පොලිස් නිල ඇඳුමට උඩින් බුලට් පෲෆ් ඇඳුමකින් කඩවසම් තරුණයෙක් හා ඔහුගේ ගෝලයන් පිරිසක් සැරසෙනවා. මේ ප‍්‍රධානියාගේ නම ඩීසීපී සන්ජය කුමාර් යාදව්. ඔහු තමන්ගේ සහචරයන් එක්ක යන තැනකදි එකපාරටම වෙඩි හුවමාරුවක් ඇතිවෙනවා. ඒත් සන්ජය තමන්ගේ භට කණ්ඩායමත් එක්ක ගිහින් වෙඩි වරුසාව වස්සවන්නේ කොලේජ් එකක ශිෂ්‍යයන්ට. එදායින් පස්සේ ඉන්දියාවේ දිල්ලි නගරයේ මහපාරට බහින පිරිස දිල්ලි පොලීසිය භංග වේවා කිය කියා උද්ඝෝෂණ නගරේ හැමතැනකම.
පිරිස - දිල්ලි පොලිසිය
භංගවේවා///
► Translation — Chandana Waravitage
කමිශනර් - සංජය මේ නාඩගම වුණේ කොහොමද? මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කරන හැටි පේනවනේ?
සංජය - සර් මගේ ඔෆිසර්ස්ලා මගේ ඕර්ඩර් ෆලෝ කළේ.
කමිශනර් - ඔයාට ඕර්ඩර් එක ලැබුණේ ඉන්වෙස්ටිගේශන් කරන්න මිසක් වෙඩි වරුසා කරන්න නෙවෙයිනේ?
දැන් මාධ්‍යවේදීන් අහන ප‍්‍රශ්නවලට කවුද උත්තර දෙන්නේ?
මාධ්‍යවේදියෙක් - වෙඩි තියලා මරා දාලා තියෙන හැමෝම ඉගෙන ගන්න අහිංසක ළමයි. ඩීසීපී සංජය කුමාර් තාම සස්පෙන්ඩ් කරලවත් නැහැ. සංජය කුමාර් කියන්නේ රාක්ෂයෙක්. ඉන්වෙස්ටිගේශන් එකක් කරන්න යන පොලිස් නිලධාරීන් එහෙම කොහොමද ළමයින්ට නෙවෙයි කාටවත් වෙඩි තියලා මරන්නේ? ඒගොල්ලෝ නීතිය අතට ගන්නේ කොහොමද? සන්ජය කුමාර් වෙඩි තියලා මැරැවේ අහිංසක ඉගෙන ගන්න ළමයින්ව.
මේ සංජයගේ නිවස. ඔහු ගාවට ඔහුගේ බිරිඳ දුවගෙන ඇවිල්ලා ඔහුව බදා ගන්නවා.
නන්දිතා යාදව් - විකීට වෙඩි වැදුණේ කොහොමද?
සංජය - එතන හිටිය කොල්ලෝ ටික වෙඩි තිව්වා. ඒක ඔයා මගෙන් අහන්නේ ඇයි?
සංජයට කොහේටවත් යන්න නැහැ. හැමෝම ඔහු දිහා බලන්නේ වැරදිකාරයෙක් දිහා බලනවා වගෙයි. මේ පොලිස් හෙඩ් ක්වාටස්වල තියෙන කොන්ෆරන්ස් රූම් එකක සිදුවීමක්. මෙතන ඉහළ නිලධාරීන් සංජයගෙන් ප්‍රශ්න කරමින් ඉන්නේ.
ප‍්‍රධානියා - ඔයා වෙඩි තියලා මැරුව ඔක්කොම ස්ටුඩන්ට්ලා නේද?
සංජය - ඔව්
ප‍්‍රධානියා - අහිංසක ළමයින්?
සංජය - ළමයි කියලා විතරයි කිව්වේ මං. අහිංසකයි කිව්වේ නැහැ.
ආගමේ පොත්පත්වලත් ආයුධ අතට ගන්න කියලා කියලා තියෙනවා කියලා ඒ අය කිව්වා. ඔවුන් අපිට මුලින්ම වෙඩි තිව්වේ. මම වෙඩි තියලා මැරුවේ ආගමේ නාමයෙන් ආයුධ අතට ගත්ත ත‍්‍රස්තවාදී මුස්ලිම් අන්තවාදීන්ව. එයාලා කරන වැඩවලින් අපේ රටේ ඉන්න කෝටි 17ක මුස්ලිම් මිනිස්සුන්ට ප‍්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියන එක මම ඔවුන්ගෙන් ඇහුවා.
