Y Trend වලින් ඔන්න මේ පාර අරගෙන එනවා. තාම රටේ ගොඩදෙනෙක්ගේ අවධානය ලක්නොවුණු New Trend එක. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි මචෝ. අපේ බ්‍රෝලා සිසිලා එකෙන්ම දන්නවා Night Club ගැන Beach Party, Face Book Party, Fill Party වගේ සීන් ගැන. අපි කලින් ඔය Line එකේ Story අපේ Y Trend එකෙන්ම ගලපලා තියෙනවානේ. ඔන්න මචෝ Party Life වලදී මුණගැහෙන අලුත්ම Party ජාතිය ගැන තමා අද Storyය. හීන්සැරේ සද්දේ වහලා අහගන්න. පස්සේ සීන් එක ගැන ඔයාත් දන්න දේවල් ගලපගන්න. මේ සීන් එකේ නම තමා Private Party. පාටි බහින කෙල්ලෝ කොල්ලෝ අතර ජනප්‍රිය සීන් එකක් තමා මේ. ඒ වගේ රටේ තැන තැන Trending වෙන දෙයක් තමා මේ private Party.
සුදාලා දන්නවා පෞද්ගලික සාදයක් කියල කිව්වාම රටේ ගොඩක් අයට මතක් වෙන්නේ B’day Party වගේ පෞද්ගලික සමරු සාද ගැන සීන් නේ. නමුත් අපි කතාකරන සීන් එක එහෙම නෙවෙයි. මතකද බ්‍රෝලාට පහුගිය කාලේ තිබ්බ Facebook Party සීන් එක. ඒ හරහා ආපු Stamps, Tablet වගේ මත්ද්‍රව්‍ය උවදුරු ටික. ඔන්න ඒ සීන් එක පස්සේ පොලීසිය එලවන්න පටන් ගත්තා. ඒ නිසා Internet එකෙන් Ticket විකුණලා බුකීයේ Group හදාගෙන Event Organize කරන එක එන්න එන්න අමාරු වුණා. පොලීසියෙන් අවසර දෙන්නේ නෑ වැඩේට. Unit එකෙන් පැනලා බඩු එක්ක කොල්ලෝ අරගෙන යනවා. ඔන්න ඔය වගේ සීන් නිසා පහුගිය අවුරුද්දක වගේ කාලේ ඇතුළේ ඔය ජාතියේ Party අඩුවෙලා ගියා.
Beach Party වලටත් අත්වුණේ මේ සෙතේම තමයි මචෝ. ලංකාවේ නම් දරලා තිබ්බ ගොඩක් Beach Party එන්න එන්න අඩුවුණා. මේ හැමදේම පිටිස්සේ තිබ්බේ Drags ප්‍රශ්නයක්. මේ හැම පාටියක්ම වගේ පෙති ස්ටෑම් වගේ දේවල්වලට හොඳ වෙළඳ පොළක් වෙලා තිබ්බා. Organizers ලාත් මේ සීන් එක ගැන දැනගෙන හිටියේ. ඒත් හැමෝම වාසියට වැඩේ කරගෙන ගියා. ලංකාවේ සෑහෙන්න කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් මේ Filling එක හුරු වුණා. ඒත් අන්තිම පොලීසියෙන් කොහොම හරි Party වලට ගේමක් ගැහුව්වා. උපරිමයෙන් නැතත් තරමකට ඒ ගේම් එක සාර්ථක වුණා. ඔන්න ඊටපස්සේ අරට Party Life ගතකරපු කොල්ලෝ කෙල්ලෝ ගොඩක් අනාථවුණා. හැබයි ඒක උන් විකල්ප නිර්මාණය දන්නවානේ අපේ බුවාලා වගේ හැටි... ඒ විකල්ප තමා Private Party.
කවුරුහරි පාටි පොරක් තමන්ගේ Private Party විදිහට තමා වැඩේ Organize කරන්නේ. සුපිරි නිවසක House Party විදිහට මේවා Organize වෙනවා. නැත්නම් විලා එකක, පොඩි Restaurant එක්ක වගේ තැනක තමයි වැඩේ වෙන්නේ. ක්‍රවුඩ් එක මහ ගොඩක් නෑ. Fill දාන සෙට් එක තමා set වෙන්නේ. තව මචෝ මේ සීන් ඉස්සර වගේ බුකියේ Pramod කරන්නේ නෑ. දන්න දන්න අය අතරේ විතරයි. වැඩි කැටයම් දැම්මොත් වැඩේ අවුල් යනවා කියලා මෙයාලා දන්නවා.
මේකෙන් සල්ලි පැත්ත බැලුවොත් ලයින් දෙකක් තියෙනවා. Enteras වලට ගාණක් ගන්න තැන් තියෙනවා. සමහර වෙලාවට බඩු මොනවා හරි අරගෙන Place එකට බැස්සම හරි. ඇතුළේ Party එක තියෙන ගතිය තියෙනව. DJ Music, Lightning හැමදේම. දන්න අඳුරන කට්ටිය සෙට්වෙන්නේ ඒ නිසා ඔය Drags එහෙමත් Share කරගන්නව සමහරැ.
