01. ශාරුක් ඛාන්
මෙන්න මේ බොලිවුඩයේ රජ කරන කිං ඛාන් කියන තාත්තාට නම් නිවසේ ආහාර ගැන වද වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද එයාගේ අම්මා වගේම තාත්තාත් හොඳ කුක්ලා දෙන්නෙක් බව තමයි ආරංචිය. ඒ දෙන්නම ඕනම කෑමක් බීමක් ඉතාම රසවත්ව හදන්න දැනගෙන ඉඳලා තියෙනවා. ශාරුක්ගේ තාත්තා පතාන් ගොඩාක් වියළි කෑම වට්ටෝරු හදද්දී ඔහුගේ අම්මා හයිද්‍රාබාදි කෑම රහට හදලා තියෙනවා. මට්න් බිරියානි සහ ඛට්ටි දාල් කියන්නේ අම්මා හැදූ කෑමවලින් දෙකක් විතරයි. ශාරුක් කුඩා කාලේ ඉඳන්ම ආදරය කරන කැමතිම කෑමක් තමයි තන්දුරී සහ ග‍්‍රිල් චිකන් කියන්නේ. එයා කොච්චර ඒවට ඇබ්බැහි වෙලා තියෙනවද කියනවනම් වසරේ දවස් 365ම දුන්නත් ඒවා කන්න පුළුවන් කියලා ඔහු කියනවා. ඔහුගේ සතුටේ සහ තෘප්තිමත් සිනාවට ක‍්‍රිස්පි සහ ජූසි චිකන් හේතුවක් බවත් ඔහු කියනවා.
මවගේ උපදෙස් - මෙන්න මේ කෑම කන්න කැමති දරුවෙක්ගේ මවකට තියෙන අභියෝගය වෙන්නේ සෞඛ්‍ය සම්පන්න විදියට කුකුළු මස් තෝරා ගැනීමත් කුකුළු මස් වෙනුවට බිත්තර සහ මාළු වැනි වෙනත් ප්‍රෝටීන් ප‍්‍රභවයන් තමන්ගේ දරුවන්ට ලබාදීමට කටයුතු කිරීමත් බව තමයි ශාරැක්ගේ මව කියා තියෙන්නේ.
02. මධුරි දික්ෂිත්...
මධුරි කියන්නෙ නිරන්තරයෙන් තමන්ගේ අහාර ගැන සැලකිල්ලක් දක්වන කෙනෙක්. එයා රසවත් ආහාර වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න කෙනෙක්. ඔබත් මධුරි වගේ ආහාර වේලක් පිළියෙළ කරගන්න හදනවනම් ඒකනම් ටිකක් අමාරු වැඩක්. ඇගේ ප‍්‍රියතම ආහාරය වෙන්නේ මාළුවලින් හදන ආහාර වට්ටෝරුවක්. ඒක ක‍්‍රීම් ෆිෂ් කරි එකක්. එයා ගොඩාක් මාළු කන්න ආස කෙනෙක්. ඇත්තම කියනවනම් මධුරිගේ ඒ මාළු කරි එක කන්න ලැබෙනවනම් ලෝකෙ තියෙන කිසිම කෑම බීමක් ඒකට දෙවැනි වෙන්නේ නැහැ කියලයි තතු දන්න අය කියන්නේ.
ඉඟිය - ඔබ නිර්මාංශිකයෙක් වුණත් ඔබේ දරුවාට මාළු ආහාරයට දෙන්න අපි නිර්දේශ කරනවා. මාළුවලින් ඔබගේ දරුවාට බොහෝ ප්‍රෝටීන ප‍්‍රමාණයක් ලැබෙන අතර මධුරි උපක‍්‍රමයක් විදියට කරන සතියකට එක් වරක් හෝ පීසා සහ බර්ගර් පමණක් ආහාරයට ගන්න.
03. රිතික් රෝශන්...
