බලපිටිය රේවත විදුහලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අත්පොත් තබා පසුගියදා ඕස්ෙට්‍ර්ලියානුවන් මවිතයට පත්කළ සීකුගේ ප‍්‍රසන්න ඕස්ෙට්‍ර්ලියාවට එරෙහිව තෙවැනි විස්සයි20 තරගය ජය ලැබීමෙන් පසු සතුටින් ඉපිළී ෙගාස් ඉදිරිපත් කළ රංගනයත් සමඟ ඔහු කාගෙත් කතා බහට ලක්වුණා. ඒ හින්දම සීකු එක්ක කතා කරන්න ෙහාඳම ෙවලාව ෙම්ක කියලා අපට හිතුණා.
ඕස්ෙට්‍ර්ලියානු විස්සයි20 තරගාවලියේ පිතිහරඹයත් සමඟ ඔබ ජනප‍්‍රිය වුණා නේද?
එම තරගාවලියේ පිතිහරඹය ගැන මම ගොඩක් සතුටු වුණා. ෙප්‍ර්ක්‍ෂකයෝ මා ගැන කතා කරන්න පටන් ගත්තා. එහිදී කණ්ඩායමක් හැටියට ඕස්ෙට්‍ර්ලියාව පරාජය කිරීමට ලැබීම මගේ දස්කම්වලට වඩා මට වටිනවා.
තරගය ජය ලැබීමෙන් පසුව ඔබගේ රංගනය පිළිබඳව බොහෝ දෙනා කතා කළා නේද?
ඔව්. ගොඩක් අය කතාකරනවා. මගෙනුත් බොහෝ දෙනෙක් ඇහුවා. ඒ රංගනය මීට පෙරත් මම තරගවල කරලා තියෙනවා. එංගලන්තයේදී ප‍්‍රාන්ත තරගයකදී ද මම එය කළා. නමුත් ඒ රංගනය අන්තර්ජාතික තරගයකදී මම ඉදිපත් කළ පළමු අවස්ථාව එයයි. ඒක විශිෂ්ඨ ජයග‍්‍රහණයක්. ඒ නිසා මට හිතුණා රංගනය කරන්න ඕනෙ කියලා.
ඒ රංගනයේ ආකාරයට නම් ඔබ පාසල් කාලයේ නර්තනය හදාරලා තියෙනවා වගේ නේද?
අපෝ මාර ප‍්‍රශ්නයක්නේ ඇහුවේ. කොහොත්ම නෑ. ඒ රංගනය මට නිරායාසයෙන්ම ඇඟට ආපු එකක්.
සීකුගේ ප‍්‍රසන්න මොනවගේ චරිතයක්ද?
හැමොත් එක්කම කතා කරලා, හිනාවෙලා, විහිළුවක් කරලා සතුටින් ඉන්න කෙනෙක්.
සීකුගේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස කලබල චරිතයක් කිවහොත් ඔබ පිළිගන්නවද?
ඔබ කියන එක ඇතැම් විට සත්‍ය විය හැකියි. නමුත් ඒ කලබලයෙන් ක‍්‍රීඩාවෙදී මට ලොකු සටන්කාමී ශක්තියක් ලැබෙනවා. කලබලය නිසා මට බොහෝ තරගවලදී සාර්ථක වෙන්න හැකි වෙලා තියෙනවා.
ඔබ කලබල කියපු දේ මම වෙන දිවියකට කිවහොත් ඒක මම ක‍්‍රීඩාවේදී හුරුවෙච්ච දිවිය. ඇත්තෙන්ම එය මගේ සාර්ථකත්වයට විශාල බලපෑමක් කරලා තියෙනවා.
කලබල නිසා එක්දින තරගයදී වේගවත් ශතකයක් අහිමි වුණා නේද?
නෑ. එහෙම කියන්න බෑ. අයර්ලන්තයට එරෙහිව ලකුණු 95 ක් ලබා සිටියදී දැවී ගියා. ඒ ඉනිමේදී මම පන්දු 46 කින් ලකුණු 95 ක් රැස් කළා. එහිදී මම මගේ ශතකය ගැන බැලුවෙ නෑ. මගේ කණ්ඩායමේ අවශ්‍යතාව ගැන තමයි බැලුවේ. මම හිතනවා එහිදී ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගත්තා තියලා.
එහිදී වුණේ කලබලය නොවෙයි. මම අවසන් පන්දු තුනේදී ආරක්‍ෂා වුණා මම හිතන්නේ. ඒ නිසා තමයි ශතකය අහිමි වුණේ.
ඕස්ෙට්‍ර්ලියානු සංචාරයේ පිතිහරඹයත් සමඟ යුද හමුදාවෙන් ලැබුණු උසස්වීම ගැන හිතෙන්නේ මොකක්ද?
ඒ ගැන ගොඩක් සතුටුයි. යුද හමුදා ක‍්‍රීඩකයකු හැටියට ඒ තනතුර මට ගොඩක් වටිනවා. මගේ දක්‍ෂතා ඇගයීමට ලක්කරලා ලැබුණු බලලත් නිලධාරී වටිනා ඉහළ තනතුරක්. ඒ ඉහළ තනතුරත් සමඟ යුද හමුදාවේ විනය ආරක්‍ෂාකර ගනිමින් තවදුරටත් ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.
යුද හමුදා පිලෙන් පසුගිය වසර කීපයේදී ක‍්‍රීඩකයන් තිදෙනෙක් ජාතික කණ්ඩායමට පැමිණීමට විශේෂ හේතුවක් ඔබ දකිනවද?
විශේෂයක් කියන්නේ යුද හමුදාවෙන් අපිට සියලුම පහසුකම් ලැබෙනවා. අපිට රාජකාරියක් පවරලා නෑ. ඒ නිසා අපිට ඕනෑම වෙලාවක පුහුණුවීම් කරන්න පුළුවන්. ඇත්තෙන්ම කිව්වොත් ක‍්‍රිකට්වලට අපේ සම්පූර්ණ කාලය යෙදවීමේ අවස්ථාව ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාවෙන් තමයි අපිට හොඳට පුහුණුවීම් කරලා ඉදිරියට යන්න අවස්ථාව ලැබුණේ.
ටෙස්ට් කණ්ඩායමේ නැවත අවස්ථාව ලැබුණොත් ඔබේ ක‍්‍රීඩා විලාසය වෙනස් වෙයිද?
මට ආවේණික ක‍්‍රමයක් තියෙනවා. ඒක මට කියන්න තේරෙන්නේ නෑ. මම ටෙස්ට් තරගයකට ක‍්‍රීඩා කරලා තියෙනවා. මාව හඳුන්වන්නේ පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් හැටියටයි. හොඳට පුහුණුවීම් කරලා ලැබෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය ගන්නවා.