2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

බැන්නට Thanks

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

ඔන්න YouTube Hit වලින් අද කතා කරන්නේ Sri Lankan You tubers ලා අතර ජනප්‍රිය Video වගයක් ගැන. ඒ නිසා අද කතාව වෙනදා කතාවට වඩා ටිකක් විතර වෙනස්. මේ වීඩියෝ ගැන කතා කරනකොට Sri Lankan Special ගතියක් තියනවා. "බැන්නට Thanks” Video ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේ කතාවට ආසන්නතම වීඩියෝ එක රජාගේ ඇල්ටෝ කාර් එකේ Video එක. ඒත් අපි අද මේ වීඩියෝ රැල්ල ගැන තමා වැඩිපුර කතා කරන්නේ.

ලංකාවේ YouTube විඩියෝකරණය තමන්ගේ ප්‍රමුඛතම ආදායම් මාර්ගය කරගත්තු වගේම ඒ හරහා ධනවත් වෙච්ච ප්‍රසිද්ධ චරිත ඉන්නවා. ඒ අය තමන්ගේ තරම YouTube එක හරහා පෙන්නන්න යාම තුළ තමයි මේ අලුත් රැල්ල නිර්මාණය වුණේ. ඇත්තටම YouTube එකෙන් මෙච්චර හම්බ කරන්න පුළුවන්ද කියන කාරණාව පුදුමයි. මේ වහන ප්‍රදර්ශණය කරපු අය ප්‍රසිද්ධ You tubers ලා වීමයි හරහා මේ වීඩියෝ ගොඩක් ජනප්‍රිය වුණා. විශාල Views ප්‍රමාණයක් ලබා ගත්තා. රටේ තරුණ පරපුර අතර YouTube එක සම්බන්ධ විශාල සංවාදක් ඇතිවුණා. 

වස්ති අනුෂ්ක ගත්ත මිල අධික වාහනය අශේන් බලන්න ගිහිල්ලා කරපු වීඩියෝ එක නිසා තමයි මේ රැල්ල නිර්මාණය වුණේ කියලා කියන්න පුළුවන්. පස්සේ අශේනුත් තමන්ගේ තරම පෙන්නුවා. ලොකු වාහනයක් ගෙනාවා. ඉරාජ්ගේ වාහනෙත් ඔන්න කතා බහට එකතු වුණා. ඊටපස්සේ You tubers ලා ගැන නිර්මාණය වුණ කතාන්දර ගොඩක්  සමාජේ පැතිරෙන්න පටන් ගත්තා. අරයා මෙච්චරක් මාසේට හම්බ කරනවා ‍මෙයාට මෙච්චරක් එනවා. ඔන්න ඔය වගේ කතා හැමතැනම නිර්මාණය වුණා.
කොහොම හරි මේ වීඩියෝවල තිබ්බ විශේෂත්වය තමයි ඔය බැන්නට Thanks කිරීම. ඒක මෙහෙමයි මේ ගොඩක් YouTube Channel වලට විවිධ කාලවලදී සමහරු බැනලා තියනවා. ලොකු විවේචන ඇවිල්ලා තියනවා. නමුත් ඒ බැණුම් ඇසීම ඔවුන්ගේ ප්‍රසිද්ධියට හේතු වෙලා. මොකද Views මත තාමා YouTube මුදල් ඉපයීමේ මූලික පදනම නිර්මාණය වෙලා තියෙන්නේ. ඔන්න ඔය නිසා තමා බැන්නට Thanks කියලා අපේ Youtubers ලා තමන්ගේ වත්පොහොසත්කම් පෙන්නන ගමන් කියන්න පටන් ගත්තේ.

කොහම හරි මේක Youtube ආතල් එක් බවට පත්වුණේ රජාගේ Video එකක් හරහා. රෙන්ට්  එකට කාර් එකක් අරගෙන Youtube සල්ලිවලින් ගත්තා කියලා පිදුරංගල ගිහිල්ලා කරන විකාර ටිකක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. කොහොම හරි මේ වීඩියෝ එකෙන් බැන්නට Thanks කියන කතාව කියවෙනවා. Youtube සල්ලිවලින් ගත්ත වන්ඩිය කියලා තමා මේ වීඩියෝ එක නම් කරලා තිබ්බේ. කොහොම හරි එක් ලක්ෂ පනස් දහසකයට අධික Views ප්‍රමාණයක් ලැබිලා තිබ්බා.

► Text - Nisal   /   Pic – Internet