බොලිවුඩයේ හොඳම තාත්තා කෙනෙක් විදියට ප‍්‍රසිද්ධ රිතික් හැදී වැඩී තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් අනුභව කිරීමෙනුයි. ඔහගේ හැඩි දැඩි සිරුර ගැන ඔබට මතකනේ. රිතික්ටත් ළමා කාලයේදී ඔහුගේ මව අනෙක් අම්මලා වගේම කෑම කවන්න ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. රිතික් කන්න කැමතිම කෑම මොනවද කියලා ඇහුවම ඔහු කියන්නේ උණු උණු සමෝසා කියලයි. සමෝසා දුසිමක් දුන්නත් ඒක එකපාර කන්න පුළුවන් කියලයි ඔහු කියන්නේ. රිතික් පුංචි කාලේ පාන් පුඩිං හදන්න ඔහුගේ අම්මා ඔහුවත් හවුල් කරගෙන තියෙනවා. ඒ ඔහුට අවුරුදු හතර වගේ කාලේ ඉඳන්. රිතික් රෝශන්ගේ අම්මා හදන කැරමල් කස්ටර්ඩ් එකටත් රිතික් ගොඩාක් ආසයිලු.
ඉඟිය - විනෝදයෙන් ඉන්න ගමන් කෑම වර්ග මතක තියාගන්න. කෑමවල පින්තූර ඡායාරූප ගත කරන්න. කෑම වර්ග ගැන කතාබහ කරන්න. අවුරුදු ගාණකට කලින් තමන්ගේ මව විසින් හදා දුන්න ආහාර ගැන ඔවුන් උස් මහත් වුණු පසුත් මතක් කරමින් ඒ මිහිරි ළමා කාලයේ මතකයන් ගැන ඔවුන් කතාබහ කරාවි තම හිත මිතුරන් එක්ක.
04. අමීර් ඛාන්...
මේ තාත්තාගේ පරිපූර්ණත්වය ඔහුගේ වැඩ රාජකාරිවලට විතරක් සීම වුණා කියලා ඔබ හිතුවනම් ඔබ මේක කියවලම බලන්නකෝ. අමීර් ඔහුගේ මුග්ලායී කෑම ගැන විශේෂයෙන් සඳහන් කරන අතර ඔහු එය අගය කරනවා. නමුත් ඒ කෑම රාජකීය විදිහට හදන්න ඕන කියලයි ඔහු කියන්නේ. මුග්ලායී ආහාරවලින් අමීර්ට ඔහුගේ ළමා කාලය සිහිගන්වන අතර බිරියානි බාද්ශාහී, ශාහී රෝගන් ජෝෂ් වගේ ආහාර ගැන මතක් කරන ගමන් අමීර්ගේ හිත සතුටින් පිරී යනවලු. ගින්නෙන් පුළුස්සා පිසින ලද ආහාර බිහාර්වල විශේෂත්වය වන අතර රසවත් ලීතී චොකා පිඟානක් කන්න තියෙනවනම් ඔබටත් ඒ රහ මතක කරන්න කවදාවත් බැරිවෙයි කියලා කියන්නේ අමීර්ම තමයි.
05. අක්ෂය කුමාර්...
අමීර් වගේ ආක්ෂය සතුටු වෙන ආහාර වර්ගයකුත් තියෙනවා. ඒ මොනවද දන්නවද? ඒ තමයි තායී ග‍්‍රීන් කරි. ආක්ෂය නළුවෙක් වෙන්න කලින් තායිලන්තයේ සූපවේදියෙක් විදිහට කටයුතු කළානේ. අන්න ඒ නිසාද කොහෙද ඔහු වඩාත්ම ප‍්‍රිය කරන කෑමක් තමයි තායි ගොර්නෙකරි කියන්නේ. උණුවෙන් කුළුබඩු එක්ක නැගෙන සුවඳින් මේ තාත්තාගේ රස නහර පිනා යන බවයි ආක්ෂය කියන තාත්තා කියන්නේ.
ඉඟිය - ආක්ෂය දෙන ඉඟිය වෙන්නේ නම්‍යශීලීභාවයයි. ඔහු ආහාර පිසීමේදී කිසිඳු නීති රීතියක් අනුගමනය නොකරන අතර ඔහුගේ පරිකල්පනය හා ආශාව මත ආහාර රහ බලනවා. ඒක තරම් හොඳ උපදෙසක් හෝ ඉඟියක් තවත් මේ ලෝකේ තියෙනවද මව්වරුන්ට.
06. ඵෙශ්වර්යා රායී භච්චන්...
