරුණියක් Youtube ගතවීම ඇතුළේ විශාල ආකර්ෂණයක් ලබාගන්න හැකියාවක් පවතිනවා. තාක්ෂණික භාවිතය ඉතාම හොඳයි. සංකල්පීය භාවිත වගේ දේවල් සංවර්ධන කරගන්න පුළුවන්. වෙනස් විදිහට හිතන බවකුත් පහුගිය වීඩියෝ ගැන හිතලා බැලුවාම අපිට දැනෙනවා. ඒ නිසා මේ ලොකු ගමනක ආරම්භක් කියලා කියන්න පුළුවන්. හැබැයි වීඩියෝ අතර විශාල කාල පරතරක් තබා ගැනීම අලුත් Youtubers ලා නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. කොහොම වුණත් මේක අලුත් රැල්ලක්.

 

► Text - Nisal   /   Pic – Internet

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00