කපිල.. සේනානායක ඔබ විසින් අධ්‍යක්ෂණය කළ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යයේ පසුබිම ගැන ටිකක් විස්තර කළොත්?
මෙම වේදිකා නාට්‍යයට පසුබිම වෙන්නේ අප සමාජය තුළ කුඩා කාලයේ සිට පිරමියකු මේ සමාජය තුළ ස්ථානගත වෙන්නේ කොහොමද කියලා පෙන්වීමටයි. කුඩා කාලේ සිටම පිරිමියකුට අඬන්නට දෙන්නේ නැහැ. සංවේදී වෙන්න දෙන්නේ නැහැ. නිවසේ වැඩකටයුතු ඉගෙනගන්න දෙන්නෙ නෑ. බොහෝදෙනා සිතන්නේ පිරිමියා කුඩා කල සිටම දරුණු, රළු, ආවේග පාලනය කරගත නොහැකි, අපිළිවෙළ පිරිසක් කියායි. මේ සමාජය විසින්ම තමයි පිරිමියා සහ ගැහැනිය ඇඳිය යුතු දේ පවා තීරණය කරන්නේ. අද වෙද්දී ලංකා විශ්ව විද්‍යාලවල පිරිමි ප්‍රතිශතය අඩුවෙමින් පවතින අතර බන්ධනාගාරවල පිරිමි ප්‍රතිශතය වැඩිවෙමින් යනවා. ලෝක යුද්ධවලදී වුණත් මරාගෙන ගහගෙන වැඩිපුර තියෙන්නේ පිරිමින්. බොහෝ මව්පියන් කුඩා කාලයේදී පිරිමි දරුවාට තුවක්කු දෙද්දී ගැහැනු දරුවාට බෝනික්කන්ය. බොහෝදෙනෙක් හිතන්නේ ගැහැනු ළමයි ඉන්නේ ගෙදර වැඩ කරන්නයි, ළමයි නලවන්නයි විතරයි කියලා. පුතා කවදහරි තාත්තා කෙනෙක් වෙලා දරුවන් නලවයි කියලා බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ.
පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් හරහා ලාංකික පීතෘමූලික සමාජ ක්රමයේ පිරිමියකුගේ ප්රකාශනය සටහන් කිරීමක් ද මේ සිදුවන්නේ?
ඔව්.. එම ප්රකාශනය අමුවේ ප්‍රේක්ෂකයාට කිඳා නොබස්සා බටර් හා ජෑම් සහිත මංජුසාවන් කසාය නොවන ආකාරයට ප්‍රහසනය සහිතව ප්රකාශනය කරයි. එය විටෙක පීතෘ මූලික සමාජය කිචි කැවීමක් ලෙසද, ගසන පහරක් ලෙසද තවත් විටෙක අපි අපටම හිනාවෙන, නැවත අපේ ජීවිත දෙස හැරී බලන්නවට කියාද නාට්‍ය හරහා කියාදෙන්නට උත්සාහ ගන්නවා. සම්ප්‍රදායික සමාජය තුළ පිරිමිකම තුළ සිරවීම සමස්ත සමාජයට කරන හානියක් මෙන්ම පෞද්ගලිකව පිරිමින්ගේ සංවර්ධනයට ද පවුලේ සහ ප්‍රජාවේ සංවර්ධනයට ද බලපාන අයුරු මැනවින් හාස්‍ය හරහා නිරෑපණය කරනවා.
සාරංග සහ දිනක්ෂි එකම වේදිකා නාට්‍යයක එකට රඟපාන මුල්ම අවස්ථාව පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍ය. ඔවුන්ට අමතරව මෙහි රංගනයෙන් දායක වෙන අය කවුද?
මෙම වේදිකා නාට්‍යයේ සාංරග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් මෙන්ම අමිල පහතගෙදර සහ කපිල සේනානායක වන මමත් රඟපානවා. මෙම වේදිකා නාට්‍යයේ දිනක්ෂි චරිත කිහිපයකට පණ පොවනවා. කුඩා නැගණියකගේ චරිතයටත්, තරුණියකගේ චරිතයකටත්, සිල් මාතාවගේ චරිතයට දායක වෙනවා. සාරංග පොලිස් නිලධාරියකුටත්, අමිල සංස්කෘතිය කියන සමස්ත විදහා පානවා. මෙම වේදිකා නාට්‍යය අගෝස්තු මස 11 වැනි ඉරිදා හවස 3.30ට සහ 6.30 පුංචි තියටර් රඟහලේදී වේදිකාගත වන්නට නියමිතයි.
► Text - Dishani / Pic - Internet