මේ බොලිවුඩ් මව ආහාර ගැනීමේදී දරුවෙක්ට ආදර්ශයක්. එයා තමන්ගේ අම්මාට මුළුතැන්ගෙයි වැඩවලට උදවු කළ කෙනෙක්. අම්මා ඉවුම් පිහුම් කරන විදිහ බලා ඉඳලා ඇයත් ඉවුම් පිහුම් කරන්න ඉගෙනගෙන තියෙනවා. උස් මහත් වෙද්දී ඇය තෘප්තිමත් කරන්න අනං මනං ඕන වෙලා නැහැ. පරිප්පු, මාළු හෝ කුකුල් මස් ව්‍යංජනයක් ආහාරයට තිබුණනම් එයා සතුටු වෙලා තියෙනවා. මේ සිහින කුමරිය අද වෙනකොට දකුණු ඉන්දියාවේ පැණිරස කෑම, මෝන්ගෝලියන් කෑම පවා හදන්න පුළුවන් හොඳ ගෘහණියක් ද වෙනවා නිළියක් වගේම.
ඉඟිය - කුඩා දරුවන් පාට පාට සීනි සහිත ආහාර වර්ග වෙත ආකර්ෂණය වන බව අපි හොඳින් මතක තියාගන්න ඕන. එය ජීව විද්‍යාත්මකව සිද්ධ වෙන දෙයක්. එනිසා සෞඛ්‍ය සම්පන්න සරල ආහාර වර්ග වගේම අඩු කැලරි සහිත අතුරුපසක් හෝ යෝගට්, අයිස්ක‍්‍රීම් වගේ දෙයක් රාත‍්‍රී ආහාර වේලට එකතු කරගන්නත් ඔබ සිහියේ තබාගන්න එක හොඳයි.
07.කරිෂ්මා කපූර්...
මේ පන්ජාබි අම්මා හැදී වැඩුනේ මේ ආහාරවලට ආදරය කරන පවුලක කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඇය පන්ජාබි ආහාරවල සිට නිර්මාංශී ආහාර දක්වාත් එතනින් නොනැවතී වීදි ආහාර සහ දිල්ලියේ ආහාර දක්වාත් උතුරු ඉන්දියානු ආහාරවලටත් ප‍්‍රිය කරන කෙනෙක්. කරිෂ්මගේ අම්මා එයා කන්න කැමතිම දාල් චාවල් රහට හදලා දීලා තියෙනවා. රසවත්ව නිර්මාංශීව හදලා තියෙනවනම් නම් ඇය ඕනම කෑමක් කන්න කැමති කෙනෙක් කියලා කරිෂ්මගේ අම්මනම් කියලා තියෙනවා.
ඉඟිය - නිර්මාණාත්මක්ව ආහාර පිසීමෙන් ආහාරවලට විවිධත්වයක් ගෙනදෙනවා. උදාහරණයක් විදිහට කියනවනම් කරිෂ්මා සාම්ප‍්‍රදායික කෑම රසවත්ව අත්හදා බලමින් තමන්ගේ දරුවන්ටත් තමන්ගේ අම්මා වගේ පෝෂණයත් එක්ක ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ එළවළු කරි වෙනුවට වළවළු ටෝස්ට් කරලා හරි බේක් කරලා හරි හෝ අර්තාපල් චිපස් විදිහටත් පාන්වලින් පාන් පුඩින් වගේ වෙනස් විදිහට අතුරුපස වගේ හදලා ඇය තම දරුවන්ට දෙනවා. ආහාර නිර්මාණශීලී විදිහට දෙන්න ඔබත් උත්සාහ කරන්න.
08. ශහීද් කපූර්...
මේ තාත්තාටනම් හැමෝම අඳුනගත්ත දුර්වලතාවක් තියෙනවා. සමෝසා පිඟානක් හෝ භජියා එක්ක වැස්ස වහිද්දී උණු තේ කෝප්පයක්. වහිනකොට ඔහුට ඒවනම් ඕනමයි. ඒ කෑමනම් සෞඛ්‍යසම්පන්න නැහැ කියලා කාටවත් කියන්න බැහැ. ශහීද් විවිධ කෑම බීම රහ බලන්න කැමති කෙනෙක්. විශේෂයෙන්ම චීන කෑම, කුළුබඩු වැඩිපුර දාලා හදලා තියෙන කෑම වර්ග රහ බලන්න ඔහු වැඩි කැමැත්තක් දක්වනවා.