ඔහුට මුලින් විරෝධයක් ආවත් ඒ සිද්දියට අදාළව සංජයට මෙඩ්ල් එකක් හම්බවෙනවා. මේ ඊටපස්සෙ සිදුවීමක්. සංජය ඉන්නේ නිල ඇඳුමකින් නෙවෙයි. ඔහු ඉස්සරහ නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කීපදෙනෙක් හිටගෙන ඉන්නවා.
සංජය - අපරාධ අංශයේ වැඩ කරන පොලිස්කාරයෙක් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා වැඩ කරලා ගන්න මාසේ පඩිය වගේ නෙවෙයි ට‍්‍රැෆික් පොලිසියේ වැඩ කරන කෙනෙක්ට එක දවසින් හම්බ කරන්න පුළුවන්.
පොලිස් ප‍්‍රධානියා - දිල්ලියෙන් ඕර්ඩර් එක ආවේ. ඔයාට එන්න වෙනවා.
සංජය - මං
පොලිස් ප‍්‍රධානියා සංජය නැවත කැඳවා ප‍්‍රශ්න කරනවා ඔහුගේ කාර්යාල කාමරය තුළදී.
ප‍්‍රධානියා - අඩුමගානේ මෙතනදිවත් ඇත්ත කියනවා.
සංජය - මොන ඇත්ත අහන්න ඕන ඔබතුමාට? කවදහරි ඔයා බුලට් පෘෆ් ජැකට් එකක් ඇඳලවත් තියෙනවද? ඔයාගෙ ඇත්තයි මගෙ ඇත්තයි සමාන වෙන්නෙ කොහොමද? ඔයාට ඉන්වෙස්ටිගේශන් එක ගැන අහන්න ඕන නැහැනේ සර්? ඉන්වෙස්ටිගේෂන් එක හැර මං ගාව කිසිදෙයක් නැහැ. කිසි දෙයක් නැහැ.
සටන් පිරුණු භීතිය පිරුණු සුන්දර කතාවක් ඇතුළත බට්ලා හවුස් කියන මෙන්න මේ හින්දි සිනමාපටය නරඹන්න ඔබටත් අදහස් හිතට ආවනම් 2019 අගෝස්තු 15 වැනිදා ඒ කිව්වේ ඉන්දියාවේ නිදහස් දිනයට සමගාමීව තමයි මේ සිනමාපටයත් තිරගත වෙන්නේ. මෙන්න මේ බට්ලා හවුස් කියන හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නිඛිල් අද්වානී වන අතර මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ භූෂන් කුමාර්, දිව්‍යා ඛෝස්ලා කුමාර්, ක‍්‍රිෂන් කුමාර්, මොනිශා අද්වානී, මධූ භෝජ්වානී, ජෝන් ඒබ‍්‍රහම් සහ සන්දීප් ලෙයිසෙල් කියන කට්ටියගේ එකමුතුවෙන් වන අතර මේ සිනමාපටය ලියලා තියෙන්නේ රිටේශ් ශාහ. ඒ වගේම මේ සිනමාපටයේ පසුතලය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ජ්හෝන් ස්ටේවර්ට් එදුරි. අනිත් එක තමයි 2008 වසරේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි මේ සිනමාපටය හදලා තියෙන්නේ.
දැන් ඔබ බලාගෙන ඇති කවුද මේ සිනමාපටයේ චරිතවලට පණ පොවන්නේ කියලා නේද? මුලින්ම ඔබට ඩීසීපී සංජය කුමාර් යාදව්ගේ චරිතයට පණ පොවන කෙනා ගැන කියන්නම්කෝ. මෙන්න මේ සිනමාපට ඔබ නරඹා තියෙනවනම් ඔහුව ඔබට මතක් වෙන්නම ඕන.
