2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

බොම්බයි මොටයි මාර රහයි

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

Youtube Hit හරහා අද කතා කරන්න Lol SL කියන Youtube channel එක ගැන. මේ Short Joke Story කරන Channel එකක්. Subscribe තියෙනවා පනස් හයදාහක් විතර. Video එක Like සාමාන්‍යය ලක්ෂයක් වගේ. වීඩියෝ එකක ධාවන කාලය ගොඩක් වෙලාවට විනාඩි තුනකට වඩා අඩුයි. වැඩේ පටන් අරගෙන තියෙන්නේ 2017 අග භාගයේ. සතියක වීඩියෝ එකක් වගේ තමයි එකතු වෙන්නේ. මේක Youtubers ලා දෙන්නෙක් එකතුවෙලා කරන වැඩක්. අපි අද එක වීඩියෝ එකක් විතරක් තනිකරලා ගත්තේ නෑ. ඒත් අන්තිමට දාලා තිබ්බ වීඩියෝ නම මැරතන්. ඒක ටිකක් කතාකරන්න අමාරු මාතෘකාවක් Joke එකක්.

මදුෂාන් මදනායක සහ නානායක්කාර කියන ප්‍රසිද්ධ චරිත දෙකක එකතුවෙන් තමයි මේ බොම්බයි මොටයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ දෙදෙනා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ස්පර්ශ කරමින් බිහිවුණ කලාකරැවන් දෙදෙනෙක්. ඒක නිසා සාමාන්‍යයෙන් අපි කතාකරන Youtubers ලාගේ නිර්මාණකරණයට වඩා පොඩි තාත්ත්වික බවක් Professional ගතියක් බොම්බයි මොටයිවල තියෙනවා. කොහොම වුණත් ඒක සාපේක්ෂ කාරණාවක්. ලකයි සිකයි වගේ Youtubers ලාගෙත් මේ ගුණාත්මක බව අපි දැකලා තියෙනවා. මෙතැනදී විශේෂයෙන්ම කතා සංකල්ප ගොඩනැගීම දෙබස් යොදාගැනීම වගේ දේවල් ඉතා හොඳින් වෙනවා කියන එක තමා අදහස. කෙටි බවත් එක්ක රස ආරක්ෂා කරගන්න එක ලේසි නෑ.

බොම්බයි මොටයි වීඩියෝකරණය සහ සංස්කරණ ගැන අපි මීළඟට බලමු. හොඳ කොලිටියක් තියෙනවා. අනිත් නිර්මාණකරුවන්ට වඩා ඉහළින් ඉන්නවා වගේ හැඟීමක් තමයි බොම්බයි මොටයි වීඩියෝව බැලුවාම අපට දැනුණේ. වෘත්තීය ශීල්පීන්ගේ දායක්වය එහි රහස වෙන්න ඕනෑ. සමහර වෙලාවට කතා සංකල්ප දුර්වල වෙන තැන සංස්කරණය, වීඩියෝකරණය භාවිතයෙන් ගොඩදාන බවක් අපි දැක්කා. ඒක බොහොම සුවිශේෂී හැකියාවක් කියලයි Youtube Hit ගැන කතාවේදී අපි සිතුවේ. Graphic එහෙම භාවිතා කරපු නිර්මාණත් තිබ්බා ඔවුන්ගේ එකතුවේ.

මේ කෙටි වීඩියෝ ඇතුළේ මදනායක සහ නානාගේ ඉහළ රංගන හැකියාවන් ගැන අමුතුවෙන් විශ්ලේෂණය කරන්න දෙකක් නෑ. ඔවුන් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම රංගන ශිල්පීන්. බොම්බයි මොටයිලා මෝඩ Jokeකාරයෝ නෙවෙයි. අවුල් ජෝක් තියෙනවා. ප්‍රබලතාව අඩු ඒවා. ඒකත් අපි දැක්කා සහ ඒකත් Youtube Hit සංවාදයේදී අපි කිව යුතුයි. පොදුවේ ඒ හැරුණුකොට වෙන අඩුපාඩු දුර්වලතාවක් නම් දැක්කේ නෑ. පොඩි ගැටලු තියෙනවා සාපේක්ෂව Lol SL අපිට හිතෙන විදිහට ලංකාවේ Hit Youtubers ලා අතරින් දෙවැනි පෙළ ඉන්නේ. සංවර්ධනය වෙන අවදියක වගේ. හැබැයි ඔවුන් වාණිජ පරමාර්ථයෙන්ම ඒ පස්සේ විතරක් දුවන ගතියක් නෑ. ගමන හිමින් වුණත් දිගු ගමනක් යයි කියලායි ඉතින් අපිට හිතෙන්නේ.

 

► Text - Nisal   /   Pic – Internet