ඉඟිය - ඔබගේ නිවසේ ආහාර වගේ චයිනීස් ආහාර විකුණන කඩවල ආහාර පිරිසිදු නෑ, සෞඛ්‍ය සම්පන්න නෑ කියලා ඔබ පවසාවි. ඔව් එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ චයිනීස් කෑම නිවසේදීම පිළියෙළ කරන එක නේද? ෆුට්පාත් කෑම එහෙම නැත්නම් මග තොටේදී හමුවෙන කෑමවල රහ බලන එකක් නැහැ නිවසේ කිසිවෙක් ඒ කෑම බීම නිවසේ මුළුතැන්ගෙයි හදනවනම් නේද?
09. ඉම්රාන් ඛාන්...
මේ තාත්තා කෑම උයන්න වගේම කෑම කන්නත් රැසියෙක්. ඔහු බොහෝ වෙලාවට කෑම තමන්ගේ පවුලේ අය වෙනුවෙන් හදන කෙනෙක්. ගම්මිරිස්, කුරුඳු ඇතුළු කුළුබඩු දාලා සැර රහට ඉම්රාන් කෑම හදන කෙනෙක්. ඉම්රාන් කෑම හදද්දී ඔහුගේ වට්ටෝරු විදිහට හතු වර්ග වගේම කෝන්ෆ්ලවර් වගේ දේවලුත් එකතු කරගන්නවලු. ඔහු විදේශීය කෑම වර්ග විතරක් නෙවෙයි තමන්ගේ බිරිඳට සහ දියණියට ඔහු රාජ්මා වගේ දේශීය ව්‍යාංජනත් රහට හදලා දෙනවලු. ඒත් ඒවට ගම්මිරිස් වැඩිපුර දාන්නනම් අමතක කරන්නෙම නැහැ. විවිධ අත්හදා බැලීම් කරමින්ම කෑම හදන්න උත්සාහ කරන ඉම්රාන් බත්, පරිප්පු එක්ක තඩකාත් හදනවලු ඉම්රාන් නටම ආවේණික විදිහට විවිධ වර්ගයේ ගම්මිරිස් වැඩිපුර දාලා.
ඉඟිය - ඔබගේ දරුවාට නිවසේ ආහාර තරම් වෙන කිසිම තැනක ආහාර පාන වර්ග හොඳ නැති බව උගන්වන්න. නිවසේ ආහාරම ගන්න පමණක් දරුවාට පුරුද්දක් ඇති කරන්න. පිටතින් ආහාර පාන ඇණවුම් කරන වාර ගණන සීමා කරන්න. ඔබේ දරුවන් ඔබෙන් මුළුතැන්ගෙයි නවෝත්පාදන සහ රසවත් දේවල් කරන්න ඉගෙනගන්න බව අමතක නොකරන්න.
10. ශිල්පා ශෙට්ටි...
ඔබ බර අඩුකරගන්න විතරක් නෙවෙයි තරැණ වියේම ඉන්න කැමති කෙනෙක්නම් ඔබ අනුගමනය කරන්න ඕන ශිල්පා. ගර්භණී භාවයෙන් පස්සේ මේදය ඉතාම ඉක්මනින් නැති කර ගැනීමට මේ අම්මා සමත් වූ අතර ඇය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වගේම ව්‍යායාමත් අනුගමනය කෙරන කෙනෙක්. නමුත් ශිල්පාගෙත් එක දේකට ලොකු දුර්වලකමක් තියෙනවා. ඒ තමයි ඇගේ මව විසින් හදන කුළුබඩු අධික මෑ කරල් ව්‍යංජනය. ඇය දැන් නිර්මාංශ ආහාරවලට වඩිපුර ප‍්‍රියතාවයක් දක්වන අතර ඇගේ පිඟානේ උදෑසනට අලෙවි වන හොඳම ආහාර වෙන්නේ සාම්බාර් සමඟ මෘදු රාවා ඉට්ලී, පොල් හකුරු මිශ‍්‍රණය සහ කොත්තමල්ලි මින්ට් චට්නි එකයි.