Jism (2003), Dhoom (2004). Dhoom, Zinda (2006). Water (2005).Baabul (2006). Garam Masala (2005), Taxi No. 9211 (2006), Dostana (2008), New York (2009), Force (2011), Housefull 2 (2012), Race 2 (2013), Shootout at Wadala (2013), Welcome Back (2015), Dishoom (2016), Satyameva Jayate (2018) 2013Race 2,I, Me Aur Main Ishaan ,2016Wazir,
1972 දෙසැම්බර් 17 වැනිදා ඉන්දියාවේ මහාරාශ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයි නගරේදී උපත ලබා එහෙම තමයි මේ කියන කෙනා ජීවත් වෙන්නේ. 1997 ඉඳන් ඔහු නළුවෙක් සහ නිරූපණ ශිල්පියෙක් විදියට සිනමා කර්මාන්තය එක්ක එකතු වෙලා ඉන්නවා. 2014දී ඔහු විවාහ වුණු අතර ඒ ප‍්‍රියා රන්චල් එක්කයි. නැශනල් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර්ස් සම්මාන ඇතුළු සිනමා සම්මාන කිහිපයක්ම ඔහු තමන්ගේ නමට වෙන් කරගන්න සමත්කම් දැක්වූ කෙනෙක්. විශේෂවේදී උපාධියක් පවා හිමිකරගෙන තියෙන ඔහු වෙනින් කිසිවෙක් නෙවෙයි. ජෝන් ඒබ‍්‍රහම්. ඔහු තමයි මේ සිනමාපටයේ සංජයගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔහුගේ ප‍්‍රිය බිරිඳ නන්දිතා යාදව්ගේ චරිතයට පණ පොවන ඇය ගැන කියන්නයි මේ හදන්නේ. ඇය මෙන්න මේ චරිතවලින් ඔබ අපි දැකලා තියෙන කෙනාමයි. මතක් කරගන්න බලන්නකෝ.
ඒ සිනමාපටයේ චරිතයන්ට පණ පෙව්ව ඒ හැඩකාරිය කවුද කියලා මතක් වුණාද? ඊට අමතරව ඇය මරාතී සිනමාපට රාශියක සහ ටෙලිනාට්‍ය නිළියක් විදියට ගොඩාක් ටෙලිනාට්‍යවල රංගනයෙන් දායක වෙලා තියෙන නිළියක්. තාමත් ඔබට ඇය මතක නැත්නම් මතක නැති වුණාට කමක්නැහැ. දැන් ඔබට ඇය කවුද කියලා කියන්නම්කෝ. ඉන්දියාවේ මාහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ නාග්පූර්වල ඉපදුණු ඇය මේ වෙද්දී මුම්බායි නගරයේ තමයි ජීවත්වෙන්නේ. මාධ්‍යවේදිනියක් විදියට ඉගෙන ගත්ත ඇය 2012 වසරේ පටන් නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදියටත් හින්දි සිනමාව නියෝජනය කරනවා. ඇය නමින් මොනාලී තාකූර්. ජෝන් සහ මොනාලි එක්ක මේ සිනමාපටය හැඩ කරන්න මෙන්න මේ කට්ටියත් එකතුවෙලා තියෙනවා. රවී ක‍්‍රිෂ්නන්, මනීෂ් චවුද්‍රී, රාජේශ් ශර්මා, සෝනම් අරෝරා, සහිදුර් රහමාන්, ක‍්‍රාන්තී ප‍්‍රකාෂ්, ආලෝක් පාන්ඩේ, ෆයිසාන් ඛාන්, නිරන්ජන් ජදාඕ, චිරාග් කත්‍රේචා, යතාර්ත් කන්සල්, සන නෝරා ෆටේහී තමයි මේ සිනමාපටයේ අනිත් චරිතවලට පණ පොවන්න එකතුවෙලා ඉන්නේ. මේ සිනමාපටය දිල්ලි, ලක්නව්, මසූරී, මුම්බායි, ජයපුරි සහ නේපාල්වලදී තමයි රෑගත කිරීම් කරලා තියෙන්නේ. බට්ලා හවුස් හින්දී සිනමාපටයේ තියෙන ගීතයන්හි පද හිතට දැනෙන්න ලියලා තියෙන්නේ තනිෂ්ක් බාග්චී, කුමාර්, ගෞතම් ශර්මා, ගුර්ප‍්‍රීත් සයිනි සහ ප‍්‍රින්ස් ඩුබේ විසින් වන අතර ඒ ගේය පද හැඩ කරන්න සප්ත ස්වරයෙන් හඬු මුසු කරලා තියෙන්නේ රෝචක් කොහ්ලි, තනිෂ් බාග්චී සහ අන්කිත් තිවාරී. ඒවාට තමන්ගේ මන බඳින හඬින් පණ දීලා තියෙන්නේ නේහා කක්කර්, තුල්සී කුමාර්, බී ප‍්‍රාක්, අන්කිත් තිවාරී සහ ධවානී භනුශාලී.