2017 මාර්තු 11 වන සෙනසුරාදා

දැහැන

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

 

ගිමන් හරින්න මොහොතක් නොඉල්ලන්නෙ අපි කවුද? 
සමහරුන්ට ජීවිතය වෙහෙසක් 
තවත් සමහරුන්ට ජීවිතය කරුමයක් 
තවත් සමහරුන්ට ජීවිතය වදයක් 
කන්දොස්කිරියාවක්...
බලහත්කාරකමක් 
ඔබට?

මට හිතෙන්නෙ අපි ඉන්න ඕනෑ 
ජීවිතය අත්හරින්නේවත් අල්ලගන්නේවත් නැති තැනක 
හැබැයි ආදරයෙන් 
ජීවිතයට ආදරයෙන් 
ආදරය කරද්දී මොනදේද අසුන්දර 

තත්ත්පරයක් ගාණේ මියැදෙන අපි 
සම්මුති මරණය තුළ සැනසිල්ලේ මියැදෙන අපි 
ජීවිතය තුළ දස දහස් වාරයක් මියැදෙන හැටි 

ලෝකය තුළ අපි පුංචි තිත් 
ඒත් කටු අත්තෙත් 
මල් පිපෙනවා 
පොහොට්ටු පර නොවුණොත් 

Sanju

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00