පාටි සීන් එක ගැන Y Trend එකෙන් කිව්වා මතක ඇතිනේ බ්‍රෝ. ඒ නිසා Party එක ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. Party බැස්සේ set set පහුගිය කාලේ. ඒ නිසා මෙයාලා අතර දැන ඇඳුනුම්කම් ගොඩනැගිලා තියෙන්නේ. මේ Private Party වලදී ඒ දැන හැඳුනුම්කම් මත සෙට් එකතු වෙනවා. ඩ්‍රග්ස් ඩීල් කරන එකෙක් වැඩේට ඉබේම වගේ සෙට් වෙනවා. නැත්නම් බඩුගන්න Contact තියන අය මේ Party බුවාලා අතර ඉන්නවා. ඉතින් ඒවා අරගෙන තමයි Party යට බහින්නේ. බියර් ඇරුක් එහෙමත් තියෙනව මේ Private Party වල. හැබැයි ඉස්සර Party සීන් එකට වඩා බොන සීන් පොඩ්ඩක් Private Party වල වැඩියි.
Private Party වල තව මොඩල් එක තියෙනවා. ඒකත් මේක නම් හරි ටික දෙනයි සෙට් වෙන්නේ. ඇච්චෝ පැච්චෝ තමා වැඩේ කරන්නේ. මේ සංවිධානය වෙන්නේ මෙහෙයි. මචෝ ඔන්න Party Filing තියෙන කොල්ලෝ සෙට් එකක් සෙට්වෙලා සල්ලි දාලා බෝතලයක් දෙකක්, ඊටපස්සේ ඔය ස්ටෑම් ටැබ්ලට් බයිට් අනම් මනම් ගන්නවා. තව අනිවා Bluetooth Sounds System එක ගන්නවා. ඒ කියන්නේ ඔය පොඩි බපල් කෑල්ලක්. ඔන්න ඊටපස්සේ කට්ටිය සෙට් වෙනවා කාගේ හරි ගෙදරක. මේක කවුරුත් නැති ගෙදරක් බංගලාවක් ඔය වගේ Place එක්ක වෙන්න ඕනා.
ඊටපස්සේ අර බෝතලේ ගහන ගමන් අනික් ජාතිත් පාවිච්චි කරනවා. Mobile එකක් Contact කරලා Music Track එල්ල ගන්නවා. ඔන්න අපි කලින්ම කියලා තියෙනවා Music එක්ක මෙයාලාට තියෙන බැඳීම. ඊටපස්සේ Party තමා ඉතින්. සමහරු ඩිස්කෝ ලයිට් එකක් එහෙමත් ගහගන්නවා. ගෙදරක් නැත්නම් අරං ගිහින් බොන්න පුළුවන් දන්න කියන Restaurant එක්කත් මේ විදිහට සමහරැ සෙට්වෙනවා. හැබැයි මේ සීන් එකට උපරිම විස්සකට වඩා අඩු ගණනක් සෙට් වෙන්නෙ. මේවත් Private Party තමා.
මේ පාටි දෙවර්ගයටම කෙල්ලෝ සෙට් වෙන වෙලාවල් තියෙනවා. Party බහින කෙල්ලෝ ගැන අපි කලින් කියලා තියෙනවනී. කෙල්ලෝ මේ වගේ පාටිවලට එනවාට කොල්ලෝ කැමතියි. Sex කියන පැත්ත ලොකුවට Highlight නොවුණත් බ්‍රෝ මේක ඇතුළේ යම් පරිමාවකට ඒ දේවල් තියෙනවා. ගැඹුර කියන්න අමාරුයි සුදා. Filling හරහා තමා මේ අමුතු සංස්කෘතිය නිර්මාණය වෙලා තියන්නේ. මරණය ඉක්මන් වෙන ජීවිතේ ගොඩක් දේවල් මඟහැරෙන භයානක තැනක් මේ. තව දෙයක් Private Party ඇතුළේ කොකේන්, අයිස් වගේ දේවලුත් දැන් හිමීට ප්‍රසිද්ධ වෙමින් යනවා. ඒක අතිශය භයානක තත්ත්වයක්.
ඔන්න සුදා කොහොම හරි Private Party අපේ තාරුණ්‍යයේ අලුත්ම Trend එක්ක. මේ කාලේ බොහොම ජයට යනවා. පොලීසියත් දැන් සීන් එකක් දන්නවා. හිටපු ගමන් Untie එකෙන් මේවගේ පාර්ටිවලට බැහැලා කට්ටිය කුදලන් යනවා. ඒත් රහසේ වගේ වැඩ වෙන නිසා අවධානය අඩුයි. නීතියෙන් රිංගන් ආපූ සීන් එකක් තමා මේ Private Party. ඒ නිසා අපිට නම් හිතෙන්නේ මේකට වැට බැන්දත් තව විකල්පයක් උන් හොයා ගනී. ඒ නිසා නීතියත් එක්කම තවත් වැඩපිළිවෙළ ඕනා අපේ උන්ව බේරගන්න. අපි මේ ටික කිව්වේ මගේ පැංචෝ පැංචියෝ දැනුම්වත් වෙලා ඉන්න ඕනා නිසා. ඕං අපි ගියා.
► Text - Nisal / Pic – Internet