ඉඟිය - සතියේ එක දිනයක් විශේෂ කරගන්න බලාගන්න ඔබත්. ඔබට ඔබගේ කුඩා දරුවා වෙනුවෙන් ඉරිදා උදෑසන සකස් කළ ආහරය කුමක්ද කියා මතකයිද? එදාට ඔහු හෝ ඇය කැමතිම ආහාරයක් ලබා දෙන්නත් අමතක කරන්න එපා. එදාටවත් දරුවා කැමති චොක්ලට් වගේ ආහාර ලබා දී සතියේ ඉතුරු දින ආහාර වේල්වලට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායි ආහාර පමණක් ලබා දෙන්න උත්සාහ කරන්න.
11. අභිෂේක් භච්චන්...
අභිෂේක්ගේ රස නහර පිනා යන්න වැඩි දෙයක් ඕන නැහැ. ඔහුට රාජ්මා චාවල් තිබුණනම් ඊට වඩා දෙයක් නැහැ. මේ උතුරු ඉන්දියානු ආහාර වට්ටෝරුව නිවසේදී නැවුම්ව හදාගත්තම වඩා විස්මයජනකයි. අභිෂේක් ද ආහාර පිසින්න කැමැත්තක් දක්වන අතර දහී චිකන් කරි එක තමයි ඔහු හදන්න කැමතිම ආහාර වට්ටෝරුව වෙන්නේ. ඔහු මෑතකදී ෆාරා ඛාන්ගේ ඉවුම් පිහුම් වැඩසටහනේදී කුළුබඩු තලලා දාලා ඒ කෑම වට්ටෝරුව හදලා තියෙනවා. අභිෂේක්ගෙයි ඵෙශ්වර්යාගෙයි කෑම වට්ටෝරු මැද්දට කුඩා ආරාධ්‍යා අහුවුණාම කොයිවගේ වෙයිද කියල, ඔබම හිතාබලන්නකෝ.
ඉඟිය - මුළුතැන්ගෙයි ඉවුම් පිහුම්වලට ඔබගේ දරුවා සහභාගි කරවාගන්න දරුවන් දිරිමත් කරන්න. අර්තාපල් සුද්ද කරන්න සලාද තෝරන්න වගේ දෙවල්වලට ඔවුන්ව හවුල් කරගන්න. අම්මයි තාත්තයි දෙන්නත් එක්ක ඔවුනුත් මුළුතැන්ගෙයි වැඩට ඔබට සහය දෙන්න එකතු වෙයි සතුටින්.
12. අජේ දේව්ගන්...
අජේ දේව්ගනුත් ආහාර ගැනීමට තරම්ම ආහාර පීසීමටත් ප‍්‍රිය කරන කෙනෙක්. ඉන්දියානු සහ මුග්ලායි කෑම ඉඳන් චීන කෑම දක්වා සියල්ල ඔහුට උයන්න පුළුවන් අතර බොහෝ විට ඔහු තමන්ගේ පවුලේ අය වෙනුවෙන් රසවත් කෑම වට්ටෝරු සකසන්න උත්සාහ කරනවලු. කොයි වගේ කෑම කෑවත් කොයි වගේ කෑම හැදුවත් තාමත් ඔහුගේ හිත ගාව තියෙන්නේ උතුරු ඉන්දියාවේ කෑම වන චොල් භාතුර් සහ ඛිච්ඩිවල බව තමයි ඔහු කියන්නේ. ටිකින් ටික උස්මහත් වෙද්දී අජේ ආහාර ගැනීමේ අමුතුම පුරුද්දක් ඇතිකරගෙන තියෙනවා. ඔහු ආහාර ගනිද්දී ගෑරුප්පුවක් හා පිහියක් පාවිච්චි කරනවා කොයි දේ කන්න තිබුණත්. ඇඟිලි ගඳ ගහයි කියන බය හින්දා ඔහු චපාති කන්නවත් තමන්ගේ අත පාවිච්චි කරන්නෙ නෑ කියලා වාර්තා වෙනවා.
ඉඟිය - දරුවන්ට කෑම මේසයේදී යහපත් පුරුදු ඇති කරන එක ගොඩාක් හොඳ දෙයක්. හැඳි, ගෑරුප්පු, පිහිය හරියට පාවිච්චි කරන හැටි ඔවුන්ට කියා දෙන්න. කලබල නොවී ආහාර ගන්න හැටි කියාදෙන්න.
► Translation — Chandana Waravitage