2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

එළිවෙනකොට කියන සින්දු

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

සාමාන්‍යයෙන් එළිමහන් සංගීත ප්‍රසංගවල හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලනෙ කියන්නෙ. ඒ කියන හොඳට නැටවෙන සින්දු ටික කියන ගායක ගායිකාවො බහින්නෙ ෂෝ එකේ අන්තිම හරියෙදි.

පසුගිය දවසක පාන්දර දෙක තුනට විතර අපේ කලා ශිල්පියෙක් ෂූටින් කරන තැනක තනියම අමරදේව මාස්ටර්ගෙ සින්දුවක් කියලා අතටම මාට්ටුවෙලා.

බැලින්නම් ඒක හරිම සංවේදී කතාවක්.

කට්ටියම මේ ලොකේෂන් එකේ එක දිගටම මාස දෙකක් විතර ෂූටින්ලු.
මේ කලා ශිල්පියාත් සති ගාණක් මේ වැඩෙත් එක්ක හිරවෙලා. කීයට වුණත් ෂූටින් ඉවර වුණාට පස්සෙ එයා නෝනත් එක්ක ෆෝන් එකේ මල් කඩනවලු. ඔන්න ඔය වගේ වෙලාවක තමයි එයාගෙ නෝනා එයාගෙන් ඉල්ලීමක් කරලා තියෙන්නෙ අමරදේව මාස්ටර්ගෙ සින්දුවක් කියන්න කියලා.

 

No talk ලු ඊට පස්සේ

මේක ටිකක් පරණ කතාවක්. 

එක්තරා චිත්‍රපට රූගත කිරීමක් සඳහා වෑන් රථයකින් ශිල්පීන් කිහිප දෙනෙක් රැගෙන ගියාලු. පැය 8ක පමණ ගමනක් නිසා, උදේ ආහාරය හා දවල් ආහාරය සඳහා සඳහා ස්ථාන කිහිපයක වෑන් රථය නවත්වන්නට සිද්ධ වුණාලු. ඔන්න එක පාරටම වෑන් එකේ හිටිය තරමක් මැදිවියේ දෙන්නෙක් මොකක් හරි හේතුවකට හෙන කොක්කක්ලු. එන්න එන්නම වැඩේ දරුණුවෙලා දෙන්නම දැන් එකිනෙකාට බැණගන්නවලු. වෑන් එකේ ගිය කිසි කෙනෙකුට ඒ රණ්ඩුව නවත්නගන්න බැරි වුණාලු. 

එකපාරටම රියැදුරු ගැහුවලු ඇඟ සීතල වෙන බ්‍රේක් පාරක්.
ඔය දෙන්නම එකට කතා කරන එක නවත්තලා වැඩිමහල් කෙනා මුලින්ම පටන් ගන්න. ඊට පස්සෙ අනිත් කෙනා උත්තර දෙන්න,ඔහු කිව්වලු.

එහෙම කිව්වා විතරයි දෙන්නම එක පාරටම ඩිම්වෙලා ගොලුවො වගේ ගමන ගියාලු.

 

මම පිස්සෙක්ද?

මෑත කාලයේ දී රූපගත කෙරුණු ටෙලිනාට්‍ය කණ්ඩායමක හිටියලු නව පරපුරේ නළුවෙක්. කිසිම දවසක වෙලාවට ෂූටින්වලට එන්නෙ නැහැලු. ඉවසගෙන වැඩ කරගෙන ගියත් එක්තරා තැනක දී අධ්‍යක්ෂකවරයාගෙත් රතු කට්ට පැන්නලු.
මම මේකෙ ඩිරෙක්ටර් බව ඔහේ දන්නවද?

ඔව් අයියේ..
මේක ටෙලිනාට්‍යයක්. මේකෙ කාලය නාස්ති වෙනවා කියන්නෙ නිෂ්පාදකගෙ මුදල් නාස්තිවෙන එක. ඒ ගැන තේරුමක් තියෙනවද?

ඔව් අයියේ..
මොක්කද අයිසෙ මම කියන හැමදේකටම ඔව් අයියේ, ඔව් අයියේ කියන්නෙ. හිතුවද මම පිස්සෙක් කියලා?
ඔව් අයියේ...

 

► Text - Mithra

 

 

 

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00